![]() ![]() |
||
දුර ධාවකයාගේ දරු සෙනෙහස
"දරුවා පුතෙක්! මගේ පවුලේ අනෙක් අයට මම ඔහුව හඳුන්වා දෙන්නේ පුදුමාකාර සතුටකින්. අම්මත්, පුතාත් දෙන්නම හොඳ සනීපයෙන් පසුවෙනවා. මගේ ගෙදර ඉන්න පොඩි කෙල්ලෝ ටික එයාලගේ බිලිඳු මල්ලී දැකගන්න පුදුම විදියට යුහුසුළුව ඉන්නේ. සියලු ආකාරයේ පණිවිඩ සහ සුබ පැතුම් එවූ හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා" ෆාරා Hello සඟරාවට මේ කතාව කියා දැන් සෑහෙන දවසක් ගතව ඇති නිසා මො ගේ ගෙදර ඉන්න පොඩි කෙල්ලන්ට දැන් ඔවුන්ගේ පුංචි මල්ලී හමුවී හමාර බවට සැකයක් නොවේ. ඔහුගේ ගෙදර තත්ත්වය මේ වන විට කෙබඳුදැයි කිසිවක් දැනගන්නට නැත. මො, සම්මානලාභී ආදරණීය තාත්තා කෙනෙකි. අප එසේ කියන්නේ 'කීර්තිමත් තරු අතර වසරේ පියා' යන සම්මානය 2013 වසරේදී ඔහු දිනා ගත් නිසාය. පුතා ඉපදුණු සතුටත් සමඟ මේ සම්මානය ගැන ආවර්ජනයක යෙදෙන්නට මොට යළි අවස්ථාව ලැබිණ.
"මම මලල ක්‍රීඩකයෙක් වෙන්න හැමවිටම පුහුණු වෙනවා. නමුත් තාත්තා කෙනකු වන්නට ලැබීය
හැකි පුහුණුවක් කොතැනකවත් නැහැ. ඒ නිසා තාත්තා කෙනකු වීම ගැන මම හැමවිටම ඉගෙන
ගනිමින් ඉන්නේ. සම්මානය ලැබීමෙන් මට හැඟෙන්නේ මම හරියටම හරි දේ කරනවා කියන එක" යැයි
ඔහු Hello සඟරාවට පවසා තිබිණ. පුහුණුවීම්වලට සහ තරගවලට සහභාගිවන්නට මො නිතර නිතර විදේශ සංචාරවල නියැළෙන බැවින් ළමයින්ගේ බර බොහෝදුරට තමන්ට තනිවම දරාගන්නට සිදුවන බව මො ගේ බිරිය පවසා තිබිණ. එසේ වෙද්දී මො සම්මානලාභී තාත්තා කෙනෙකු වන්නේ කොහොමදැයි ඔබ සිතනවා ඇත. ඇත්තටම කිවහොත් කොහේ කොතැනක ගියත් ගෙදර ආ වෙලාවට දරුවන් ගැන වැඩිපුරම හොයා බලන්නේ මො ෆාරායි. ලෝකයේ කුමන රටක සිටියත් නිවාඩුවක් ලද සෑම වේලාවකම දුරකතනයෙන් හෝ ස්කයිප් මඟින් හෝ දරුවන්ට සහ බිරියට කතා කිරීම මොගේ පුරුද්දය. එසේ බලනවිට ඔහු කාර්යය, බහුල එහෙත් සංවේදී සිතක් ඇති පියෙකි. 2010 වසරේ මො විවාහ වූයේ දිගුකලක් ඔහු පෙම් කළ ටානියා නෙල් නැමැති බ්‍රිතාන්‍යය ජාතික කාන්තාව සමඟයි. ටානියා ඔහුගේ සෙවණට පැමිණියේ ඇගේ පළමු සම්බන්ධයක දැරියකද කැටුවය. ටානියා මො ට දාව නිවුන් දියණියන් දෙදෙනෙකු ප්‍රසූත කළේ විවාහයෙන් දෙවසරකට පසුවයි. පිටස්තරයකුට දාව ටානියා පළමුව වැදූ දියණියට වුව කිසිදු වෙනසක් නොදක්වා තමන්ගේම දරුවකු මෙන් බලා කියාගන්නට ඉදිරිපත්වීම මෝ තුළ පවත්නා විශිෂ්ට මිනිස් ගතිගුණ විදහා දක්වන්නකි. මොගේ සිතේ දරුවන් සම්බන්ධයෙන් එවැනි හැඟීමක් ඇතිවී තිබෙන්නේ ඔහු දරුවන් නිසා අසීමිත සතුටක් ලබන කෙනෙකු බැවිනි.
ඔහු තුළ පවතින ඒ සතුට
කොතරම්ද යන්න නිවුන් දියණියන් උපන් මොහොතේදී තමන් අත්විඳි බව ටානියා නෙල් පවසන්නීය.
දියණියන්ගේ උපත සිදුව තිබෙන්නේ 2012 ඔලිම්ික් ක්‍රීඩා උළෙල අවසන්වීමත් සමඟයි. ඒ වන
විට මො දිගු දුර ධාවනය වෙනුවෙන් ඔලිම්පික් රන් පදක් තවමත් තිස් දෙහැවිරිදි වියේ පසුවන මො ට ජීවිතයේ ගැඹුර තේරෙනවාට සැකයක් නැත. එයට හේතුව ඔහු ශීතල එංගලන්තයට පා තැබුවේ ගිනි සැරට රත්වන කාන්තාර සහිත දිළිඳු සෝමාලියාවේ සිට බැවිනි. මොගේ එංගලන්ත ගමන පවා අතිශය වේදනාකාරී එකක් බව දන්නේ අල්පයක් තරම් වූ පිරිසකි. මො බ්‍රිතාන්‍යයට පැමිණෙන විට පසුවුණේ අට හැවිරිදි වියේය. මොගේ මවුපියන්ට වුවමණා වූයේ මො සහ මොගේ නිවුන් සොයුරා හසන් දෙහැවිරිදි වියේ පසුවුණු මොගේ මල්ලිත් කැටුව බ්‍රිතාන්‍යයට පැමිණෙන්නට. නමුත් හිටි අඩියේම වාගේ හසන් අසනීප විය. සුවවන ආකාරයක් නොපෙන්වූ නිසා හසන්ට ජිබුටි රාජ්‍යයේ සිටි ඥාතියකු භාරයේ තබා අනෙක් පිරිසට බ්‍රිතාන්‍යය බලා එන්නට සිදුවිය. බ්‍රිතාන්‍යයට පැමිණි මවුපියෝ හසන් ගැන සොයා බලන්නට ඥාතීන්ව ඇමතූහ. අවාසනාවකට මෙන් ඔවුන්ට ඒ ඥාතීන්ව සම්බන්ධ කර ගන්නට නොහැකි විය. ඥාතීන් ඔවුන් පදිංචිව සිටි පෙදෙස හැරදා වෙනත් පෙදෙසක පදිංචියට ගොස් තිබීම එයට හේතු විය. ඥාතීන් පදිංචිව සිටි ජිබුටි රාජ්‍යය වෙත පැමිණි තාත්තා හසන් සොයාගැනීමට අපමණ වෙහෙසක් ගත්තේය. නමුත් ඒ සියල්ල අසාර්ථක විය. අන්තිමට මවුපියන්ටත්, මො ෆාරාටත් මල්ලීටත් ඉතිරි වුණේ හසන් ගැන මතකයක් පමණි. එතැන් පටන් දොළොස් වසරක් යන තුරු මො සහ හසන් යන නිවුන් පුතුන් දෙදෙනා හැදෙන්නෙ වැඩෙන්නේ එකිනෙකුගෙන් වෙන්වය. ඒ කාලය තුළදී බොහෝ දේ සිදුවිය. මො තමන්ගේ ගමන යන්නට දිගු දුර ධාවනය තෝරාගෙන තිබුණේය. අඩුම තරමින් තම පවුලේ කිසිවකු දකින්නටවත් අවස්ථාවක් නොලද හසන් විදුලි සංදේශ ඉංජිනේරුවරයකු වන්නට අවශ්‍ය පසුබිම සකසාගෙන තිබුණේය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |