![]() ![]() |
||
ඇතැම් විනිසුරුවරුන්ට වැළඳෙන ජජැයිටිස් රෝගයනඩුකාරවරුනට මහජනයා වෙනුවෙන් මහජනයාගේ ප්‍රශ්න විසඳන විනිශ්චය බලයක් ලැබුණත් නඩුකාරවරුනුත් බලයෙන් මත්නොවී කටයුතු කළ යුතු බව කවුරුත් පිළිගන්නවා.නඩුකාරවරුනුත් යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් තීන්දු දිය යුතුබව පිළිගන්නවා. මානව දයාව අපේ විනිශ්චයකාරවරුන්ගේ සිත් තුළිනුත් ඉවත්නොවිය යුතු බව කියා සිටියේ හිටපු අගවිනිසුරුවරයකු වන පාරින්ද රණසිංහ මහතායි.සුළු කරුණු මහ මෙරක්ලෙස සලකා බරපතළ තීන්දුදීම එතුමා හැදින්වූයේ විනිසුරුවරුන්ට වැළදෙන ඡජැයිටිස් රෝගය ලෙසයි.
මේ ඡජැයිටිස් රෝගභීතිය ගැන මට මතක් වුණේ මේ මෑතක අධිකරණයේ මතු වුණ කරුණු කීපයක් නිසයි. එදා දේශපාලන පත්වීම් වගේ විනිශ්චයකාරධූර ලැබූ විනිශ්චයකාරවරුත් තම පත්වීම් ලබාගත් පසු ඒ දේශපාලන බලයට යටනොවී ස්වාධීන තීන්දු දුන්නා.මාමේ වන විට නීතිඥ වෘත්තියේ අවුරුදු43කට වැඩි කාලයත් යෙදී සිටිනවා. ආපසු හැරිල බලනකොට අපට අතීතයේ සිටි නඩුකාරවරුන් ගැන මගේ මතකයට එනවා. අප අතීතය ගැන කතා කරනකොට වැඩිහිටියන් ගැන මහත් අභිමානයෙන්කතා කරනවා. එය අප කරන වරදක්දැයි මා දන්නේ නැහැ. ඒ කාලේ මීට වඩා හොද මිනිස්සු හිටියා උගත් බුද්ධිමත් මිනිස්සු හිටියා ඒ කාලේ මීට වැඩිය හොද සමාජයක් තිබුණා ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා කියල කතා කරන්න බොහෝ වැඩිහිටියන් කැමතියි. මාත් දැන් කරන්න යන්නේ ඒ වගේ වරදක්දැයි දන්නේ නැහැ. නමුත් මේ කතාව මා කිව යුතුයි කිව යුතුයි කියල මා හිතනවා ජේ.ආර්.ජයවර්ධන මහතා 1977 බලයට ආවේ හයෙන් පහක බලය අරන් එතෙක් මෙතෙක් කිසිම කෙනකුට නොතිබුණ බලයක් අරන් අතීතයේ හිටපු රජෙකුට තරම් බලවත් ප්‍රතාපවත් ධූරයක් ලෙස ජනාධිපතිධූරය ස්ථාපිත කළා. ජේ.ආර්. පළමුව කළේ අධිකරණයට ඇඟලි ගැසීම කියල කෙනෙකුට කියන්න පුළුවන්. ඔහු මේ අලුත් ව්‍යවස්ථාව ඇති කළ වහාම පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා අධිකරණ ඇමති වශයෙන් පත් කළ ඒ ශ්‍රීලනිප ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව පත් කළ ඉහළ විනිසුරුවරුන් බොහෝ දෙනා ගෙදර ඇරියා. එහෙම ගෙදර ඇරල ඒ අයගෙන් සමහර අය පසුව විනිසුරුධූරවලට පත් කරල ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළට දැම්මා. තම පියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් වූ නීතිඥපරපුරකින් පැවත එන ජේ.ආර් බලයට පත් වුණාම අපි මුල ඉදලම හිතුවේ ඔහු නීතියේ ස්වාධිපත්‍යය ආරක්ෂාකර නැවත වරක් මේ රටේ ස්වාධීන අධිකරණයක් ඇති කරයි කියා. ඒ බලාපොරොත්තු බිද දැමීමේ චෝදනාව ලැබූ ජයවර්ධන මහතා තමන්ට අවනත උසාවියක් හදා ගන්න උත්සහා කළා.නමුත් ඒ උත්සහය ඔහුම පත් කළ විනිසුරුවරුන් බිඳ දැමුවා. ජේ. ආර්. ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ සියලු විනිසුරුවරුන් එසේ පත් කිරීමෙන් පසුව අභීත,අවංක, හා අපක්ෂපාත විනිසුව රුන් ලෙස හැසිරුණා. ජයවර්ධන මහතාට ඉතාම හිතවත්ව සිට එජාප දේශපාලන මණ්ඩලයේ සභිකයෙක් ව සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුලෙස ෙනවිල් සමරෙකා්න් මහතා පත් කළා. එයින් ජයවර්වධන මහතා අදහස් කරන්නට ඇත්තේ නෙවිල් සමරකෝන් මහතා මාර්ගයෙන් තමන්ට අවශ්‍ය අනපනත් සියල්ල සම්මත කරගන්නට විය යුතුයි.එය එසේ වූයේ නැහැ. අදත් අපි නෙවිල් සමරකෝන් මහතා සලකන්නේ මහා ප්‍රතාපවත් අගවිනිසුරුවරයෙක් විදියටයි.ජේ. ආර්.ජයවර්ධන මහතා ඔහු හැදූ ව්‍යවස්ථාවට ඇතුළු කළ දෝෂාභියෝගය යන වචනය පළමුවරට මේ රටේ ජනතාවට හුරු කලේ නෙවිල් සමරකෝන් මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමෙනුයි. මේ අතර ජයවර්ධන මහතා නිතිඥයකු වූ පරින්ද රණසිංහ මහතා ඉහළ විනිසුරුවරයකු ලෙස පත් කිරීම ඉක්මන් කිරීමට පළමුව ඔහුට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරය ලබා දී නීතිඥවරුන්ගේ විරෝධය ද නොතකා ජේආර් ඔහුව අභියාචනාධිකරණයේ විනිසුරු වරයකු ලෙස පත් කළා. පරින්ද රණසිංහ මහතා අගවිනිසුරු අවදියේ තමයි මාත් නීති වෘත්තියට ඇතුළත් වුණේ.අධිකරණයේ ස්වාධීනත්වය නිදහස් නිවහල් රටක අතිශය නිවහල් ධර්මතාවක්. මා නීතිඥ සංගමයේ ලේකම් ධූරය දරන අවදියේ එක් ප්‍රාදේශීය සංගමයකින් එම ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා ඉතාම පහත් අන්දමට නීතිඥවරුන්ට කතා කර ඔවුන් හෙළා දකින බවත් ඔවුන්ට කොළඹට පැමිණ එවක අගවිනිසුරු පරින්ද රණසිංහ මහතා හමුවීමට අවශ්‍ය බවත් දැනුම් දුන්නා. එතුමාව හමුවු අවස්ථාවේ ඔහු කිව්වා මේ මහේස්ත්‍රාත්ලට මොනව වෙලාද මම දන්නේ නැහැ මේ අය නීතිඥයන්ව ඉදල මහේස්ත්‍රාත් පුටුවට ආවහම ඒ අයට පුදුමාකාර රෝගයක් අල්ලනවා ඒක තමයි ජැජැයිටිස් රෝගය කියලා.මෙම රෝගය සුවවන තුරු එම මහේස්ත්‍රාත් එම සේවා ස්ථානයෙන් මම මාරු කරනවා කියල මහේස්ත්‍රාත්වරයව මාරු කළා.අධිකරණවලට එන්නේ හුඟක් වෙලාවට දුප්පත් මිනිස්සු මිනිස්සු තමන්ගේ ප්‍රශ්න විසදගන්න අධිකරණවලට එන්නේ ඒ නිසා මානව දයාව මේ නඩුකාරයන්ගේ සිත්වලින් ඉවත් නොවිය යුතුයි කිව්වා. මේ පරණ කතාව මගේ සිතට යළි මතක් වුණේ මීගමුවේ මහේස්ත්‍රාත්වරිය නීතිඥවරුන්ට දෝෂාරෝපනය කරන බවට ලැබුණ කතාව නිසයි. මීගමුවේ නීතිඥ සංගමය කිසි කලෙක මෙලෙස මහේස්ත්‍රාත්වරයකුට විරුද්ධව පැමිණිල්ලක් කර නැති බවටත් දැන ගන්න ලැබුණා.මේ පැමිණිල්ල ඉදිරිපත් කළ මීගමුව නීතිඥ සංගමය කොළඹ පැමිණ අගවිනිසුරු ශ්‍රී පවන් මහතා හමුවීමටත් තීරණය කළා. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ නඩු වලට පෙනී නොසිටීමටත් පසු දින සියලු අධිකරණවල සියලු නීතිඥයන් නඩු කල් දමා දින ලබා ගැනීමටත් තීරණය කළා. පසුව නීතිඥයන්ගේ ඉල්ලීම අනුව මහේස්ත්‍රාත්වරිය ඉවත් කෙරුණා. සිද්ධියෙන් පසුව එක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් මා සමඟ කියා සිටියේ මහේස්ත්‍රාත්වරියට මෙහෙම පැමිණිල්ලක් කළත් එහි සිටින අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහු අපි හදුන්වන්නේ නීති දෙවොලේ දෙවියෙක් වශයෙන් බවත් ඔහු යහපත් මනුෂ්‍යයෙක් ලෙස විනිශ්චයේදී සාධාරණ හා අපක්ෂපාත තීන්දුදෙන බවයි. හැබැයි ජැජයිටිස් වැළඳුණ නඩුකාරයන් නීතිඥයන්ට විතරක් නෙවෙයි අහිංසක මහජනතාවටත්හිරිහැරයක් කරදරයක්.මෙහෙම සිද්ධියක් පසුගියදා ගාලු මහධිකරණයෙන්ද වාර්තා වුණා. ඒ අනුව රියන්සි අර්සකුලරත්න ජනාධිපතිනීතිඥ වරයාගේ ඡංගම දුරකථනය නාදවීමේ චෝදනාවක් ගාලුමහධිකරණ විනිසුරු හිරිඹුරේගම මහතාට ඉදිරිපත් වූ අතර ඒ අනුව චෝදනා පත්‍රයක්ද ඉදිරිපත් කෙරුණා. මේ සිද්ධියෙන් සියලුම නීතිඥවරුන් කම්පාවට පත් වූ අතර මා සමඟ ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා කම්පාවට පත්වූ බව කිව්වා.උසාවියට අපහාසයක් කළේ නම් එසේ කිරීමේ චේතනාවෙන් එසේ කළ යුතුයි. මෙතන වී ඇත්තේ නොසැලකිල්ලක් අතපසුවීමක් පමණයි.ඒ නිසා මෙවැනි තීරණයක් ගැනීම ගැන බොහෝ දෙනා පුදුම වෙනවා. මේ සිද්ධියෙන් පසුව මුල් අවස්ථාවේ මෙය අතපසුවීමක් ලෙස පිළිනොගත් විනුසුරුවරයාටම පසුව නීතිඥ චම්පක ලද්දුවහෙට්ටි මහතා මෙය අතපසුවීමකින් සිදුවූදෙයක් බව පෙන්වාදුන් අවස්ථාවේ එය පිළිගෙන නඩුව අවසන් කිරීමට තීන්දුවක් ගැනීමට සිදුවුණා. මෙහිදී දැක්විය හැකි හොදම පාඩම එංගලන්තයේ ඩෙනිම් සාමිවරයා දුන් පාඩමයි.එතුමා විසින් දුන් නඩු තීන්දුවක් ගැන අතෘප්තියට පත්තරුණ කාන්තාවක් තම නීතිඥවරයාගේ මේසය වෙත ගොස් නීති පොත් උස්සා ඩෙනිම් සාමිවරයා ඇතුළු විනිසුරු මඬුල්ල වෙත එල්ල කළා. ඔවුන් ඒ පහරින් වැළකීමට විනිශ්චය ආසන යට සැඟවුණා.ඉන් පසුව නිල කාමරයට ගිය ඩෙනිම් සාමි වරයා මම අප් රයිට් නැතිනම් කෙළින් වැඩ කරන නඩු කාරයෙක් කියමින් අර කාන්තාවට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වැළකීමට තීරණය කළා. ඩෙනිම් සාමිවරයාගේ මේ තීන්දුව මේ සම්බන්ධව ඇති කදිම ආදර්ශයක්.මේ විදියටම ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේදී ද ඈනුමක් ඇරීම නිසා අධිකරණයට අපහාස වී යැයි පුද්ගලයෙකුට මාස අටක සිර දඬුවම් නියම වීම ද මෙරට පමණක් නොව එතෙරද මහත් ආන්දෝලනයට ලක්ව තිබෙනවා. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |