![]() ![]() |
||
සිවුවැනි වතාවටත් ඒ අය එනවාAlvin and the Chipmunks; The Road Chip
වයස් බේදයකින් තොරව ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ හදවත් ආකර්ෂණය කර ගත් ‘ඇල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස්’ චිත්‍රපට පෙළේ සිවුවැන්නා ‘ඇල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස්; ද රෝඩ් චිප්’ ලබන 18 දා සිට ලොව පුරා තිරගත වීමට නියමිතය.
වනාන්තරයේ හැදුණු වැඩුණු ඇල්වින්, සයිමන් හා තියඩෝර් යන චිප් මන්ක්ස් ලා තිදෙන
ලොස් ඇන්ජලිස් වෙත පැමිණෙන්නේ වනයේ ඔවන් විසූ ගස් කපා දැමුණු ප ඇල්වින් ප්‍රමුඛ චිප්මන්ක්ස් ලා වැරැදි වටහා ගැනීම් ඇතුළත් සිදුවීම් ගණනාවකට පසු නිගමනය කරන්නේ මියාමි හිදී හමුවූ යුවතියකට තම භාරකරුවා වූ ගීත රචක ඩේව් ආදරය කරන්නේ ය යන්නයි. ඔහු ඇයට ආදරය ප්‍රකාශ කිරීම කෙසේ හෝ නැවතීම ඔවුන්ගේ අරමුණ වෙයි. ඒ ඩේව් මියාමිහි හමු වූ යුවතිය සමඟ පෙමින් බැඳුණොත් තමන්ගේ අනාගතය අඳුරු වී යනු ඇත යන බිය නිසාය.
එවැනි කතා පුවතක් රැගත් ‘ද රෝඩ් චිප්’ රූගත කිරීම් ආරම්භ වූයේ පසුගිය මාර්තු මස
16 දාය. පසුගිය මැයි 20 දා රූගත කිරීම් නිමැවූ අතර වැඩි රූගත කිරීම් ප්‍රමාණයක්
පළමු චිත්‍රපට තුනේ දුෂ්ට චරිතය වූ ඉයන් හෝක් චරිතය මෙම සිවුවැනි සිනමා පටයේ අඩංගු නොවීම ද එක් විශේෂයකි. මාක් මදර්ස් බෝග් ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් යුත් ‘ද රෝඩ් චිප්’ හි ද ඩේවිඩ් සෙවිලෙ ලෙස ජේසන් ලී චරිත මවයි. ඒ හැර ටෝනි ගේල්, කිම්බර්ලි විලියම්ස් සහ බෙලා ත්‍රෝන් යන නළු නිළියෝ ද මෙහි රඟපාති. ඇල්වින්, සයිමන් හා තියඩෝර් තම භාරකරුවා වූ ඩේව්ගේ සිත්ගත් යුවතියක ඔහු වෙතින් ඈත් කරන්නට උත්සාහ දැරීම ආත්මාර්ථකාමී බව ඉස්මතු කර ගත් ක්‍රියාවක් ද? ප්‍රේමය සොයා යන ඩේව්ට ඇත්තෙන්ම තම හිතවත් චිප්මන්ක්ස්ලා නිසාම එම ප්‍රේමය අහිමි වී යාවි ද? ඇල්වින් ප්‍රමුඛ චිප්මන්ක්ස්ලා නැවත පැමිණ ගී ගයමින් නර්තනයේ යෙදෙමින් එම කතා පුවත ලොකු කුඩා ප්‍රේක්ෂකයන් හමුවේ දිග හරිනු ඇත. ශීතල උඳුවප් මාසයේ, නිවාඩු කාලයේ යළිත් සිවුවැනි වතාවටත් ඔවුන් මේ පැමිණෙන්නේ තමන් පිහිටුවූ ආදායම් වාර්තා අලුත් කරන්නට බව නම් නිසැකය.
තෙවැනි ඇසින් ලොව දුටු සේලිතට සම්මාන‘තෙවැනි ඇසින් ලොව දකිමු’ යන තේමාව යටතේ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් 2014 වර්ෂය සඳහා පැවැත්වූ සමස්ථ ලංකා පාසල් ඡායාරූප ජයග්රා1හකයන්ට පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍යංශය ශයේදී සිදුකෙරිණි. මෙහිදී ඡායාරූප ශිල්පී අතුල මුණසිංහගේ පුතු වන සේලිත මුණසිංහ එහි තුන්වැනි ස්ථානය හිමිකර ගැනීම විශේෂත්වයකි. ඔහු රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයේ 13 වැනි වසරේ තාක්ෂණික අංශයේ ඉගෙනුම ලබයි. ඔහු ශ්‍රී ලංකා ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ සාමාජිකයෙක් ද වෙයි. රොහාන් හඳුන්නෙත්තිගේ ‘ගරු හොරු’ මංගල දර්ශනය 18 වැනිදා
රොහාන් හඳුන්නෙත්ති නිර්මාණය කළ ‘ගරු හොරු’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දෙසැම්බර් 18 දින ප.ව. 6.30 ට කොළඹ නව නගර ශාලාවේදී වේදිකා ගත වේ. ජීවන් හඳුන්නෙත්ති, සංජීව දිසානායක, ප්‍රසන්න ෆොන්සේකා, දමයන්ත පෙරේරා, චන්න කුලරත්න, රොහාන් හඳුන්නෙත්ති, ධනුෂ්කා ජයරත්න මෙහි ප්‍රධාන චරිත රඟති. රත්නසිරි පරණවිතාරණගේ රචනයක් වන මෙය විජේරත්න ගමගේ ඉදිරිපත් කරන අතර අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය රොහාන් හඳුන්නෙත්තිගෙනි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |