කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අපරිමිත බුදුගුණ පිළිමයට කැටි කළ විපුලසාර යතිවරයාණෝ

අපරිමිත බුදුගුණ පිළිමයට කැටි කළ
විපුලසාර යතිවරයාණෝ

ලක් වැසියන් තුළ ශ්‍රද්ධා භක්තිය දනවන අටියෙන් අපේ යතිවරයන් වහන්සේ බොහෝ ධර්ම ග්‍රන්ථ ලියූහ. ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්මරත්නාවලිය ලියූහ. වනවාසී ධම්මදින්නාචාරී විමලකිත්ති හිමියෝ සද්ධර්මරත්නාකරය ලියූහ. ගඩලාදෙණි විහාරාධිපති ධර්මකීර්ති සංඝරාජයෝ සද්ධර්මාලංකාරය ලියූහ. මයුරපාද පරිවේණාධිපතීන් වහන්සේ පූජාවලිය ලියූහ. වීදාගම මාහිමියෝ බුදුගුණාලංකාරය ලියූහ.

ඒ භාෂා ශාස්ත්‍රඥානය පරය ප්‍රචලිත නොවූ අවදියකය. එම ධර්ම පුස්තක ශ්‍රව්‍ය මාධුර්යයෙන් සමාහිත වූ කල්හි, මළ පොතේ අකුරක් නොදන්නා හුදී ජනයා පවා සිය සිත්හි ශ්‍රද්ධා භක්තිය උපදවා ගත්හ.

එහෙත් දැන උගතුන්ට මෙන්ම හුදී ජනයාට ද දැකීම් මාත්‍රයෙන්ම ශ්‍රද්ධා භක්තිය උපදවා ගැනීමට අපේ ගල් වඩුවෝ පණ පිහිටුවා බුද්ධ පරදී තිමා නිර්මාණය කළහ. මහ මෙව්නාවේ සමාධි පිළිමය - පන්කුළිය - පුවරුසංකුලම - තොලූවිල හිඳි පිළිම ද - බුදුරුවගල - අවුකන - රැස්වෙහෙර - රුවන්මැලිසෑ මලූව - මහඉලූප්පල්ලම හිටි පිළිම මෙන්ම, පොළොන්නරුවේ ගල් විහාරය - දඹුලූ විහාරයේ සැතපෙන පිළිමය ද දුටු දුටුවන් තුළ ශ්‍රද්ධා භක්තිය දනවන සුළුය.

එහෙත් ගල් වඩුවන් මිස අපරිමිත බුදුගුණ මැනවින් දත් කිසිදු යතිවරයන් වහන්සේ නමක විසින් කවර හෝ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කළ බවට කිසිදු ඓතිහාසික සාධකයක් කිසි තැනෙක නැත.

දේවානම්පියතිස්ස රජුන් විසින් ථූපාරාමයේ විසල් ශිලාමය බුද්ධ පරියනතිමාවක් පිහිටුවූ බවත් එය ජෙට්ඨතිස්ස රජුට හමු වූ අතර එතුමා එය පාචීණතිස්ස පබ්බත විහාරයේ තැන්පත් කළ බවත් මහාවංසය කියයි. බුද්ධ පරය ජතිමා පිළිබඳ පර්යේෂණ කළ ඞී.ටී. දේවේන්ද්‍ර මහතා කියන්නේ බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලංකාවේම සිදු වූ බවයි.

ආත්ම සංයමය - නිශ්චල ශාන්තභාවය - ආධ්‍යාත්මික නිර්මලත්වය මහා කරුණා ගුණාංග මූර්තිමත් කළ අනුරාධපුර මහ මෙව්නාවේ සමාධි බුද්ධ පරභාවතිමාව බුදුන් උපන් දේශයේ ජනනේතෘ ශ්‍රී නේරුතුමන් වශීකෘත කිරීමට සමත් විය. එම පර පරතිමාවේ කැඞී ගොස් තිබූ නාසය, ලෝංහර්ස්ට් නම් සුදු ජාතිකයා විසින් ප්‍රකෘතිමත් කළ ද එය අසාර්ථක විය. මෙම අසමසම කලා නිර්මාණයේ මේ අඩුව, මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ නිර්දේශයෙන් එහි ශ්‍රේෂ්ඨත්වය රැකෙන පරිදි යථා තත්වයට පත් කරන ලද්දේ මාපලගම විපුලසාර යතිවරයාණන් විසිනි. සමාධි පිළිම නිර්මාණකරුගේ පරි යතිභාවට අලගු තියන්නටවත් කෙනෙකු සොයාගත නොහැකි යැයි සිතූ පරණවිතාන සූරීහු, මාපලගම විපුලසාර මූර්ති ශිල්පියාගේ දක්ෂතාවෙන් විස්මයට පත් විය.

පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ නමක නොවී, කලාකාර හාමුදුරු නමක වීම පිළිබඳ විපුලසාර හිමියන් සෑහීමකට පත් ප්‍රථම අවස්ථාව ද, කලාවේ තමන්ගේ ගමන් මඟ අති දීර්ඝ බව වටහාගත් ප්‍රථම සංසිද්ධිය ද මේ බව උන්වහන්සේ පසක් කරගත්තාට සැකයක් නැත.

19 වැනි සියවසේ අග භාගයේ දී බෞද්ධ පුනරුදයත් සමග බිහි වූ පරමන මුඛ පරිවේණස්ථානය වනුයේ, මාලිගාකන්දේ විද්යෝදය පිරිවෙන - කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන සහ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනයි. 1841 පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ කළ වලානේ ශීරංකා සිද්ධාර්ථ නාහිමියන්ගෙන් ධර්ම - විනය හදාළ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විද්‍යෝදය පිරිවෙන ද - රත්මලානේ ධර්මාරාම හිමියන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ද පිහිටුවීමෙන් දසත පැතිර ගියේ පරමධම්මචේතියේ කිතු ගොසයි.

පරමධම්මචේතිය පිරිවෙන දෙස්-විදෙස්හි කීර්තිමත් කළ අනෙක් යතිවරයන් වහන්සේ වනුයේ මාපලගම විපුලසාර මාහිමියෝය.

පරමධම්මචේතිය පිරිවෙන්හි අධිපතිව සිටි වලානේ සට්ඨිස්සර හිමිපාණන් සහ විද්‍යෝදය පිරිවෙනේ මාපලගම චන්ද්රචජෝති හිමියන්ගේ මිත්‍ර සන්ථවය නිසා මාපලගම ගංගාරාමාධිපතීන් වහන්සේගේ අවුරුද්දේ පිංකමේ දී මාපලගමින් පැවිද්දට පින්වත් දරුවෙකු සොයන ලදී. මාපලගම අලූත්තානායම්ගොඩ ගම්මුලාදෑනි සියනෝරිස් ගණේවත්ත රාළහාමිට මේ බව සැලවූයෙන්, තම පිරිමි දරුවන් පස් දෙනාගෙන් මහණකමට කැමැත්ත විමසීය. 1925 මාර්තු 3 වැනිදා උපන් වැඩිමහල් පුත් විජේදාස ගණේවත්ත මහණකමට එකපයින් කැමති විය.

ප්‍රතිසංස්කරණයෙන් පසු රුවන්වැලි මහා සෑයේ චූඩාමාණික්‍යය පැළඳවීමේ පුණ්‍යෝත්සවය එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ, හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමියෝ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනේ ශිෂ්‍යවරයෙක් වූහ. මේ නිසා එම පිංකමේ සති පිරිතේ වාරයක් පරමධම්මචේතියට ලැබිණි. මහණදම් පිරීමට පෙරුම් පුරමින් සිටි විජේදාස ළමයාට ද චූඩාමාණික්‍යය පැළඳවීමේ පිංකමට යෑමේ අවස්ථාවට ලැබිණි. එසේ ගිය ද පිරිත පිළිබඳ වගේ වගක් විජේදාස ළමයාගේ සිත තුළ නොවීය. ඔහු පිරිත අතරතුර හාත්පස ගල් කැටයම් - මුරගල් - සඳකඩපහන් - මල්ලියකම් නරඹමින්, අතපතගාමින් කල් යැවීය. අපේ ඉපැරැණි කලාකරුවන්ගේ ප්‍රතිභානය විජේදාස ළමයා අමන්දානන්දයට පත් කළේය.

පරමධම්මචේතිය පිරිවෙන වලානේ සට්ඨිස්සර නාහිමියන් භාරයට පත් කළ ළමා වයසේ විජේදාස චිතරලතා අඳී - කැටයම් කපයි - සැරසිලි කරයි - පිරිත් මඩු හදයි. ඒ අතර විජේදාස ගණේවත්ත 1940 දී මාපලගම විපුලසාර බවට පත්විය. මුලින්ම පරමධම්මචේතිය පිරිවෙණේ සිප්සතර හදාළ විපුලසාර හිමියන්ට 1942 දී හටගත් යුද කලබල නිසා අගලවත්තේ ප්‍රතිරාජ පිරිවෙනට ද ඉනික්බිති 1945 දී මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ද බැඳී ශාස්තර්ව හදාරන්නට සිදුවිය. එහෙත් විපුලසාර යතිවරයාට ධර්ම ශාස්තරාදී පාරපරා‍කලප්ත පඬිවරයෙකු වීමේ උවමනාවක් නොවීය. එතුමන්ගේ හිත ගියේ චිත්‍රයටය - කැටයමටය - මාලාකර්ම ලතාකර්ම වලටය.

තරුණ යතිවරයන් විසින් අඳිනු ලැබූ ජාතික වීරයන්ගේ චිත්‍ර කිහිපයක් දුටු මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා, ‘‘ ඒ කාගේ වැඩක් දැ’’ යි සට්ඨිස්සර මාහිමියන්ගෙන් විමසීය. ‘‘ඔය මෙහේ ඉන්න අර පිස්සු උන්නාන්සෙගෙ වැඩක්’’ යැයි උන්වහන්සේ කීහ. ගොක් කොළ - හබරල කොළ - කැටයම් වැඩ නිසා ගුරු හාමුදුරුවන් වරෙක කුඩා විපුලසාර හිමියන් හැඳින්වූයේ ‘බලිකාරයා’ යනුවෙනි.

මේ ‘පිස්සු උන්නාන්සේ හෙවත් බලිකාරයා’ තුළ සිටින්නාවූ අංකුර කලාකරුවා තෙවැනි ඇසින් දුටු මලලසේකර මහතා, මේ පුංචි උන්නාන්සේ ලංකා කලායතනයේ ජේ.ඞී.ඒ. පෙරේරා මහතා වෙත කැටුව ගොස් එහි තුන් අවුරුදු පාඨමාලාවට සම්බන්ධ කළේය. ඉනික්බිති එවක සිටි විශිෂ්ටතම දිය සායම් චිත්‍ර ශිල්පියා වන මුදලිඳු ඒ.සී.ජී.එස්. අමරසේකර මහතා වෙතින් දිය සායම් චිත්‍ර කාලව ද හැදෑරීමට පුංචි උන්නාන්සේට මඟ විවෘත විය. තක්සලාවක් වන් පරමධම්මචේතියෙන් ශාස්ත්‍රඥානය ලබා, පැවිදි පඬිරුවනක් වීමට උනන්දු නොවීම නිසා ලොකු හාමුදුරුවො නොපහන් සිතින් සිටියහ. එදා සුදු ජාතිකයන් විසින් ආරම්භ කරන ලද ලංකා කලා මණ්ඩලය දේශීය කලාවටත්, කලාකරුවාටත් සැලකුවේ කුඩම්මාගේ සැලකිලිය.

1951 ඔවුන්ගේ කලා දැක්මට විපුලසාර පොඩි උන්නාන්සේ ඉදිරිපත් කළ රේඛාමය බුද්ධ චිත්‍ර පන්තිය ප්‍රති‍ක්ෂේප විය.

එහෙත් කලාත්මක ඇසක් තිබූ ඞී.බී. ධනපාල සූරීන්, එම චිත්‍ර අගය කරමින් ‘ලංකාදීපයේ’ විචාරයක් පළ කළේය.

‘‘ලොකු වැඩ කරන පොඩි සාදු’’ හිසින් පියල් වික්‍රමසිංහ මහතා ප්‍රසංශාත්මක ලිපියක් ද පළ කළේය. එම චිත්‍ර ‘ශාරිපුත්ස‍රයෙහි’ විධි නියමයන්ට අනනුකූල නොවන පරිදි නිර්මාණය කර තිබිණි.

දේශීය කලාව කොන් කිරීම ගැන කල්පනා කළ මාපලගම විපුලසාර හිමියෝ 1951 දී ජාතික කලා පෙරමුණ පිහිටුවා, දේශීය චිතරනා - මූර්ති - නර්තනය - ගොක් කලාව - හබරල කැටයම් ආදී සංස්කෘතිකාංගවලට පුනරුදයක් ඇති කරදීමේ ව්‍යාපාරයක් දියත් කළහ.

ලංකාදීප කර්තෘ ඞී.බී. ධනපාල සහ ‘‘සිලෝන් ඬේලි නිව්ස් ’’ කර්තෘ දෙපළ ජාතික කලා පෙරමුණ දිරිමත් කරමින් උපරිම ප්‍රචාරයක් ලබාදුන්හ. දැන් දැන් විපුලසාර පොඩි උන්නාන්සේ මේ කලාවෙන් ගලවාගත නොහෙන බව සට්ඨිස්සර නාහිමියන්ට වැටහී ගියේය. බැරිම තැන ‘‘ දැන් තමුසෙ ඔහොම හිටියා ඇති. තමුසෙ දැන් රටත් ලෝකයත් පිළිගත් කෙනෙක් වෙලා අවසානයි. මා පමණක් විරුද්ධව ඉඳීමෙන් පළක් නැහැනෙ. පන්සලට ඇවිත් ඒවත් බලාගෙන ඔය වැඩත් කරගෙන ඉන්නව.’’ යි කීවද විපුලසාර හිමියන් පරමධම්මචේතිය පිරිවෙනට පැමිණෙන්නට පෙර ගුරු හාමුදුරුවෝ අපවත් වූහ. විපුලසාර උන්නාන්සේ පාණ්ඩිත්‍යයෙන් කෙසේ වෙතත්, කලාවෙන් රට කීර්තිමත් කරන බව වටහාගෙන උන්වහන්සේ සැනසිල්ලේ දෙනෙත් පියාගන්නට ඇත.

1960 ජනවාරි 14 වැනිදා මාපලගම විපුලසාර හිමියන් ඒ අද්විතීය පරමධම්මචේතිය පිරිවෙනේ අධිපතීන් වහන්සේ වන්නේ කැලණි පාර්ශ්වයේ පූජ්‍ය කලූකොඳයාවේ පඤ්ඤාසේකර මහනාහිමියන් ප්‍රමුඛ සංඝ සභාවේ ඒකමතික තීරණයෙනි.

පරමධම්මචේතිය පිරිවෙන පරම පූජනීය ස්ථානයක් ලෙසද පඬිවරුන් බිහිකරන කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු පවුණු කළ විපුලසාර හිමියෝ, තමන් ඇලූම් කළ - තමන් ප්‍රගුණ කළ චිත්‍ර - මූර්ති - කැටයම් පිළිබඳ වඩ වඩාත් පර්යේෂණවල යෙදුනහ.

දේශ දේශාන්තරවල චිත්‍ර කලා - මූර්ති කලා - කැටයම් කලා අධ්‍යයනය කළහ.

සිවුරේ ඉඳගෙන කලා වැඩ නොකරන්නෙ මැයි ප්‍රති‍ඥාවක් ඉල්ලූ ගුරු හාමුදුරුවන්ගේ සිත නොරිදවා පන්සලෙන් පිට වූ විපුලසාර පොඩි හාමුදුරුවෝ තිරානගම රතනසාර හිමි - හෙන්රි ධර්මසේන සමග මරදානේ ඇවන්ඩල් පාරේ බෞද්ධ මධ්යරස්ථානයේ කාමරයක නැවතී කලාවේ නියැළුණහ. දිවා කාලයේ කලා කටයුතු කිරීමට මලලසේකර මහතා කලාභවනේ කාමරයක් ලබාදුන්නේය. ඇල්බට් එදිරිසිංහ මහතා දානමාන සපයා දුන්නේය. භාරතීය කලාව හැදෑරීමට රූපා කරුණාතිලක මහතා සමග ඉන්දියාවට ගොස් තෙමසක් එහි කලා කෘති නිරීක්ෂණය කළේය. එහිදී භාරත අගමැති ශ්‍රී නේරුතුමන් ද හමුවිය.

1956 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පැමිණි ජපානයේ මිකාසා කුමරු පිළිගැනීමට දේශීය ගොක්කොළ කලාවෙන් අලංකෘත සැරසිලි කිරීම භාරවූයේ විපුලසාර හිමියන්ටය. ඉන්පසු නිදහස් උත්සවය ඇතුළු බෝහෝ ජාතික උත්සව විචිතරසි වත් කිරීමට විපුලසාර හිමියන් හැර අනෙකෙකු නැති තරම් විය. කැලණිය විද්‍යාලංකාර විශ්වවිදාලය විවෘත කිරීමට සැපත්, රාජේන්ද්‍ර ප්‍රසාද් මැතිඳුන්ට පා තැබීමට විචිත්‍ර ගොක්කොළ පලසක් උන්වහන්සේ නිර්මාණය කළහ.

1974 දි ශීරකි ලංකාවට සැපත් පාවුළු පාප්වහන්සේට දිව්යු පූජා යාගය පැවැත්වීමට තැඹිලි - පොල් - ගොක් කොළ - හබරල කොළ ආදී දේශීය අමුද්රකව්යා යොදා ගාලූ මුවදොර අලංකාර මණ්ඩපයක් තැනූ උන්වහන්සේ 1994 දී සපැමිණි පාප්වහන්සේ වෙනුවෙන් ද අලංකාර මණ්ඩපයක් ඉදිකොට ජාත්‍යන්තර ප්‍රසංශාවට පාත්‍ර විය. තමන් වෙනුවෙන් ඉදිවුණු මණ්ඩපයේ විචිත්‍රතාවෙන් පැහැදුණු පාප්වහන්සේ වතිකානයේ සාම්ප්‍රදායික චිත්‍ර - මූර්ති ආදී කලාවන් පිළිබඳ අධ්‍යයනයකට විපුලසාර හිමියන්ට ආරාධනාවක් ද කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කළ අවස්ථාවේ ජනරජ ලාංඡනය නිර්මාණය කිරීමෙන් විපුලසාර නාහිමියෝ ජාතික ඉතිහාසයේ නොමැකෙන නාමයක් අත්කරගත්හ. ධර්ම චකර්මාය - සිංහ ලාංඡනය - ඉරහඳ - පුන්කලස් - වී කරල් සහිත සංරචනයෙන් සෞන්දර්යපූර්ණ වූද, අර්ථසම්පන්න වූද ජනරජ ලාංඡනය විපුලසාර හිමිපාණන් තුළ පැවති දේශජ කලා ප්‍රාගුණ්‍යයත් - අසීමිත කලා කෞශල්‍යයත් මැනවින් පිළිබිඹු කළේය.

ස්පාඤ්ඤයේ පැවති ‘‘එක්ස්පෝ’’ ප්‍රදර්ශනයේ ලක් මැඳුරේ ෆයිබර් ග්ලාස්වලින් අවුකන බුදුරුවේ අනුරුවක් නිර්මාණය කළ විපුලසාර හිමියෝ ජපානයේ ටෝකියෝ නුවර ‘‘හොමියුරු’’ උද්‍යානයේ අනුරාධපුර ථූපාරාම දාගැබේ අනුරුවක්ද ඉදි කළහ. ලන්ඩනය - සිඞ්නි - වොෂිංටන් - නිව්යෝර්ක් - බටහිර බර්ලිනය - පැරිසිය - හොංකොං සහ මැලේසියාවේ විහාරස්ථානවල අද පිදුම ලබන බුද්ධ ප්‍රතිමා සියල්ල විපුලසාර හිමිගේ නිර්මාණයෝ වෙති. පොදු රාජය මණඩල මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා අංශයේ වැඩ සිටින්නේ ද විපුලසාර හිමියන් කළ බුදුරුවකි. ඒ එතෙරය.

ජනාධිපති මන්දිරය - විහාර මහාදේවි උද්‍යානය - කොළඹ ආනන්ද විද්‍යාලය - නාලන්දා විද්‍යාලය - දකුණු කොළඹ මහ රෝහල - ද සොයිසා රෝහල - බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය - රක්ෂණ සංස්ථාව - කොටුව සම්බුද්ධාලෝක විහාරය - කොස්සින්න රජමහා විහාරය - නුගේගොඩ ශ්‍රී විජයවර්ධනාරාමය ඇතුළු බොහෝ වෙහෙර විහාරස්ථානවල විපුලසාර හිමියන්ගේ බුද්ධ ප්‍රතිමාවෝ අප්‍රමාණ පූජාවට ලක්වෙති. ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතාව ඇසුරින් කළ ‘‘දෛවයෝගය’’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ද විපුලසාර හිමියෝය.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පතා ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කිරීමේ දී පුරෝගාමී මෙහෙවරක් කළ විපුලසාර හිමියෝ (තායිවානය) උප සභාපති ධුරය ද කැලණි සංඝ සභාවේ ලේඛකාධි ධුරය ද දැරූ උන්වහන්සේ නෙළුවේ ජිනරතන නාහිමියන්ගෙන් පසු ඉන්දියාවේ මහබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් පදවිය දරමින් පුස්තකාල ගොඩනගමින්, නොමිලයේ වෛද්‍ය සේවා සලසමින්, ඉන්දියාවේද සුවිශාල ශාසනික සේවාවක් ඉටු කළහ. 1991 මහබෝධි ශත සංවත්සරය ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වූ විපුලසාර හිමියෝ තමන්ගේ ප්‍රථම ශාස්ත්‍රීය කේන්ද්‍රස්ථානය වූ පරමධම්මචේතිය පිරිවෙනට පුනර්ජීවනයක් ගෙන දීමට ජපානයේ සහය ඇතිව මහාර්ඝ සේවාවක් ඉටු කළහ. පරමධම්මචේතිය පිරිවෙනේ අධ්‍යාපන තත්වය නංවා විදේශීය බෞද්ධ ශිෂ්‍යයන්ට දොර හැර දීම නිසා බුරුම - ජපන් - චීන - කාම්බෝජ - කොරියානු ශිෂ්‍යවරයන් වැඩි වැඩියෙන් එහි පැමිණියහ. පාලි - සංස්කෘත භාෂාධ්‍යයනයෙන් ප්‍රථමයාට ශ්‍රී සිද්ධාර්ථ ශිෂ්‍යත්වය පිරිනමමින් ඔවුන් දිරිගැන්විණ.

ශ්‍රී සිද්ධාර්ථ ශාලාව අරඹා, එය දායකයන්ගේ විවාහ මංගල්‍යය, අවමංගල්‍යය කටයුතු ඇතුළු පොදු සේවා සඳහා නොමිලයේ ලබාදුන්හ.

ශ්‍රී ලංකාවේ නූතන කලා ප්‍රබෝධය ගැන ලියන විට ජාතියේ ජනරජ ලාංඡනය නිර්මාණයෙන් රාජ්‍ය නායකයා වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ ප්‍රතිමාවක් නිර්මාණයෙන් ප්‍රථම ජනාධිපති ධජය නිර්මාණයෙන් ලෝ පතළ අවුකන ප්‍රතිමා වහන්සේට කලාත්මක ආවරණයක් නිර්මාණයෙන් ඓතිහාසික මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රකෘතිමත් කිරීමෙන් හා මහමෙව්නා උයනේ සමාධි පිළිම වහන්සේ යථා තත්වයට පැමිණවීමෙන් කළ කලා මෙහෙවර අපරිමිතය.

මාපලගම විපුලසාර යතිවරයන් විසින් ශ්‍රී ලංකාවේ ද - පෙරපර දෙදිග බොහෝ රටවල ද නිර්මාණය කරන ලද අප්‍රමාණ බුද්ධ ප්‍රතිමාවන් නන් දෙසින් පැමිණෙන - නන් භාෂා වහරන - නන් ජාතීන්ට අනන්ත බුදුගුණ මේ මහා භද්‍ර කල්පය පවතිනා තුරු සාර්වත්‍රික බසකින් කියාදෙනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]