කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වඩාත් පිරිසිදු හරිතමය ආහාර

ඥාන කෝෂය

වඩාත් පිරිසිදු හරිතමය ආහාර

ආරක්ෂිතව ආවරණය කරන ලද නිවෙස්වල වහලය මත එළවළු හා මත්ස්‍ය වගාව සිදුකළ හැකි ක්‍රම දැනට අත්හදා බලමින් පවතී. ලොව වඩාත් ජනාකීර්ණ නගරවල මේ ක්‍රමය ක්‍රියාත්මක කළ හැක.

ප්‍රරෝහණය වන පැළෑටි සහිත ස්ථානයකට මත්ස්‍යයන් යෙදීමෙන් මත්ස්‍ය අපද්‍රව්‍ය මඟින් පැළෑටි සඳහා අවශ්‍ය පෝෂක කොටස් සපයා දීමට හැකිවේ. ඇක්වාපොනික්ස් යන නාමයෙන් හඳුන්වන මෙම ක්‍රමය යටතේ ආහාර භෝග වගාව හා මත්ස්‍ය වගාව ඒකාබද්ධ කරයි. මෙමඟින් භෝග ප්‍රවාහනය සඳහා මුදල් වැය කිරීම අනවශ්‍ය වන අතර කිසිඳු අමතර පොහොර ද්‍රව්‍යයක්ද ඊට යෙදවීම අනවශ්‍යය. මෙහි වගා ක්‍රියාවලිය සක්‍රීයව පැවතීමට මත්ස්‍යයන් හෝ ජලජ සන්ධිපාද සතුන් වගාව ආශ්‍රිතව යෙදීම අත්‍යාවශ්‍ය වේ.

ඔවුන්ගෙන් බැහැරවන අපද්‍රව්‍යවල බැක්ටීරියා ක්‍රියාකිරීමෙන් ඒවා පෝෂක කොටස් බවට පත්වේ. පස නොමැතිව ජලයේ පාවෙමින් වැඩෙන පැලෑටි මඟින් ජලයේ ඇති මෙම පෝෂක කොටස් අවශෝෂණය කරගනී. ගාසා නගරය තුළ ඇක්වාපොනික්ස් වගා ක්‍රමය මෑතක සිට ප්‍රචලිත වෙමින් පවතී. ගාසා තීරයේ ඇති වගාබිම් අල්ප බැවින් නිවෙස්වල වහල මත වගා කටයුතු සිදුකෙරේ. අධික ජනගහනයක් සිටින ප්‍රදේශයක් වන ගාසා තීරයේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට මෙම වගා ක්‍රමය යොදාගනී. ලොව අනෙකුත් රටවලද ඇක්වාපොනික්ස් වගා ක්‍රමය විනෝදාත්මක කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වේ.

බටහිර රටක සාමාජිකයින් කිහිපදෙනෙකුගෙන් යුතු පවුලකට සෑහෙන ලෙස ඇක්වාපොනික්ස් වගා පද්ධතියක් සැකසීමට ඩොලර් 5000ක් පමණ වැයවන අතර වසරකදී කිලෝග්‍රෑම් 100ක මත්ස්‍ය අස්වැන්නනක් හා එළවළු 2000ක් පමණ ලබාගත හැකිය. ආර්ථික විද්‍යාඥයෙකු වන පීටර් ඩ්‍රකර් මහතා පවසන අන්දමට ලොව තාක්ෂණික ලොව පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ ප්‍රධාන ක්‍රමෝපායක් ලෙස ඇක්වාපොනික්ස් හඳුනාගෙන ඇත.

නමුත් මුළු පෘථිවියම නියැඳීයක් ලෙස සලකා පර්යේෂණ කිරීමට විද්‍යාඥයින්ට හැකියාව නොමැත. තත්ත්වය මෙසේ තිබියදී පරිසර පද්ධති විනාශ වීමේ සීමා විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ හඳුනාගැනීමේ අභියෝගය ඔවුන් හමුවේ ඇත. ඒ අනුව ජෛව පද්ධතිවල ආයු කාලය පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා පරිගණක ආකෘති, දත්ත ගබඩාවන් යොදාගනු ලැබේ. උදාහරණයක් ලෙස ලොව ඇති සියලුම ජල මූලාශ්‍ර පිළිබඳ දත්ත පරිගණක ආකෘතිය ඇතුලත් කර පිරිසිදු ජල මූලාශ්‍රවල පැවැත්ම, එය නැති වී යාමට ගතවන කාලය වැනි තොරතුරු අනාවරණය කෙරෙනු ඇත.

පැරණි ශාක පත්‍ර මඟින් ජෛව පද්ධති පිළිබඳ අනාවරණ

කාබන්ඩයොක්සයිඩ් සැපයීමේ සීමාව මඟින් දේශගුණය පාලනය වේ. වර්තමාන කාලාරම්භයේ පටන් උත්පාදනය වී ඇති කාබන්ඩයොක්සයිඩ් මට්ටම අධ්‍යයනය කිරීම සඳහා ග්‍රීන්ලන්තයේ හා ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර ප්‍රදේශවලින් ගත් අයිස් ගර්භ කොටස්වල ඇති වායු බුබුලු යොදාගත හැක. එපමණක් නොව මඩ වගුරු තුළ රැඳී ඇති වසර දහස් ගණනක් පැරණි බර්ච් හා විලෝ පත්‍රද ඊට යොදාගැනේ. එම පත්‍රවල පාලක සෛල මඟින් වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරාගනී. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සංචිතය අඩුවන තරමට පත්‍රවල පිහිටි පාලක සෛල ප්‍රමාණය වැඩිවේ. අයිස් යුගයෙන් පසු වර්තමාන කාලාරම්භයේ පටන් කාබන්ඩයොක්සයිඩ් සංචිත ප්‍රමාණය අධික වීමෙන් වර්තමාන යුගය නිමාවනු ඇතැයි පැවසේ.

මිනිස් පරිභෝජනය සාපේක්ෂව ස්වභාවික සම්පත්වල පැවැත්ම ගණනය කර බැලීමට විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබේ. චන්ද්‍රිකා දත්තවලට අනුව පෘථිවියේ වියලි බිම් මත වසරකට නිපදවන ශාකමය ද්‍රව්‍ය (පළතුරු, එළවළු, සත්ව ආහාර) ටොන් බිලියන 54න් 35% ක් පමණ මිනිසා විසින් පරිභෝජනය කරයි. නමුත් ශාකමය ද්‍රව්‍ය නිෂ්පාදනයේ උපරිම සීමාව ටොන් බිලියන 54ක්ම පමණි. එබැවින් මිනිස් අවශ්‍යතා ඊට අනුරූපව වෙනස් කරගත යුතුය.

Science Illustrated සඟරාව ඇසුරිනි


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]