![]() ![]() |
||
මහනුවර සතර මහා දේවාල කප් සිටුවීමේ චාරිත්‍රය
විශේෂයෙන් කප් සිටුවීම සතර මහ දේවාලයේ පමණක් සිදු කැරේ. කප් සිටුවීම සඳහා සුදුසු නැකැත් දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල පිළියෙල කර දෙයි. පැරැණි රජදවස කප් සිටුවීමට තෝරා ගන්නා ලද්දේ ඇසළ ගසකි. අද මේ සඳහා තෝරා ගන්නේ ගෙඩි පල නොගත් කොස් ගසකි. ඒ සඳහා රිකිලි 3 ක් සහිත කොස් ගසක් තෝරා ගැනීම සිරිතයි. නැකැත් මොහොට්ටාල විසින් දෙන ලද නැකැතට අනුව ගෙඩි පල නොගත් එක අත්තේ රිකිලි 3 ක් සහිත කොස් ගසක් තෝරා ගෙන එම ගසේ දෙවියන් අධිගෘහිත නම් බැහැර වන ලෙස ආරාධනා කර විෂ්ණු දේවාලයේ වන්නකුරාළ නියමිත සුදු ඇඳුමින් සැරසී එම කොස් ගසෙන් දකුණු දෙස අත්තකින් අඟල් හතරක් පමණ විෂ්කම්භය ඇති අඩි 06 ක් පමණ දිග ලීයක් කපා ශුද්ධ කොට කපුටකුටවත් වහන්නට නොදී කට්ටකුමංජල් දුම් අල්ලා අත්ත පේ කර එය කෑලි හතරකට කපා සුදු රෙද්දක ඔතා නාථ දේවාලය ප්‍රධාන දේවාල හතරට බෙදා දෙනු ලැබේ. සඳුන් කුඩම
මේ අයුරින් කප මුල්කොට කප වටා දේවාල මැදිකොට ඇතුළේ පෙරහර පැවැත්වීම දින පහක්ම සිදු කෙරේ. මුල් කාලයේ දින පහේම උදේ හා හවස මෙම ඇතුළු පෙරහැර පැවැත්වූ බව ප්රකටය. ඇතුල් පෙරහර දේවාල ඇතුල් පෙරහර දින පහක් පැවැත්වීමෙන් පසු දින පහක් කුඹල් පෙරහර ද දින පහක් රන්දෝලි පෙරහර ද පැවැත්වේ. කුඹල් පෙරහරේ විශේෂ චාරිත්‍රය වන්නේ රන්දෝලි ගෙන නොයාමත් බස්නායක නිලමේවරයා ගමන් නොකිරිමත් ය. සිටවූ කප ගැළවීම ද චාරිත්‍රානුකූලව සිදු කරනු ලබයි.
වට තිර ඇදීම මේ අයුරින් සිව් දේවාල පෙරහර රන්දෝලි හා කප ද රැගෙන ගැටඹේ තොටට සිව් දේවාල කපු මහතුන් විසින් පාරුවකින් මහවැලි ගඟ ඉහළට ගොස් සුබ නැකැත් වේලාවේදී දේවාලයේ කපු මහතා අෂ්ටක කියා වට තිර මැදට වී රන් කඩුවකින් දිය කපා පැන් භාජනයකට පුරවා ගනී. සෙසු කපු මහත්වරු ද ඒ අනුව දිය කපා පැන් පුරවා ගනී. දිය කැපුම් පාරුව දිය කපා අවසානයේ දී ගං ඉවුරට ළඟාවත්ම දිය කපන තොටේ කප තබාගෙන සිටින්නා කප රැගෙන ඔරුව යටිපහු කොට දිය යට කිමිද එම කප දියේ පා කර හැර නා පිරිසුදු වී හඳුන් කල්කයෙන් තිලක තබා තොටුපළේ තාවකාලිකව තබා ඇති රිට්ටා ගෙට යයි. කප් සිටුවීමේ චාරිත්‍රය එතෙකින් නිමාවට පත් වේ. මෙම ලිපිය සැකසීමේදී සිරි දළදා සරණිය ග්‍රන්ථයෙන් තොරතුරු ලබාගත් අතර කප් සිටුවීමේ චාරිත්‍රයේ විශේෂ අවස්ථා විස්තර කළ පත්තිනි දේවාලයේ ජ්‍යෙෂ්ඨ බස්නායක නිලමේ රොහාන් සාලින්ද පරණගම මහතාට විශේෂ ස්තුතිය හිමි වේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |