කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පුංචි පැළේ ගසවෙනා

ලොව හිරු සඳු

දස මාස­යක් මා කුස තුළ දරා­ගෙන
ලේ කිරි කර පොවා පොඩි­කල වඩා­ගෙන
ඇති දැඩි කළා සෙන­හස් ගඟ පොව­මින
අම්මා මගේ බුදු වේවා මතු දව­සක

සඳ එළිය දෙන අම්මා මගේ ලොවට
ගෙදර බුදුන් ලෙස වඳි­නෙමි ඔබේ නමට
පෙරළි පෙරළී වැන්දත් මදි ඇගේ නමට
මවු ගුණ ලියා නිම කළ නොහැකි මට

ජීවි­තයේ අඳුරු තැන් ආලෝ­කය කර­න්නට
සාග­රය මගේ ආද­රය පුද­න්නට
ඔබේ ගුණ ලියා නිම කිරී­මට
මේ පද පේළි දෙක මදි වේය මට

එච්.ඒ.ඒ.එම්.එම්.ඩබ්.සී.කේ. මැදි­වක
10 ශ්‍රේණිය ‘බී’,
උඩ­දු­ම්බර ද්විතික පාසල,
උඩ­දු­ම්බර.
 

බොරුව

කියූ දෙයක් නොකී ලෙසත් නොකී දෙයක් කියූ ලෙස­ටත් සිදුවූ දෙයක් නොසිදු ලෙස­ටත් නොසි­දුවූ දෙයක් සිදුවූ දෙයක් ලෙසත් ඇති දෙයක් නැති ‍ලෙසටත් නැති දෙයක් ඇති ලෙස­ටත් ආදී වශ­යෙන් කීම බොරු­වය.

බොරුව නිසා රටත් සමා­ජ­යත් පවු­ලත්; මවු­පිය දූ දරු සම්බ­න්ධ­යත් නැති වි භයා­නක ගැටුම් ඇති විය හැකිය.
බුදු දහම පම­ණක් නොව හැම ආග­මක්ම දර්ශ­න­යක්ම බොරුව පිටු දකින්නේ ඉන් ඇති වන භයා­නක ප්‍රති­ඵල නිසාය. අපි දිවි­හි­මි­යෙන් බොරු නොකියා සත්‍ය­වාදී වෙමු. යහ­පත් සමා­ජ­යක් බිහි වන්නේ ඒ මඟිනි.

ආර්.එම්. වත්මි නවෝද්‍යා රත්නා­යක
8 ශ්‍රේණිය ‘එච්’,
අනු­රා­ධ­පුර මධ්‍ය විද්‍යා­ලය,
අනු­රා­ධ­පුර.
 

ඇතා

කුල්ලක් වගෙයි කන
අත වගේ­මයි සොඬ
කකුල නම් වංගෙ­ඩිය
විශා­ලයි මේ බඩ­ගෙ­ඩිය
අතු ඉති කඩා ගනී
ඉන් වතුර ගෙන නාගනී
නාස­යට ද ගනී
සොඬය උගෙ නම රැක ගනී
දෙදළ නම් ආභ­රණ වේ
සතු­රන්ට ඉන් පහර දේ
එහි ගජ මුතු තිබේ
දළ නිසා ඌ අන­තුරේ
කැල­යෙම සිටින්නේ
කාහ­ටත් බිය නොවේ
ශාක­මය බුදින්නේ
කැලේ සද්ද­න්තයා වේ

සුරන් සුදා­රක ජය­බාහු
5 ශ්‍රේණිය ‘ඊ’,
සා. සෙබ­ස්ති­යන් විද්‍යා­ලය,
මොර­ටුව.
 

පස සංර­ක්ෂ­ණය

කෘෂි කාර්මික රටක් වන අපේ රටට සාර­වත් පස ඉතා වැද­ගත් වේ. මිනි­සුන්ගේ විවිධ ක්‍රියා නිසා පස නිසරු වෙමින් පවතී.
වනා­න්තර ප්‍රමා­ණය අඩු­වීම, දිරා නොයන අප­ද්‍රව්‍ය පසට එක්වී­මත් ආදිය නිසා පස නිසරු වේ.

අතී­තයේ පටන් මිනිස්සු වගා බිම්වල ගල් වැටි දැමීම, කාණු කැපීම, ආර­ක්ෂිත බෝග වැවීම මඟින් පස ආරක්ෂා කර ගත්හ. දිරා­පත් නොවන අප­ද්‍රව්‍ය ක්‍රමා­නු­කූ­ලව බැහැර කිරී­මෙන් පස නිසරු වීම වළක්වා ගත හැකිය. රසා­යන ද්‍රව්‍ය භාවි­තය හැකි පම­ණින් අඩු කිරී­මෙන් පස සරු කරන පාංශු ජීවීන් ආරක්ෂා කර ගත හැකිය.
තුරු­ල­තා­ව­ලින් පිරි සුන්දර පරි­ස­ර­යක් ලබා ගැනී­මට පස සංර­ක්ෂ­ණය ඉතා අව­ශ්‍යය.

ජේ. සීමානි ශශි­ප්‍රභා ජය­ලත්
5 ශ්‍රේණිය,
මල්වාන ජයන්ති විද්‍යා­ලය,
පොතු­කො­ළ­දෙ­ණිය.


මම කැමැ­තිම පොත

මා කැමති පොත සිංදු කියන කූඹියෝ පොතයි. ඒ පොත ලියා තිබෙන්නේ මධුරා වික්‍ර­ම­රත්න නැන්දාය. මට ඒ පොත ලැබුණේ මා සිළු­මිණ පුව­ත්ප­තට ඇඳි චිත්‍ර­යක් සතියේ හොඳම චිත්‍රය ලෙස තේරීම නිසාය.

සිංදු කියන කූඹියෝ පොත දුටු මා සිතුවේ කූඹියෝ සිංදු කිය­නවා යනු­වෙනි. එහෙත් මේ පොත කියවූ මම එම පොතෙන් සාර­ධර්ම බොහො­ම­යක් ඉගෙන ගතිමි. මධුරා නැන්දා ලියා තිබූ එම කත­න්දර පොතේ කූඹි­යන්ගේ සම­ගිය වගේ අපි අත­රත් සම­ගිය තිබුණ නම් කොච්චර හොඳද?

ආහාර පාන බෙදා ගැනී­මේදී ඒ ගොල්ලෝ හරිම සම­ගියි. කූඹි විත­රක් නෙමෙයි එයාලා ළඟට ආපු බට්ටි­ච්චිලා වැනි අයත් එයා­ලත් එක්ක හරිම සම­ග‍ි­යෙන් කට­යුතු කරන අයුරු කෙත­රම් සුන්ද­රද? පුංචි අපිත් ඒ වගේ එකතු වී ඉන්නවා නම් කොච්චර සුන්දරද කියලා මට සිංදු කියන කූඹියෝ පොත කිය­වන සෑම මොහො­ත­කම සිහි­වෙ­නවා.
මධුරා නැන්දා අපේ ලෝක­යට ගිහිල්ලා අපේ පුංචි සිතේ තියෙන අද­හස් තේරු­ම්ගෙන අපි වෙනු­වෙන් කත­න්දර ලියන එක කොත­රම් හොඳද? එවැනි කතා­න්දර තව­ත­වත් බොහෝ ලිවී­මට මධුරා නැන්දාට හැකි­වේ­වායි මම ප්‍රාර්ථනා කරමි.

සශ්මික ප්‍රභා­ෂ්වර
2 ශ්‍රේණිය ‘අර­ලිය’,
වැල්ලව ම.ම.වි., වැල්ලව.
 

රෝස මල

අපේ ගෙදර මිදුලේ තියෙන
රෝස ගහේ දව­සක් දා
හරි ලස්සන මල් පොකු­රක්
පිපිලා තිබුණා
මී මැස්සන් සම­න­ලුන්
පියා­ඹා­විත් ඒ රෝස මලින්
රොන් අර­ගෙන රැඟුම් රඟා
යන්නට ආවා
ලස්සන තිබු­ණත් කෙත­රම්
එය නෑ සැමදා ඇත්තේ
ලස්සන නැති වූ දිනයේ
නැත කිසි­වකු පැමි­ණෙන්නේ
අප­ටත් කවදා හෝ මෙය
සිදු­වන බව රෝස පොකුර
මනාව පව­සයි අප හට
තේරුම් ගත යුතු­මයි එය

හිරු­දිනී කුමාරි විජේ­ති­ලක
10 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනා­නා­යක මධ්‍ය විද්‍යා­ලය,
තෝලං­ග­මුව.
 

අප උරු­මය

නැගී එන හිරු රැස්වල
ගලා යන දිය රැළි­තුළ
හමා එන මඳ නල­වල
රැඳී ඇත මිනි­සත් ගුණ

මිහිඳු හිමිගේ කවි
මුනි­ද­සුන්ගේ වැකි
මඩො­ල්දූවේ සිරි
තෙමයි හද නිවි නිවි

සීගිරි සිතු­ව­මින්
කැට­පත් කුරුටු ගීයෙන්
සඳ­කඩ කැට­ය­මින්
හද වත පිරේ සතු­ටින්

ගුත්ති­ලය කවි පොත
සිරි­ත්මල් දම් පෙළ
පන්සි­ය­ප­නස් දා වත
තනයි සොඳු­රුම හද­වත

නින්දට යන විට
අත්තම්මා කී කත­න්දර
සොඳුරු මිනි­සත් ගුණ
තබයි මා හද තුළ

සඳ­මිණි සමාඛ්‍යා ජය­බාහු
6 ශ්‍රේණිය “ඕලු”
සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලය,
කොළඹ 07.
 

හොඳ සිරිත් පුරුදු වෙමු

කුඩා දරු­වන් වන අපට ගෙද­රදී අම්මා තාත්තා ඇතුළු වැඩි­හි­ටි­යන්ගේ අව­වා­දත්, පාස­ලේදී ගුරු මවු පිය­ව­රුන්ගේ අව­වා­දත් ඉතා වටී.
අපිට නිරෝ­ගි­ ජීවිත ගත කිරී­මට අප අවට ඇති පරි­ස­රය බොහෝ දුරට උප­කාර වේ. අප නිවාස අස­ලින් ගලා බසිනා ඇළ, දොළ ආදි­යට කුණු රොඩු දැමීම නරක පුරු­ද්දකි. ඉවත දමන ටොෆී කොළ, කෙසෙල් ලෙලි, යෝගට් කෝප්ප ආදි දේවල් තැන තැන දැමී­මෙන් පරි­ස­රය දූෂ­ණය වී ලෙඩ‍ ­රෝග ඇතිවේ. අපේ පරි­ස­රය පිරි­සුදු කරන කපු­ටන්, කුරු­ල්ලන් ආදී සතුන්ට හිරි­හැර නොකළ යුතුය. අප ගෙමි­දුලේ මල්, පල­තුරු, එළ­වළු ආදී පැළ වගා කිරී­මෙන් පිරි­සිදු වාතය මෙන් ම ආහා­ර­යට අවශ්‍ය දේ ලැබේ.

අප පයින් ගමන් කරන විට නොව­ර­ද­වාම කහ ඉරි ඇති තැන්ව­ලින් ඉක්ම­නට මාරු වීමට සිතට ගත යුතුය. කිසි­වි­ටක බොරු හා කේලාම් නොකිව යුතුය. අපේ ජාතික කොඩි­යට, පුෂ්ප­යට, ගීත­යට ගරු කළ යුතුය. අපේ අනා­ග­ත­යට එය බෙහෙ­වින් බල­පානු ඇත.

දේශානි සචි­න්තනී දේශ­ප්‍රිය
3 ශ්‍රේණිය,
වැලි­හෙල තැන්න විද්‍යා­ලය,
යටි­ය­න්තොට.

කොළඹ ආනන්ද විදු­හලේ නව වැනි ශ්‍රේණියේ පංති එකො­ළ­හක ශිෂ්‍ය­යන් අත­රින් සෑම විෂ­ය­කින් ම 75 ට වැඩි ලකුණු ලබා­ගත් ශිෂ්‍ය­ය­න්ගෙන් මුල් තැනට තේරුණු 9 - 3 ශ්‍රේණියේ අයෙ­ෂ්මන්ත කුරුප්පු ආරච්චි ශිෂ්‍යයා විදු­හ­ල්පති කිත්සිරි ලිය­න­ග­මගේ මහතා අතින් සිය සහ­ති­කය ලබා ගනී. අංශ ප්‍රධානී ආචාර්ය ශ්‍රීලාල් ද සිල්වා මහතා සහ පංති­භාර ආචා­රිනී චාමිකා නව­රත්න මහ­ත්මිය ද මෙහි වෙති.

දක්ෂ දරුවෝ

ඔලි­ම්පි­යාඩ් තරග පද­ක්කම් දිනූ අපේ දරුවෝ

තායි­ල­න්තයේ පැතු­ම්තානි නුවර පැවැ­ත්වුණු අන්ත­ර්ජා­තික ගණිත හා විද්‍යා ඔලි­ම්පි­යාඩ් තර­ගා­ව­ලි­යේදී රට­වල් 20ක තර­ග­ක­රු­වන් 367ක් පර­දවා දකුණු පළාතේ දරු­වෝ තිදෙ­නෙක් රන්, රිදී සහ ලෝකඩ පද­ක්කම් දිනා ගත්හ.

ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් විද්‍යා අංශ­යෙන් දරු­වන් 12ක් තර­ගා­ව­ලි­යට සහ­භාගි වූ අතර හොඳම ලිඛිත පරී­ක්ෂ­ණ­යේදී ද රන් පද­ක්කම අප රටට හිමි වී ඇත.
දකුණු පළාත නියෝ­ජ­නය කර­මින් විද්‍යා අංශ­යෙන් ගාල්ල මහින්ද විදු­හලේ සදලු තත්සර 6න් පද­ක්කම දිනා­ගත් අතර රිදී පද­ක්කම මාතර සුජාතා විදු­හලේ මින්දි රෙබෙකා කළු­ආ­රච්චි දිනා ගත්තාය. ලෝකඩ පද­ක්කම ගාල්ල රිච්මන්ඩ් විදු­හලේ කවීෂ දිව්‍යාංග දිනා ගත්තේය.
ඡායා­රූ­පයේ වමේ සිට මින්දි රෙබෙකා කළු­ආ­රච්චි (රිදී පද­ක්කම) සදලු තත්සර (රන් පද­ක්කම) කවීෂ දිව්‍යාංග (ලෝකඩ පද­ක්කම) යන දරු­වෝ තම පද­ක්කම් අතැ­තිව.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]