කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
බොරැල්ල - ඔරුගොඩවත්ත ගුවන් පාලම් මාර්ගයක්

බොරැල්ල - ඔරුගොඩවත්ත ගුවන් පාලම් මාර්ගයක්

බොරැල්ලේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයේ පවතින අධික මාර්ග තදබදයට පිළියමක් ලෙස බත්තරමුල්ලේ සිට ඔරුගොඩවත්ත දක්වා ගුවන් පාලම් මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් පුෂ්ප ගුණරත්න මහතා සිළුමිණට කීය.

මේ මාර්ගයේ පවත්නා අධික තදබදය නිසා දිනපතාම මිනිස් ශ්‍රමය පැය ගණන් අපතේ යාමත් ඒ නිසා සිදුවන ඉන්ධන නාස්තිය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බැවින් මේ මාර්ගය ඉක්මනින් ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණය අනුව අධ්‍යයන කටයුතු කළ බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ සඳහා දේශීය ආධාර ලබාගන්නේ ද විදේශ ණය ලබාගන්නේ ද යන්න තවමත් තීරණය කර නැති බව පවසන ගුණරත්න මහතා, අදාළ ගුවන් පාලම් මාර්ගයට රාජගිරිය වැනි ස්ථාන කිහිපයකින් පිවිසුම් ස්ථාන ඇති කිරීමට ද සලකා බලන බව ද කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]