![]() ![]() |
||
ඔරියන්ට් ෆයිනෑන්ස් ගාලූ ශාඛාව නව ස්ථානයකට
ඔරියන්ට් ෆයිනෑස් පුද්ගලික සමාගම සිය ගාලූ ශාඛාව අංක 60බී, කොළඹ පාර, කලූවැල්ල, ගාල්ල යන නවතම පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී. එම උත්සව සභාව අමතමින් ඔරියන්ට් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් අමරසේකර මහතා විසින් ඔරියන්ට් ෆයිනෑන්ස් සමාගම බාර්ට්ලීට් ෆයිනෑන්ස් සමඟින් ඒකාබද්ධවීම නිසා වෙළඳපොළේ ප්‍රමුඛ සමාගමක් බවට පත්වීම දක්වා වූ වසර 34 ක් පැරණි ඉතිහාසය සිහිපත් කරන ලදී. තවද, සිය වටිනා පාරිභෝගිකයින් හට සුපිරි සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු සේවයක් සැපයීම සඳහා ගාලූ ශාඛාව උත්ශ්‍රේණි කිරීමට සමාගම තීරණය කළ බව ඔහු පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, කල්බදු , කුලී සින්නක්කර , කාරක ප්‍රාග්ධන ණය මෙන්ම ස්ථාවර තැන්පතු සහ ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ආකර්ෂණීය පොලී ලබාදීම ඇතුළු සියලූම මූල්‍ය සේවාවන් සැපයීම සඳහා නව ශාඛාව සන්නද්ධවී සිටින බවයි. ඒ අනුව, නුදුරු අනාගතයේදීම පාරිභෝගිකයින් හට සිය පැරණි වාහන ඉවත දමමින් කාලය වැය කිරීමකින් තොරවම පැරණි වාහනය විකුණා අලූත් වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය කල් බදු ණය පහසුකම් සැපයීමේ පහසුකමද මෙම ශාඛාව මගින් ලබාදෙන බවද ඒ මහතා පවසා සිටියේය. ඉතාමත් තරගකාරී කල් බදු ණය වෙළඳපොළ කටයුතු සඳහා සුදුසු වෙළඳපොළක් ඔරියන්ට් ෆයිනෑන්ස් විසින් සපයනු ලබයි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |