කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඉන්දික - නවීන් ශූරතාව රැකගනී
කමාන්ඩෝ 4x4 අභියෝගතා තරගාවලිය

ඉන්දික - නවීන් ශූරතාව රැකගනී

ඌව කුඩාඔය, යුද හමුදා කමාන්ඩෝ රේජීමේන්තු පහුණු පාසල් භූමියේදී දෙවන වරටත් ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී මේජර් ජේනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී කමාන්ඩෝ 4x4අභියෝගය ප්‍රසාද ලකුණු 480 ක් ලබාගනිමින් රියැදුරු ඉන්දික සංජය හා සහයක රියැදුරු නවීන් මාරපන දක්ෂතම4ය4එක්ස්ට්‍රීම් ධාවක යුගලය ලෙස ශුරතා හිමිකරගැනීමට සමත් වූහ.

සමස්ත තරගාවලියේ ප්‍රසාද ලකුණු 420ක් ලබාගනිමින් ඉන්දිකට – නවීන්ට හොඳ තරගයක් ලබා දුන් රියැදුරු ෂෙහාර තිළිණ, සහායක රියැදුරු තුසිත ශ්‍රී කුමාර එක්ස්ට්‍රීම් තරග කාණ්ඩයේ දෙවන ස්ථානයට හිමිකම් කීමට සමත්වූහ.

ප්‍රථම විශේෂිත අදියරේදී ඉතාහොඳ කලයක් වාර්තාකරමින් පෙරමුණේ පසු වූ රියදුරු ඒ. බී. ඩී. නිශ්සංකට හා ඒ. බී.ඩී. මධුසංඛට සමස්ත තරගාවලියේදී හිමිවුයේ තෙවන ස්ථානයයි. ඔවුන් සමස්ත තරග අවසානයේදී ලබාගැනීමට සමත් වූයේ ප්‍රසාද ලකුණු 411ක් පමණී.

ප්‍රදීප් මනම්පේරී සමස්ථ එක්ස්ට්‍රීම් තරග ඉසව්වේ ළාබාලතම රියැදුරා ලෙස ඇගැයිමට ලක්වු අතර ලාබාලතම සහායක රියැදුරු ලෙස අකීල සිල්වා ඇගැයිමට ලක්විය.

මෙම තරගාවලියට සමගාමීව දින 05 ක් පුරා යාපනයේ පේදූරු තුඩුවෙන් ඇරැඹි රැලිය කීලෝමීටර් 760ට අදික දුරක් ගතකොට ඌව කුඩා ඔය කමාන්ඩෝ පුහුණු පාසලෙන් නිමාවිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]