කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සරා සඳ ඔබ

සරා සඳ ඔබ

සරා සඳ දිලි සුනිල ගුවනත
මෙවන් දිනෙකදි අඳුරු වූයෙ ද
කෙලෙස අදහනු අඳුරු එපුවත
එ සඳ නුබ ගැබ දිලෙන සඳ අද
ප්‍රේමයෙහි අග සෝකයක් බව
පසක් කළ ඇඳුරිඳුනි ගරුතර
දේවි සුප්පා බිසෝ මනමේ ස්වර්ණතිලකා
කියන්නෙ ද ඒ පරම සත්‍යය
තමන් කුස ඔත් දූ පුතුන් සේ
වැසියන් ද තම දූ පුතුන් යයි
සිතා උන් දුක සැප විමසමින්
නිරිඳු වෙසතුරු දේවි මද්‍රී
සොවින් වැලපෙනු දකිමි අද මම
මළවුන් අවුරුදු ද මළගිය ඇත්තන් ද
මනමේ සිංහබාහු ද පබවත රැඟුම
සාහිත කලා නව නළු අඹරෙහි පිපෙන
සරා සඳ ඔබ ය කිසිදා පර නොවෙන

අගෝස්තු 16 වැනිදාට යෙදෙන සරච්චන්ද්‍ර ගුණ සමරුව නිමිත්තෙනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]