![]() ![]() |
||
බැංකු කර්මාන්තයේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට පුරෝගාමී වන ලංකා බැංකු ෆෝචූන් ශාඛා
යමෙකු ලංකා බැංකු ෆෝචූන් ශාඛාවකට ප්‍රවේශ වූ විගස ඔහුට දිස්වන්නේ මනා සේ ඉඩකඩ ඇති එ මෙන්ම සිත් ඇදගන්නා සුලු කාර්යක්ෂම ශාඛාවකි. ශාඛාවකදී ගනුදෙනුවල නියැළී සිටින අතරතුරේදී ගනුදෙනුකරුවන්ගේ සුව පහසුව උපරීම කර ගැනීම සඳහා තමාගේ වාරය එන තෙක් ගනුදෙනුකරුවන් හට අසුන් ගැනීම සඳහා ඉඩ සලසා ඇත. දිගු පෝලිම් නැත. ඒ වෙනුවට ගනුදෙනුකරුවන් හට ඉහළම තාක්ෂණයෙන් යුතු පෝලීම් කළමනාකරණ යන්ත්‍රයෙන් ටෝකනයක් ලබගෙන සුව පහසුවෙන් යුතුව වාඩි වී සිටිය හැකිය. ගනුදෙනුකරුවන් එසේ සිටින කෙටි කාලය තුළ බැංකුව නොමිලයේ ලබා දෙන WIFI ප්‍රවේශ පහසුකම උපයෝගී කොට ගෙන ඔවුනට තම ස්මාර්ට් දුරකථන හෝ ලැප්ටොප් පරිගණක සමඟ කටයුතු කළ හැකිය. ටෝකනයට අදාළ අංකයට ඇමතුමක් ලද විට සහ එය එහි ඇති රූපවාහිනී තිරයන්හි ප්‍රදර්ශනය කළ විට ගනුදෙනුකරුවන් සඳහා ආසන පහසුකම් සහිත කවුන්ටරය වෙත ගොස් තම කාර්යය ගිණුමක් ඇරැඹීම, හෝ මුදල් හෝ චෙක් තැන්පතු මාරු කර ගැනීම හෝ බිල්පත්වලට මුදල් ගෙවීමක් හෝ වෙනත් යම් විමසීමක් වේවා එකම ස්ථානයක වාඩි වී මේ සියල්ල කළ හැකිය.
ලංකා බැංකු ෆෝචූන් ශාඛාවන්හි තවත් විද්‍යමාන ලක්ෂණයක් වන්නේ ස්මාර්ට් සෝන්ය. එය
ATM යන්ත්‍ර, මුදල් තැන්පතු යන්ත්‍ර මෙන්ම අන්තර්ජාල බැංකුකරණ සේවා වලින්
සමන්විත සම්පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය වූ 24 x 7 බැංකු සේවා ස්ථානයකි. අති
විශාල ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් ලංකා බැංකු ෆෝචූන් ශාඛාවන් සතු නවීන මුදල්
තැන්පතු යන්ත්‍ර වෙත ඇදී එනු දැකිය හැකිය. දැන් 50% කට වඩා වැඩි මුදල් තැන්පතු
ගනුදෙනු සිදු කරනුයේ මෙම යන්ත්‍ර මඟිනි. තම ගිණුමට මුදල් තැන්පත් කළ විගස
එසැණින් එම මුදල් ඔබේම ගිණුමට බැර කරනු ඇත. ඒ සඳහා ගිණුම් ශේෂය සඳහන් රිසිට්
පතක් එම යන්ත්‍ර මඟින් නිකුත් කරයි. නව ශාඛාවන්හි සැලැස්මට අමතරව ලංකා බැංකු ෆෝචූන් ශාඛා “ලංකා බැංකු ස්මාර්ට් ජෙන්” නමින් “පාස්පොත් රහිත” ඉතිරි කිරීම් ගිණුම් ප්‍රදානය කරයි. මෙම විශ්ව බැංකුකරණ ඉතිරි කිරීමේ ගිණුම ගනුදෙනුකරුවන් හට ඕනෑම ලංකා බැංකු ශාඛාවකදී ගනුදෙනු කිරීමේ නම්‍යශීලි බව ලබා දෙන්නේ ගිණුම ආරම්භ කරන අවස්ථාවේදී ඔවුන්ගේ අත්සන සහ ඡායාරූපය වැනි විස්තර ඩිජිටල් ආකාරයට ග්‍රහණය කර ගනිමින් එම තොරතුරු ක්ෂණිකව මධ්‍යගත පරිගණක පද්ධතියට යාවත්කාලීන කරනු ලබන බැවිනි. එමෙන්ම ලංකා බැංකු “ස්මාර්ට් ජෙන්” ගනුදෙනුකරු හට නොමිලයේ අන්තර්ජාල බැංකුකරණ ප්‍රවේශය, ගනුදෙනු පිළිබඳව නොමිලයේ කෙටි පණිවුඩ සහ නොමිලයේ මාසික විද්‍යුත් තැපැල් ප්‍රකාශන ලබා ගැනීමේ වරප්‍රසාද භුක්ති විඳිය හැකිය. ගිණුම් ආරම්භ කිරීමේදී ක්ෂණයකින් පූර්ණ වශයෙන් සක්‍රීය වන ආකාරයට අප දිවයිනේ ප්‍රථම ඉතිරි කිරීමේ ගිණුම මෙය බව ද ගනුදෙනුකරුවන් හට ගිණුම විවෘත කළ මොහොතේදීම ඉහත කී සියලු ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි බව ද සැලකිල්ලට ගත යුතුය. හැකි ඉක්මනින් සියලු සේවා ලබා දීමට හැකි වන සේ බැංකුව විසින් මේ ෆෝචූන් ශාඛාවන්හි අභ්‍යන්තර ක්‍රියාවලි නව්‍යකරණය කර ඇත. මෙම ක්‍රියාවලි ගනුදෙනුකරුවන් ශාඛාවන්හි රැඳී බලා සිටින කාලය කැපී පෙනෙන අයුරින් අඩු කර ඇත. සේවාව සඳහා ගත වන කාලයේ වේගය තහවුරු කර ඇති අතර ලංකා බැංකු ෆෝචූන් ශාඛා ගනුදෙනුකාර සුව පහසුව ඉහළ නැංවීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත. පෞද්ගලිකවම අවධානය අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් මේ නව ශාඛා සතුව සෝෆා සහිත විශේෂ මැදිරියක් ඇත. අවශ්‍ය ඕනෑම විටක ගනුදෙනුකරුවන් හට ශාඛා කළමනාකරුගෙන් පෞද්ගලිකවම අවධානය ලබා ගැනීමේ අවකාශය එමඟින් ලබා ගත හැකිය. ශාඛා නවීකරණය යනු ලංකා බැංකුව ලෝකයේ ප්‍රමුඛ පෙළේ උපදේශන සමාගමක් වන ද බොස්ටන් කන්සල්ටින් ගෲප් ඉන්දියා ලිමිටඩ් සමඟ එක්ව දියත් කරන ලද “වෙනස” වැඩසටහනෙහි එක් අංගයකි. මෙම වැඩසටහනෙහි සියලු අංග ගනුදෙනුකාර සේවාව මත ඇති බාධාව ඉවත් කරන අතර දිවයින පුරා විසිරි සිටින ගනුදෙනුකරුවන් හට අන්තර්ජාතික මට්ටමේ බැංකුකරණ අත්දැකීමක් අත්විඳීම තහවුරු කර ගැනීම අරමුණු කර ගෙන ඇත.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |