කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඒෂියන් එලායන්ස් හි සහකාර සාමාන්‍යාධිකාරිවරු සිවු දෙනෙක් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට

ඒෂියන් එලායන්ස් හි සහකාර සාමාන්‍යාධිකාරිවරු සිවු දෙනෙක් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට

ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ විශිෂ්ට වෘත්තීය දැනුමෙන් සහ අත්දැකීමෙන් ජ්‍යෙෂ්ඨත්වයට පත් සහකාර සාමාන්‍යාධිකාරිවරුන් සිවු දෙනෙකු සමාගමේ ප්‍රගතිය වෙනුවෙන් දක්වන ලද දායකත්වය අගය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් බවට පත් කරමින් උසස් වීම් ප්‍රදානය කර ඇත.

සමාගමේ රක්ෂණ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ ජීවිත රක්ෂණ මෙහෙයුම්, ජීව ගණිතඥ, තොරතුරු තාක්ෂණ සහ මූල්‍ය යන අංශයන් නියෝජනය කරමින් මෙම උසස් වීම් ප්‍රදානය කර ඇත. වේගයෙන් ඉලක්ක කරා හඹා යා හැකි තරුණ වෘත්තිකයින්ට ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගම ඔවුන්ගේ දිවි මග ජයගන්නට තෝතැන්නක් වී තිබේ. ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා, “මෙම නව ව්‍යුහය මඟින් පාරිභෝගිකයාට වඩාත් ඉහළ තත්ත්වයේ සේවාවක් සැලසීම සඳහා අපගේ හැකියාවන් වර්ධනය වෙනවා. මෙම පියවර අපගේ ඉදිරි වර්ධන උපාය මාර්ගය සමඟ හොඳින් සැස‍ඳෙන අතර අපගේ මානව සම්පතේ සංවර්ධනයක් මෙමඟින් සිදු වෙනවා. එබැවින් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම වෘත්තිකයන් නිර්මාණය කර ගැනීමේ හැකියාව අපට ලැබෙනවා.”

උසස් වීම් ලද ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් වන්නේ ලසිත විමලරත්න (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජීවිත මෙහෙයුම්), සුරංග වඩුගේ (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජීවිත රක්ෂණ ජීව ගණිතඥ), අමල් ධර්මප්‍රිය (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - තොරතුරු තාක්ෂණ), ඩිලන් ක්‍රිස්ටොස්ටොම් (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මූල්‍ය).


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]