![]() ![]() |
||
සෙලින්කෝ ලයිෆ් සුප්‍රීම් නව රක්ෂණ ඔප්පුවක් හඳුන්වා දෙයිජීවිත රක්ෂණයක් ලබා ගැනීමට අලුත් උනන්දුවක් ඇති කරමින් රක්ෂණ ඔප්පු හිමියාට එය කල් පිරීමේදී සමාගම විසින් ගෙවීමට පොරොන්දු වී තිබෙන මුදල එලෙසම ගෙවන අතරම සෑම වසර හතරකට වරක් සිදු කරන එකවර මුදල් ගෙවීම් මඟින් පොරොන්දු වී තිබෙන මූලික මුදලින් 50% දක්වා ගෙවන ආකර්ෂණීය නව රක්ෂණ ඔප්පුවක් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හඳුන්වා දී තිබේ. ‘සෙලින්කෝ ලයිෆ් සුප්‍රීම්’ ලෙසින් නම්කර තිබෙන මෙම නව ජීවිත රක්ෂණ සැලසුම මඟින් පූර්ණ ජීවිතාවරණයක්, සෑම වසර හතරකටම වරක් එකවර මුදල් ගෙවීම්, සාමාන්‍ය අගය ඉක්මවන කල් පිරීමේ වටිනාකමක්, සහ බරපතළ රෝගාබාධ, රෝහල් ගත වීම් සහ ප්‍රධාන ශල්‍යකර්ම සඳහා අමතර ආවරණයක් ලබා දෙයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |