පොත් පුවත්

දීපා
කර්තෘ - ජයකොඩි සෙනෙවිරත්න
මිල - රු.
ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
කුල හා ආර්ථික සමාජ පරතරයක් සහිත මැද පන්තියේ පවුල් දෙකක වැඩිහිටි ශිෂ්‍යයකු
හා දක්ෂ ක්‍රීඩිකාවක අතර හටගත් ගැටුම් බහුල ප්‍රේම සම්බන්ධයක හැඩ රුව ‘දීපා’
මඟින් ඉස්මතු වෙයි. ‘දීපා’ වූ කලී ජයකොඩි සෙනෙවිරත්නගේ මුල් කාලීන නිර්මාණයක්
වන අතර එය මුලින් ම ලියැවී ඇත්තේ 1971 වසරේදී ය.
අංචිය
කර්තෘ - චන්ද්‍රසිරි පල්ලියගුරු
මිල - රු. 275
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
සිංහල සාහිත්‍යය පෝෂණය කරමින් සිටින අපගේ දෙටු මහැදුරන් අතර මුල් පෙළෙහි ම
සිටින කතුවරයාණන්ගේ නවතම නවකතාවයි. ඉතා අඩු ලේඛක අවධානයක් ලබමින් දේශීය
නිෂ්පාදන ආර්ථිකයට මෙන් ම ජාතික පෝෂණයට ද සුවිශාල දායකත්වයක් සපයන ධීවර
ප්‍රජාව අද්‍යතනයේ මුහුණ පා සිටින ප්‍රවණතාවන් ඔවුන්ගේ ජීවන රිද්මයට අනුගතව
වදන් සිතුවමට නඟන්නට ගත් ප්‍රශස්ත ප්‍රයත්නයක් ලෙස අපට මේ කෘතිය හඳුනාගන්නට
පිළිවන.
ළදරු
පාසල් අධ්‍යාපනය
කර්තෘ - ඩී. සී. ද පෙරේරා
මිල - රු. 200
ප්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ
ළදරු අධ්‍යාපන දර්ශනය, ළමා සංවර්ධනය, ළදරු පාසල් ආකෘති වැනි විෂය
අන්තර්ගතයක් සහිතව සකස් කළ කෘතියකි. කතුවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී
ළදරු පාසල් ගැන ලබාගත් දැනුම ද මේ කෘතියට පාදක වී තිබේ.
ශ්‍රී ලංකාවේ ළදරු පාසල් විකාශනයේ සිට අධ්‍යාපන දාර්ශනිකයෝ, ළදරු පාසල්
පරිසරය, ළදරු පාසල් ආකෘති, විෂය මාලාව, ළදරු හැකියාවන්, ළදරු පාසල් ගුරු
නිපුණතා හා දෙමාපිය සබඳතා යන අංශ කෙරෙහි මේ කෘතියෙහි අවධානයට ලක් වී තිබේ.
වැස්සටත්
නැති ලිහිණි
කර්තෘ - චරිත් ගුණරත්න
මිල - රු. 150
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.
කතුවරයා වරින්වර තම ජීවිතයට එකතු වූ අත්දැකීම් අනුසාරයෙන් එය වෙනස් මඟකට
පෙරළා කවි ලෙසින් සමාජය ඉදිරියේ තබා තිබේ. ඒ කවි සියල්ල ලියැවී ඇත්තේ සයිබර්
අවකාශයේය. වෙන තැනක ලියැවෙනවාට වඩා සයිබර් අවකාශයේ ලියැවෙන කවිවලට නූතන
පරම්පරාව ආශක්ත ය; ඒ ගැන විවිධ දේ ලියා තබන්නේ ය. එය කවියාට උත්තේජනයක් සපයා
ඇති බව පෙනේ. ඔහු තම අනන්‍යතාව සොයා ගන්නේ නම් යහපත් ඉදිරියක් ඇති බැව්
විශ්වාසය.
සිංහල සාහිත්‍ය සංග්‍රහය රස විඳුම - 10
වසර
කර්තෘ - ජී. ජී. ආරියවතී මැණිකේ
මිල - රු. 350
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට නියමිත සාහිත්‍ය සංග්‍රහයේ
ඇතුළත් පැරැණි හා නූතන සාහිත්‍ය කොටස් සිසුන්ට වඩාත් පහසුවෙන් තේරුම් ගැනීමට හා
රස වින්දනයට උදවු වන උපකාරක කෘතියකි.
10 වසරේදී සිංහල සාහිත්‍ය විෂය සඳහා ඉගැන්වීමට නියමිත පාඩම් 7 පිළිබඳ
අර්ථාවබෝධය, අන්තර්ගතය, රසාස්වාදය හා ප්‍රශ්න සඳහා පිළිතුරු වශයෙන්
සංගෘහිත ව මේ කෘතිය රචනා කොට තිබේ.
මහාචාර්ය රිසිමන් අමරසිංහෙගන් කෘති 10 ක්
මහාචාර්ය රිසිමන් අමරසිංහ මහතා විසින් රචිත ග්‍රන්ථ 10ක් පසුගිය දා ජනගත
කෙරිණි. ආචාර්ය සිටිනාමළුවේ සුධම්ම ස්ථවිරයන්ගේ ප්‍රධානත්වයෙන් විද්වතුන්
ලේඛකයන්, කවියන්, රැසකගේ සහභාගිත්වයෙන් සීදුව ‘අමර මැදුරේ’
ශ්‍රවණාගාරයේදී මේ උත්සවය පැවැත්විණි.
එහිදී ඓතිහාසික සීතාවක (ගොඩගේ ප්‍රකාශනයකි) සිටිනාමළු සඟ පරපුර (කර්තෘ
ප්‍රකාශනයකි) සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතියේ ද සමහර අංශ පිළිබඳ
විමර්ශනයක් (කර්තෘ ප්‍රකාශනයකි) Munidas Kumarathung and Criticism of Poetry
(කර්තෘ ප්‍රකාශනයකි), සිංහල ප්‍රශස්ති සහ හටන් කාව්‍ය, පිළිබඳ සමාජීය
සාහිත්‍යමය අධ්‍යයනයක් (ගොඩගේ ප්‍රකාශනයකි) Asia's Profourd Aurhor
Munidasa Kumarathunga (ගොඩගේ ප්‍රකාශනයකි) Research
on some Doctrinal Aspects
of Ramanuj Charya (Research) (ගොඩගේ ප්‍රකාශනයකි). සිංහල සන්න අටුවා පිළිබඳ
සමාජිය සාහිත්‍ය පර්යේෂණයක් (ගොඩගේ ප්‍රකාශනයකි) සිංහලයාගේ සුලමුල (ගොඩගේ
ප්‍රකාශනයකි) An Analytical Research of
Mulsikha (සමයවර්ධන ප්‍රකාශනයකි.)
ශ්‍රී ලංකාවේ සිංහල සමාජයේ
අවාහ විවාහ සංස්ථා
මාධ්‍යයේදී ලෙනින් අමරවික්‍රමගේ ‘ශ්‍රී ලංකාවේ සිංහල සමාජයේ අවාහ විවාහ
සංස්ථා’ කෘතිය පසුගියදා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා
මණ්ඩලයේදී ජනගත විණි.
මෙහි ප්‍රමුඛ දේශන පැවැත්වූයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත්
ජයමාන්නයන් විසින් වන අතර මුලසුන හොබවන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායකයන්
විසිනි.
කතුවරයා හඳුන්වා දෙනු ලබන්නේ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන් විසිනි.
|