ගුණදායී බවින් යුතු වුවද කෙසෙල් අධිකව ආහාරයට නොගත යුතුයි
ඥාන
කෝෂය
ගුණදායී බවින් යුතු වුවද
කෙසෙල් අධිකව ආහාරයට නොගත යුතුයි
කෙසෙල්වල උපත මලයාවේ බැව් පිළිගැනෙන අතර ක්‍රිස්තු පූර්ව පන්සියය වැනි අතීතයකදි පවා
කෙසෙල් පිළිබඳව වූ සටහන් ඉන්දියාවෙන් හමුව ඇත. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ඉන්දියාවට
පැමිණි ගමනේදි මෙම පළතුර දුටු බව ඓතිහාසික මුලාශ්‍රවල සඳහන්ය. ඇමරිකාව සොයා ගෙන
කාලයක් ගත වෙත්ම කැනරි දූපත්වල සිට කෙසෙල් ගෙඩි ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දි
ඇති අතර මුලින්ම එය හිස්පැනියෝලාවේ වගා කරන ලදී. 1516 වසරේදි තෝමස් දී බර්ලෝඤ්ඤා
මිෂනාරි පියතුමා විසින් අත්ලාන්තික් සාගරය හරහා සාන්ත දුමින්ගු දූපත් වැසියන්ට
කෙසෙල් හඳුන්වා දුන්නේ පිසින ලද ආහාරයක් ලෙසින්ය.
මානව සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදු කරන පොටෑසියම් බහුල වූ
පළතුරක් ලෙස කෙසෙල් හදුන්වා දිය හැකිය.
ආහාර මඟින් පොටෑසියම් ලබා ගැනිම පිළිබඳව වෛද්‍ය පර්යේෂණයන්හි පැවැතුණේ ඉතා සුබවාදි
ආකල්පයක්. ආහාර පිළිබඳ අධ්‍යනනයේ යෙදෙන පර්යේෂකයන් විසින් මෙහිදි කෙසෙල් ගෙඩි සඳහා
විශේෂ අවධානයක් යොමුකර ඇත. ඒ අනුව ආහාර ජිරණය වෙනුවෙන් අවශ්‍ය පොටෑසියම් මාත්‍රාව
ඉතා පහසුවෙන් උපයා ගත හැකි පළතුරක් ලෙසින් කෙසෙල් ගෙඩි විශේෂ ගුණ ගායනාවට පාත්‍ර වී
ඇත. ඒ අතරම තන්තු, විටමින් සී, විටමින් බී 6 සහ පොටෑසියම් හෘදය වස්තුවේ
ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සහය ලබා දෙන බැවින් ආහාරයට ගැනීම නිසා උක්ත සංයෝගයන් ඉතා
පහසුවෙන් උපයා ගත හැකි බැව් මහාචාර්ය මාර්ක් හුස්ටන් සඳහන් කරයි.
ඇමරිකාවේ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ ඩෝව්සන් හියුසේ සඳහන් කරන්නේ පොටෑසියම්
ප්‍රභවයන්ගෙන් යුක්ත ආහාර මඟින් වියපත් පුද්ගලයන්ගේ පේශි ස්කන්ධය සුරකින අතර
ඔස්ටේ‍්‍රලියාවේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ වියපත් වීම සමඟ කාන්තාවන්ට
ඇති වෙන අස්ථිහායනය වෙනුවෙන් පොටෑසියම් උපයා ගැනිමට හැකියාවක් ද කෙසෙල් අනුභව
කිරීමෙන් ලැබෙන බවයි.
මළ පහවීම ආශ්‍රිත සංකූලතාවන් වෙනුවෙන්ද කෙසෙල්ගෙඩි විශේෂිත ගුණ ලබා දෙන පළතුරකි.
නිරන්තර වැසිකිලි යෑමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන ශාරිරික අප්‍රාණිකතාවට සහනයක්
ලබා දිමට මෙමඟින් ලැබෙන ක්ෂණික පොටෑසියම් කෙසෙල් ගෙඩි සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු
ඇත. ඒ අතරම කුඩා සහ මහා අන්ත්‍රවල ඇති වෙන පිළිකා රෝග තත්ත්වය වළක්වන අතරම තන්තු
බහුල හෙයින් ආහාර ජිර්ණ ක්‍රියාවලියට සහ මළබද්ධයට සහනයක් ලබා දෙනු ඇත. මෙම පළතුරෙහි
අන්තර්ගත ට්‍රිප්ටොපෑන් සහ ඇමයිනෝ අම්ල මගින් මතක ශක්තිය උත්තේජනය කරන බවද කෙසෙල්
ආශ්‍රිතව සිදුකරන ලද විවිධ පර්යේෂණ මඟින් තහවුරුව ඇත. මහා බ්‍රිතාන්‍යයේ ඉම්පිරියල්
වෛද්‍යායතනය මඟින් සිදු කරන ද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ බාල කාලයේදි කෙසෙල්
ආහාරයට ගත් දරුවන්ගෙන් 50% ක් ඉදිරියේදි ඇදුම රෝගයෙන් ආරක්ෂිත වූ බවයි.
විටමින් සී
බහුලව අන්තර්ගත කෙසෙල්ගෙඩි සිරුරේ විෂ සමග සටන් කළ හැකි ප්‍රතිඔක්සිකාරක ශක්තියෙන්
යුක්ත වේ. මෙවැනි ගුණදායක බවින් යුතු කෙසෙල්වල අධික ලෙස ආහාරයට ගැනීම නිසා විවිධ
අහිතකර තත්ත්වයන්ද ඇතිවන බවට තහවුරු වූ අවස්ථාවන් නැතිවද නොවේ. ඒ අනුව දිනකට ආහාරයට
ගත යුතු කෙසෙල්ගෙඩි ප්‍රමාණය ගැනත් සිමාවන් පනවා ගැනීමට දැන් කාලය එළැඹ තිබේ.
ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් රෝහලේ ආහාර පුරුදු පිළිබඳ විශේෂඥ කැතරින් කොලින්ස් සඳහන්
කරන්නේ අපේ සිරුරේ සෑම සෛලයකම පොටෑසියම් අන්තර්ගත අතර පොටෑසියම් මඟින් සෛල
ක්‍රියාකාරිත්වය වෙනුවෙන් අවශ්‍ය විදුලි ආරෝපණයන් ජනිත කරන බවයි. අග්න්‍යාසයේ රුධිර
ග්ලුකෝස් පාලනයටත් පොටෑසියම් බලපාන නමුත් මෙම සංයුතිය පිළිබඳව සමතුලිතතාවයක් පවත්වා
ගැනීමත් අවශ්‍ය බවයි. පොටෑසියම් මට්ටම පහල බැසිම හෝ ඉහළ නැඟීම නිසා ඔක්කාරය, පාචනය,
උදර වේදනාව සහ හෘද අක්‍රමවත්බව ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ නංවන බැවින් කෙසල් වැනි
පළතුරක වුවත් පාලනයක් අවශ්‍ය බැව් වෛද්‍ය උපදේශයවී ඇත.
සිරුරට එක්වර මුදා හැරන පොටෑසියම් ක්ලෝරයිඩ් නිසා හෘද ස්පන්දනය සම්පුර්ණයෙන්ම
නැවතීමට තරම් අවදානම ඉහළ ය. එමෙන්ම වකුගඩු ආශි‍්‍රත රෝග සංකූලතාවයන්ගෙන් පෙලෙන්නේ
නම් පොටෑසියම් බහුල ආහාර පාලනය අනිවාර්යයෙන්ම අවශ්‍ය බැව් පර්යේෂණ ප්‍රධානී කැතරින්
කොලින්ස් අවධාරණයෙන්ම සඳහන් කර ඇත. කෙසෙල් ගෙඩි පිළිබඳ ගුණගායනාවන් කොතෙක් තිබුණත්
පමණ ඉක්මවා ආහාරයට ගැනීම අහිතකර හෙයින් ඒ වෙනුවෙන් සීමා පනවා ගැනීම සෞඛ්‍ය වෙනුවෙන්
හිතකර වේ.
පුන්‍යා චාන්දනි ද සිල්වා
|