සිතුලිය

වරද
ස්වාමිනි
නැඟි සිටින්න
මගෙ වරදට සමාවන්න ස්වාමීනි
එය මගේ නොව
සිතෙහි වරදකි
නැත ස්වාමීනි,
සිතෙහි නොව
ඉඳුරන්ගේ වරදකි
සිත නොතකන ඉන්ද්‍රියෝ
එවෙලෙහි
බලවත්ව නැඟි සිටියෝය
ඔබ මිස
අන් කිසිවකු නොහඳුනන
මගේ සිත වරදෙහි ඉන්ද්‍රියන් හා එක් නොවීය
නැගී සිට සමාවන්න ස්වාමීනි
මම නැගි සිටියෙමි
නැගි සිට
ඇගේ අත් පා බැද
රුක් අත්තන ලැහැබ අතරින්
ඈ ඔසවාගෙන ගොස්
පුළුල්ව ගලා බස්නා ගඟෙහි
ගැඹුරු තැනකට විසිකොට
මහත් හඬ නඟා
කැළැඹුණු දිය,
යළිත් ශාන්ත වන තෙක් බලා සිට
ආපසු ඇවිත්
සයනයේ වැතිර
නෙත් පියා ගතිමි
ජී.බී.
සේනානායක 1913 - 1984
කෙටිකතාකරුවකු නවකතාකරුවකු මෙන්
ම කවියකු වූ ජී.බී. සේනානායකයන් උපත
ලද්දේ 1913 ජූලි මස 10 වැනිදාය. මිතුරිය,
ගමන සහ මුළාව පළිගැනීම ජී.බී.
සේනානායකයන් විසින් රචනා කරන ලද කෙටිකතා
සංග්‍රහ වේ. සිංහල සාහිත්‍යයට නිසදැස් කවිය
හඳුන්වා දීමේ පුරෝගාමියා වන ඔහු මුලින් ම
පළිගැනීම කෙටිකතා සංග්‍රහයේ රුව දැකීම,
දෙවියන් මැරීම ආදි වූ රචනා කිහිපයක් ම
ඇතුළත් කළේය. දැල්කවුළුව සහ වඳිමි ඔහුගේ
කාව්‍ය සංග්‍රහ වේ.
මේධා චාරුමුඛ වරදත්ත රළ බිදුම අවරගිර
නවකතා මෙන් ම මහා ලෝබය, හාල්මැස්සා,
මල්කුමාර ආදි සුරංගනා කතා ද රචනා කර ඇත්තේ
ය. විනිවිදිමි අඳුර නම් ස්වයං
චරිතාපදානය ද ලියා ඇති ජී.බී.
සේනානායකයන් ජීවිතයේ සැඳෑසමය ගෙවමින්
සිටියදි දෑස් අඳ භාවයට පත් මේ ලේඛකයා
විනිවිඳිමි අඳුර රචනා කර ඇත්තේ ඒ
කාලයේදීය. විචාර කෘති කිහිපයක් ද රචනා කර
ඇති ජී.බී. සේනානායකයන් සාහිත්‍ය සූරි
සම්මානයෙන් ද පිදුම් ලබා ඇත්තේය. ඔහුගේ
අභාවය 1984 දී සිදුවීය.
කන්ද පාමුල පටාචාරා
දිවා රෑ කඳුළු හෙළු ආකහේ නිදන සඳ
ඒ කඳුළු පිස දමා අවදි වුණි අරවින්ද
සීත සළු උනන විට තුටින් මීරියබැද්ද
හිතක් පපුවක් නැතුව නුඹ දැපුවෙ ඇයි කන්ද...
අඩ නින්දෙ මා ළයේ දැවටිච්චි කිරි සුවඳ
මිහි කුසේ හංගගෙන මිරිකගෙන පණ කෙන්ද
හිස පොළොවෙ ගසාගෙන හඬන හැටි මේ කන්ද
නුඹට මා කළ වරද කියාපන් මට කන්ද
උපන් දා පටන් හරි හම්බ කළ සේසතද
දෙපා සිවුපා විහඟ ගස් වැල් ද වන මල්ද
දලු නෙරේ නෙළා ගෙන එන්න ගිය මගෙ හිමිද
සළකුණක් නොතබාම නුඹ කොතැන හැංගුවද...
සුසුම් බිම අතුරලා දුක කියා අපි වැන්ද
කඳුළු අරගෙන ඇවිත් පඬුරු අතු අග බැන්ද
සංහිඳත් ඉදිරිලා දෙවියනේ ඔබ කොහෙද
ඇවිලෙනා ගිනි කන්ද නිවන්නේ දැන් කවුද...
නිර්මලී කරුණාරත්න
හිනාවෙන්න
එපා නඟේ තරහ වෙන්න
බෑමට එය දරාගන්න
පුරුදු ලෙසින් සිනහ වෙන්න
මගෙ දිවියේ ජය ලබන්න
සිනහ පිරුණු ඔබගෙ වත
නිහඬ නිසංසල ඔබේ වත
සිහිවෙයි නිති ඔබේ දෙනෙත
එපා නඟේ තරහ වෙන්න
කෙනෙක් යාලු මාත් එක්ක
පුරුදු ලෙසින් සිනහ වෙන්න
සුවඳයි සැමදා මිතුදම්
සිසිර දෑසමන් කුමාර
බමන බඹරු
සුවඳ මල් වෙත පියඹලා යන
මලින් නො නැසී තවත් මලකට
මන්ද බඹරෝ තුඩින් රොන් ගෙන
තලා දැමුවේ විකසිත මල් පොකුර
නුඹෙන් උගත්තෙමි යථා බව මං
මලින් මල වෙත රොනින් ගණින්නට
බලා ඉන්නා විස බඹර කැළ
මලක එතුනොත් භයානක බව
පියඹා යන මලින් මල වෙත
කනින් කන පණිවුඩ කියන්නට
බඳිනවා මං නුඹේ සත්‍ය තතු
පැදි පෙළක අමුණා අකුරු
ගංගා කුමාරි
නැත මරණ බිය
බිඳකුදු බිය නොමැත
මරණයට...
මසිත බිය...
දිනෙන් දින දික්ගැහෙන
ජීවිතයට
පී. වී. රංජිත් ෆොන්සේකා
වළං කටු
අසනි
වරුසා දුක්ඛ පීඩා
මේඝ ගර්ජන සැඩ කුණාටු ද
අපමණක් අව් වැසි ද විඳ විඳ
ගරා වැටුණා මහා පොළොවට
නටබුන්ව අප විසූ මහ ගෙදර
සෙවෙල් කෑ වැඩි මහළු හුණු බිත්ති
දිරාපත් පරාල ද බිඳුණු උළු
මතක සුන්බුන් රොඩු ද ඉවත ඇද
අලුත් ගේ පොඩ්ඩ ඉදිකරන්නට
ගෙපල කැපුවෙමු දිනෙක උදෑසන
බලා සුබ මුහුර්තිය
කපද්දී පස් පිඩැලි හෝයියට
මතුවුණා හිටිවන ම රතු පසින්
දැළි පාට වළං කටු
බිඳුණ මැටි වළඳක
කැබලි වූ දැළි පාට අවශේෂ
බොහෝ බැතියෙන්
දණ ගසා බිම
ඇහිඳ ගත්තෙමි දැළි වළං කටු
අනේ මගෙ දෙයියනේ
අපේ අම්මා එදා
බත් උයපු මුට්ටියේ
කැබලි දැයි මට සිතේ
අත්ල මත වළං කටු
සිඹ බලමි සෙනෙහසින්
තවම උණුසුම්ය මේ වළං කටු
සුනුසහල් සුවඳ දෙයි වළං කටු
බලද්දී
අම්මාගෙ සොහොන දෙස
කියැවුණා මට ඉෙබ්ටම
“අම්මේ මට බඩගිනියි”
කුමාර හෙට්ටිආරච්චි
කවියට සවිය
(ලබන 21 වැනිදාට
යෙදෙන ලෝක කවි දිනය නිමිත්තෙනි.)
රස පිරි අරුත් පිරි මිහිරැති බස් දහර
යස ලෙස ගොතා නව සිතිවිලි කර ඇසුර
බස සරු කරන නැණ වඩවා දෙන මිහිර
අස දිස පබඳ ‘කවි’ නම ගති දන අතර
ඉසිවරු පඬිවරුන් කවියේ මහිම දැන
දිසි නැණ විදා සඳ ලකරින් දැනුම ගෙන
වියරණ ගණ සතර හඳුනා මිහිර මැන
කවිය පොබ කළහ නව නළු රසය දෙන
දෙදහස් වන වසර ලැබුමට පෙර වසරේ
එක්සත් ජාතීන් ජිනීවා අග නගරේ
මහ සමුළුවෙදි අනුමත කළ වැඩ අතරේ
ලෝ පැදි දිනය ජය තවමත් ලොව පැතිරේ
සාහිත කලාවට ලැදි ලොව හැම රටම
දෑහිතකාමි බස්ලැදියන් සිවු දෙසම
තුන්වන මාසෙ විසි එක්වන මුලු දිනම
පැදි දින සමරමින් රස කළඹති සැවොම
රස මව මවා බස පොහොසත් කරන්නට
රස සිතිවිලි නගා නිමැවුම් මවන්නට
දෙස රැස සමය කවි සවියෙන් නගන්නට
කවියට සවිය දෙමු තව තව වැඩෙන්නට
විමල් රූබසිංහ
ජීවිතය
රිදෙන කොට කොඳු නාරටිය
බර වුණා ඉඳගමි
අකුරු මඟ හැරුනු අතීතෙට
සාප නොකරම කර තබමි
හවසට හීනියට
මධු විතක් තොලලමි
ජිවිතේ ගැඹුරු ගීතය
ගොරහැඩි හඬින් මුමුනමි
උණු උණු වඩේ අරෙගන
හවසට ගෙදර එමි
පොඩි කෙලීගේ හිනාවට
මහන්සිය දන්දෙමි...
සමන් දේවගමගේ
අප්පච්චි
මහමෙර තරම් රැකවරණකි මට ලැබුණේ
දස මහ සෙනඟ ආවත් බිය නැහැ දැනුනේ
ඔබ ළඟ ඇති තරම් සතුටක් වෙන කොතැනේ
ලොව්තුරු සුවය දැනුනා නිති නුඹ සෙවණේ
දහසක් බුදුන් ගුණ ගැයුවත් මදිවෙච්චි
බුදුන් ළඟට කරුණා ගුණ හිමිවෙච්චි
සත් සමුදුර තරම් දහඩිය වැගිරෙච්චි
සිඹ සිඹ වදිමි ඔබ පා යුග අප්පච්චි
මහින්ද රත්න ජයසිංහ
වෙනස
විල් දියට පෙම් බැන්ද
වැහි බිඳුව
සැඩ හිරුට උරණ වී
යළිත් නිලඹර වෙතට
යන මහිම
පද්මිණි පෙරේරා
අනුල
අඩ සිය වසක් ඉස්සර
බේරේ ගෙදරින්
පත්තර කලාවට
අත් පොත් තැබූ දිරිය දියණිය...
අමු කොළොම්තොට විසුවත්
අමතක නොකොට ගම රට
ලිවි සැරිය ඇල්බම්
දුහුනන්ට අත්වැල වැ ආවැඩූ
ඔබ'ප ආදර්ශවත් ඇදුරිඳු
තරුණියෙන් සිරිකතෙන්
වනිතා විත්තියෙන්
දෙරණ අහු මුලු අග
අගුළු ලා හිඳී
අපේ අඟනුන් අවදි කළ ඔබ...
දෙවියන්ගේ අඩවියෙන්
රතු සෙබළිය ගතින්
කටු කුරුලු කූජනයෙන්
අවට ලොව සාහිත රස
අඩු නැතිව බෙදුවා ඔබ...
උන්මත්තකයෝ පටන්
පාතාල ප්‍රේමෙන් පාරා වළල්ලෙන්
පින් මඳ ගැහැනු වෙනුවෙන්
අයුක්තියට එරෙහිව
කොතෙක් වෙහෙසෙන්නැති ද ඔබෙ අත...
සුනිලා විජේසිංහ
වනමල්
උපත ලද විගස සත් පියුමන් පිපුණා
සැපත පළ සොඳට ගිහිගෙය කළකිරුණා
විපත දැන අදට බුදු ගුණ නෙත රැඳුණා
පිපෙන මුනි පුදට නෙක වනමල් සොබනා
එල්. ගාමිණී පෙරේරා
වට්ටිය
වැසි
නූල් යොදා වියමන් කළ
වට්ටිය ඇය
පියස්සේ රඳවයි
ගොම්මනේ ගැබ තුළින් උපන්
ඇගේ දරුවා ඔහු
වට්ටියේ හොවාලයි
ආලෝකයෙන් පිපාසිත ගොම්මනේදී
වට්ටියේ දරුවා දිදුලයි
පියස්සේ රැඳවූ වට්ටිය
තනිකමින් වැසීයයි
ජෝකෝ පිනුර්බෝ (Joko
Pinurbo)
ජෝකෝ පිනුර්බෝ ඉන්දුනිසියාවේ සිටින
අතිශය ජනප්‍රිය කවියෙකි. ඔහුගේ කාව්‍ය
නිර්මාණ කථා විලාශයක් ඇති උත්ප්රාසය හා
මානව හිතවාදය මිශ්‍රණයක් ලෙස සැලකේ. එසේ ම
යථාර්ථය හා සිහින ලෝකය මිශ්‍ර වූ කාව්‍ය
නිර්මාණ කෙරේ හෙතෙම යොමුවී ඇත. දැනට කාව්‍ය
සංග්‍රහ ග්‍රන්ථ අටක් ඔහු අතින් නිමවී ඇත.
රෝහණ ආර්යරත්න
සිහින
ගඟේ උල්පත මතට
ගිලිහී වැටුණු සුසිනිඳු මලක්
සමුදුර තෙක් පාවී යාමට
සිහින දකී!
ගංගා වරුෂවිතාන
දිරිය
වී රිය දිරිය එක්වූ තැන ඇත සවිය
දිරිමත් වුණොත් ලෝකය ජය ගත හැකිය
ඒ ලෝකයෙන් දෙපයින් සිට ගත යුතුය
දෙපයින් සිටින විට කවුරුත් අවනතය
බැහැ යැයි කියා කිසි දිනකදි නොසිතන්න
කළයුතු සියලු දේ ඒ ලෙස කරගන්න
අද බැහැ හෙට කියා වැඩ කල් නොදමන්න
කරනා දෙයින් ඔබ සතුටට පත්වෙන්න
කෙනකුගේ බත් පතට පහරක් එල්ලකර
එය දැක සතුටු වේ නම් මිනිසකු කවර
ලොකු පොඩි භේදයක් නම් නොමවෙයි එවර
පලදෙයි ජාති ජාතිත් ඒ පවෙහි බර
ලෝ මාවතේ පැදයන ජීවිත රථය
උස්තැන් පහත් තැන් පසුකර යායුතුය
දැනුමත් බුද්ධියත් මිනිසට මිණිමුතුය
ඒ හා මිනිස්කම අප සුරැකිය යුතුය
රාණි කුසුමලතා සමරසිංහ
සහෘදයෝ
නොගිලිහෙමි
තණ
පතක් අග
පිනි බිඳක් සේම
ජීවිතය
ගිලිහේද නොදැනේ
කොයියම්ම මොහොතක
කොයි ලෙස
වියලි රළු පොළවත්
බලාගෙන ඉන්නවා
අයාගෙන ලොඹු කට
දැතින්ම වෙර ගෙන
එල්ලෙමි බදා තණ පත
හිරු රැස් වැටී
වර්තන පරාවර්තන
හරඹ මැද
දුක් නොවෙමි
ගිලිහීම ගැන
රස විඳිමි
නොගිලිහි හිඳීමේ අසිරිය
(නෙත්සර සඳැස කාව්‍ය
සංග්රහයෙනි)
ඉසුරු ප්‍රසංග
ජීවිතය තණ අග රැඳි පිනි බිඳක්ය යන බෞද්ධ
සංකල්පයට ප්රතිමුඛ ලෝකාය යථාවාදි දැක්මක්
මේ කවියෙන් ප්රතීයමාන වේ.සරල ලෙස පෙනුනද
එහි අරුත් ජීවන දෘෂ්ටියටසමපාතව
බැරැරුම් වේ.කුමන මොහොතක හෝ ජීවිතය අපෙන්
ගිලීහි ගියද එකී ජීවිතය සීමින්තර කාලයක්
තුළ වැලැඳ සරු ජීවිතයකට අරගල කිරීම හාඑහි
දුක්ඛ දෝමනස්සයන් උපේක්ෂාවෙන් විඳ දරා
ගැනීම කවියාගේ ජීවිතදර්ශනයෙන් පිළිබිඹු
වෙයි.එකී කවිය සුක්ෂම අරුත් දනවන කවියක්
වෙයි.
බිඳුණු පියැස්ස
ගරා වැටි මහ ගෙයකි සිහල උළු සෙවිලි කළ
මොහොතකට නතර විමි එතැන පසුකරන සැණ
බිඳුණු උළු කැට ගොඩකි සැකිලි මත හොවා ගත්
යුගඳුරකි අවට රැඳි කාලයෙහි බොඳව ගිය...
පෙර දිනක මතකයෙහි ඇවිළෙනා පහන් සිළ
ඔබේ මුදු වත අඳියි තුන් ඉරිය ළියකමෙක
නෙක රෝග නිය පසුරු කාලයෙන් ආතුර ව
ආත්තම්මේ සොයමි නුඹේ මුදු'ඟිලි පහස...
අතැර දා මා මෙලොව නික්ම ගිය අය බොහො ය
වැඩුණ් හේඩා අතර ඔවුන් සැරිසරනු මෙන
සිහින් කෙඳිරුමක් ලෙද සුළඟ මා අමතනුව
ඇගේ වියපත් හඬින් කතා බොහො මුමුණනුව...
සොඳුරු මතකයක නැඟි ක්ෂිතිල වු වලා රොද
නෙතු යුගින් පිස හරිමි ඔබ සඳක් වන් පිණිස
උපුල් සේනාධිරිගේ

ඒ
එච් පියදාස කවියා විසින් රචිත 'රතු මැණික
'කාව්‍ය සංග්‍රහය සිහි ගන්වන්නේ මීට දශක
විස්සකට තිහකට පෙර අතීතයේ තිබු
කවිකොළයයි.යම් සිද්ධියක් වටා ගෙතුන කවි
රැසක් 'රතු මැණික' හි ඇතුළත්ය.කවිසියයක්
ඇතුලත් මෙහි ඇතැම් අත්දැකිම් ලබා ඇත්තේ ජාතක
පොෙතනි. ඇතැම් අත්දැකිම් ලබා ඇත්තේ සමාජය
තුළ සිදුවන සිදුවීම් ඇසුරෙනි.කවියා කවි කතා
සියයක් තුලින් සමාජයට දීමට සුදානම් වන
පණිවුඩය වන්නේ යහපත්ව ජීවත් වන්න යන්නයි.
විටෙක පවෙහි ආදීනව කියන ඔහු තවත් කවි
පෙළකින් කියන්නේ සැකය ,සත්‍යය නොවැහීම නිසා
මිනිසුන් වියරු වැටෙන අයුරුයි.
එදිනෙදා සමාජය තුළ මිනිසුන් රැවටීමට
ලක්වීම මානයෙන් අන්ධ විම ,ද්වේෂය වෛරය ආදීවු
ක්‍රෝධ සිතුවිලි නිසා මිනිසා අගතිගාමි
වීමද, රැවටීමට ලක්වීමෙන් ජීවිතයනැති
නාස්ති කරගන්නා පිරිස ද බේබදුකම නිසා ජීවිත
වනසා ගත්තවුන් ආදි වු නෙක විධ කතා තුළින්
පියදාස කවියා සමාජයට යහපත් පණිවුඩ දීමට
උත්සාහ දරා ඇත. ඔහුගේ 'රතු මැණික' කියවද්දි
අතීත කවි කොළකාරයා පමණක් නොව හිටිවන
කවියාද අපට සිහි ගන්වයි.
පාසලේ නවක වද සිදුවීමක් නිසා සියදිවි නසා
ගත් සිසුවියක පිළිබඳව පියදා කවියා මෙසේ
ලියන්නේය.
'මව් පියනගේ බැහැ මට හිත රිදවන්න
තිරණයක් කළා ඇය ලොව හැර යන්න
ලියුමක් ලියා තැබුවා තතු දැන ගන්න
ගෙල වැලලා ගත්තේ පාඩමකුත් දෙන්න'
ඉසවි
|