![]() ![]() |
||
මෙරට ශක්තිමත් බැංකුව-කොමර්ෂල්ෆිච් රේටින්ග්ස් ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් කොමර්ෂල් බැංකුවට ස්ථාවර ඉදිරි දැක්මක් සහිත ජාතික දිගු කාලීන AA(Ika) ණය ශ්‍රේණියක් ලබා දී තිබේ. මේ අතර, අන්තර් ජාතික ගෙවීම් පිළිබඳ බැංකුවේ බාසල් නියමයන්ට අනුකූල, කොමර්ෂල් බැංකුවේ ඇප රහිත ණයකර සඳහාAA(Ika) ණය ශ්‍රේණියක් ෆිච් විසින් ලබා දී ඇත. ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ මෙසේ සඳහන් වේ. “සම තත්ත්වයේ බැංකු සමඟ සැසඳීමේදී ශක්තිමත්ම බැංකුව කොමර්ෂල් බැංකුව ලෙස සැලකිය හැකිය. බැංකුවේ ණය ශ්‍රේණිය AA(Ika) මඟින් එහි තිබෙන මනා අවදානම් කළමනාකරණ සහ එහි ස්වභාවය, ශක්තිමත් ශාඛා ජාලය, පසුගිය ක්‍රියාකාරකම් සඳහා ඇති ඉහළ පිළිගැනීම සහ අරමුදල් සම්පාදනය සඳහා ඇති බැංකුවේ හැකියාව පිළිබිඹු වේ. මේ අතර, බැංකුවේ අක්‍රීය ණය සඳහා ප්‍රතිපාදන ආවරණය අඛණ්ඩව වර්ධනය වෙමින් තිබෙන අතර වත්කම්වල ගුණාත්මක භාවය සතුටුදායක මට්ටමක පවතී. බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු ඉදිරියටත් දැනට පවතින ලෙස මෙම අවම මට්ටමකින් සිදුවනු ඇතැයි අප තුළ තිබෙන අවබෝධය මෙම ණය ශ්‍රේණිය ලබා දීමේදී සාධක කරගෙන ඇත.”
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |