කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
එජාපෙ විශිෂ්ට ජයක් ලබනවා

එජාපෙ විශිෂ්ට ජයක් ලබනවා

- සජිත් ප්‍රේමදාස

මෙදා පවත්වන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ලක්ෂ 10කින් පරාජයට පත් කර එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් උදාකර ගන්නා බව නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කීය.

“මහින්ද මහත්මයා මටයි මගේ පවුලේ අයටයි මඩ ගහන්නේ ‘පැරචුට්කාරයා’ කියලා?. නමුත් මම එතුමගෙන් අහනවා අද හම්බන්තොට අතහැරලා කුරුණෑගලට පැන්න පැරචුට්කාරයා කවුද කියලා යයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජනාධිපතිවරණයෙන් රටේ ජනතාව ප්‍රතික්ෂේප කර සිටි මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයෙන් අගමැතිකම ගන්න බලාපොරොත්තු තියාගෙන සිටියත් එය සිදු නොවන බවද ඔහු පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]