![]() ![]() |
||
ප්‍රදේශයටම සෙත සදන බුලත්සිංහල පෙරහර මංගල්යයහොරණ කලවැල්ලාව මාර්ගය ඈගල්ඔය හොරගස්හන්දියෙන් හැරී යන විට හමුවන බුලත්සිංහල මහ පන්සල හෙවත් ශ්‍රී දේවමිත්තාරාමය පුරාණ විහාරය බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇති පැරැණිම පන්සලය. රාජ්‍ය වර්ෂ 1856 ටත් පෙර ආරම්භ කර ඇති මෙහි ඉපැරැණි බුද්ධ ප්‍රතිමා මන්දිරය පුරාවස්තු ආඥා පනතේ සංරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර ආරක්ෂා කර තිබේ. වත්මන් බුලත්සිංහල - දේවමිත්තාරාමාධිපති පස්යොදුන් කෝරලයේ ප්‍රධාන සංඝනායක අමරගෙදර නන්ද දේව නායක හිමිපාණෝ මෙම විහාරස්ථානයේ වත්මන් දියුණුවට නායකත්වය දෙති. ප්‍රදේශයට අති ඉමහත් බෞද්ධාගමික සේවයක් මෙන් ම බුද්ධ ශාසනයට මහඟු සේවයක් සිදුවෙන මේ මහා පූජනීය ස්ථානයට හා එහි දායක සභාවට බුදුදහම හා සංස්කෘතික අංශවලින් ඔප් නැංවුණු පෙරහරක අවශ්‍යතාව දැනෙන්නට වී බොහෝ කල් ය. ශ්‍රී බුලත්සිංහල මහ පන්සලේ පෙරහර 2013 දී ආරම්භ වූයේ ඒ අඩුව පිරිමැසීමටය. පස්යොදුන් කෝරලයේ ප්‍රධාන සංඝනායක බුලත්සිංහල අමරගෙදර විහාරත්‍රයාධිපති අමරගෙදර නන්දදේව නාහිමිපාණන්ගේත් අමරගෙදර රාහුල හිමිපාණන්ගෙත් බුලත්සිංහල හිටපු ප්‍රාදේශීය සභා සභාපති තුසිත කුලරත්න මහතාගේත් සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පෙරහර 2013 දෙසැම්බර් මාසයේදී ආරම්භ විය. මෙවැනි පෙරහරක් නිසා ප්‍රදේශයේ බෞද්ධ ආකල්ප දියුණු වෙයි. සංස්කෘතික අංග ඔප් නැංවෙයි. සාමූහික හැඟීම් වර්ධනය වෙයි. මේ නිසා ම ප්‍රදේශයේ සියලු දෙනා ම ත්‍රිවිධ රත්නයේ හා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේ. ඒ අනුව පෙරහරක සියලු අංගවලින් සමන්විත වූ බුලත්සිංහල මහ පෙරහර මෙවරත් තෙවැනි වරටත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි. මෙවර බුලත්සිංහල මහ පෙරහර මංගල්‍යය දෙසැම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 25 වැනිදා දක්වා බුද්ධාලම්භන ප්‍රීතිය ඔද තෙද නංවන අයුරින් පැවැත්වීමට අමරගෙදර නන්දදේව නාහිමි ප්‍රමුඛ පෙරහර සංවිධායක කමිටුව හා දේවමිත්තාරාම දායක සභාව කටයුතු කරමින් සිටිති. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බුලත්සිංහල ප්‍රාදේශීය සභාව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා හොරණ අධ්‍යාපන කාර්යාලය ද විශේෂයෙන් වාසනා බේකරිය අධිපති දයානන්ද බෝම්බුවල මහතා ප්‍රමුඛ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීහු මෙම මහ පෙරහරට උදව් දෙති. මෙවර බුලත්සිංහල මහ පෙරහරට කප් සිටුවීම දෙසැම්බර් 12 දා සිදුවේ. දෙසැම්බර් 17 වැනිදා හොරණ බැල්ලපිටියේ මංගලසිරිපුර විජය මංගලාරාමාධිපති ශාස්ත්‍රවේදී කාව්‍ය ශිරෝමිණි නුගගොල්ලේ සෝමරත්න හිමිපාණෝ පවත්වන කාව්‍යමය ධර්ම දේශනාවයි. 18 වැනිදා ධර්ම දේශනාව පවත්වන්නේ පාණදුර තොටමුණ සහිත සල්පිටි දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලගල සුමනරතන නාහිමිපාණන්ය. 19 වැනිදා ධර්මදේශනය, බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක යටගම්පිටියේ ඤාණාලෝක නාහිමියෝ පවත්වති. පෙරහරට අදාළ පරිත්‍රාණ ධර්ම දේශනය. දෙසැම්බර් 20 වැනිදා පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක කෙසෙල්හේනාවේ වාචිස්සර නාහිමිගේ අනුශාසන ඇතිව පැවැත්වේ. මෙවර පෙරහර මංගල්‍යය වෙනුවෙන්, 17 වැනිදා විෂ්ණු දේවාල පෙරහර පැවැත්වෙන බව නන්දදේව නාහිමියෝ පවසති. 18 වැනිදා කතරගම දේවාල පෙරහර ද 19 වැනිදා සමන් දේවාල පෙරහරද 20 වැනිදා පත්තිනි දේවාල පෙරහර ද 21 වැනිදා ගම්භාර දේවාල පෙරහර ද පැවැත්වේ. 22 වැනිදා මල් පෙරහර පැවැත්වෙන අතර 23 වැනිදා කුඹල් පෙරහර අත්‍යාලංකාරයෙන් පවත්වන බව ද නන්දාරාම නාහිමියෝ පවසති. බුලත්සිංහල මහ පෙරහරේ ප්‍රධාන පෙරහර රන්දෝලි පෙරහර 24 වැනිදා රාත්‍රියේ අලි ඇතුන් හා උඩරට පහතරට නැටුම් සහිතව පැවැත්වේ. 25 වැනිදා දිය කැපීමේ මංගල්‍යය පැවැත්වෙන අතර මේ සියලු කටයුතු සඳහා දායක සභාවේ ප්‍රදේශවාසීන්ගේ හා දානපතියන්ගේ පූර්ණ සහාය ලැබෙන බව ද පස්යොදුන් කෝරලයේ ප්‍රධාන සංඝනායක අමරගෙදර නන්දදේව නාහිමියෝ පවසති.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |