![]() ![]() |
||
අලුත් රටක් හදනවා
- සුසිල් ප්‍රේම්ජයන්ත් අගෝස්තු 18 වැනිදා වන විට අලුත් ගමනකට මුල පුරමින් පණ ඇති රටක් එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ ජයග්‍රහණය සමඟ නිර්මාණය කරන බව එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. සන්ධානයේ නායක ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනය සන්ධානයේ ජයග්‍රහණය බවත් මහින්ද - මෛත්‍රි ඉතා හොඳ සුසංයෝගයක් බවත් ජනාධිපතිවරණයේදී බුලත් කොළයට ඡන්දය පාවිච්චි කළ 58 ලක්ෂය ද හංසයාට ඡන්දය පාවිච්චි කළ 62 ලක්ෂයෙන් කොටසක් ද බුලත් කොළයට මෙදා ඡන්දය පාවිච්චි කරන බවත් පැවසූ සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා ඒ නිසා පැහැදිලිව ම මැතිවරණ දිස්ත්‍රික්ක 14කට වැඩි ප්‍රමාණයක් සන්ධානය ජයග්‍රහණය කිරීම ස්ථිර බවත් කීය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |