![]() ![]() |
||
ආසන 196ට 6151ක් තරග බිමේනිදහස් ලංකාවේ පහළොස් වැනි පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (17) පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා රට පුරා පැවැත්වේ. මේ ඡන්දයට මහජන නියෝජනය තෝරා පත් කර ගැනීමට 2014 මැතිවරණ නාමලේඛනයේ ලියාපදිංචි වී සිටින ඡන්දදායකයෝ 15044490 දෙනෙක් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටිති. ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 12314 කි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1600 කි. මේ ඡන්දයට අපේක්ෂකයෝ 6151 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. පිළිගත් දේශපාලන පක්ෂ 35කින් අපේක්ෂකයෝ 3653දෙනෙක් ද ස්වාධීන කණ්ඩායම් 201කින් අපේක්ෂකයෝ 2498 දෙනෙක් තරග කරති. ඡන්ද මධ්‍යස්ථාන සේවා කටයුතු සඳහා යොදවා ඇති රාජ්‍ය සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව 1,30,000කි. ඡන්දය ගණන් කිරීමේ කටයුතුවලට 70,000ක පමණ සේවක පිරිසක් යොදවා ගනු ඇත.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |