![]() ![]() |
||
මැකො පොලීසියට බලය පවරයි!
ඡන්දපොළට බියෙන් සැකයෙන් තොරව ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම ඡන්ද දායකයකුටම ආරක්ෂාව මෙන් ම සුදුසු වාතාවරණය ද සකසා තිබෙන අතර සාමකාමීව ඡන්දය පාවිච්චි කිරීමට 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ සියලුම කටයුතු සම්පාදනය කැර ඇති බව ද මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. සාර්ථක මැතිවරණයක් පැවැත්වීම මිස, ඡන්දය දිනයේ කලබලකාරී ලෙස හැසිරෙන්නට ඡන්ද පොළේ අවකාශයක් නොලැබෙන අතර සිය බලය පෙන්වන්නට ඡන්ද පොළදී හෝ ඒ අවට කිසිවකුට ඉඩ නොලැබෙන බව ද ඔහු සඳහන් කළේය. නීතියට එරෙහි යම් සිදුවීමක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ හෝ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්දය අවලංගු කරන්නට වුව ද පසුබට නොවන බව ද ඡන්ද කාල සීමාව තුළ දිවයින පුරා ඡන්දය පැවැත්වෙන කටයුතු ආකාරය තමා නිරීක්ෂණය කරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටී.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |