![]() ![]() |
||
අතුරුදන් වී වසරක් ගෙවෙන තැන මැලේසියන් ගුවන් යානයෙන් ලෝකයට තෑග්ගක්
තාක්ෂණය ලොවම එකම ගම්මානයක් කර ඇතැයි මිනිසාම කියන්නේය. එසේ කියන මිනිසාට
2014 වසරේ මාර්තු අට වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් අන්තර්ජාතික ගුවන්
තොටුපොළෙන් අහසට නැඟි ගුවන් යානයට සිදු වූයේ කුමක්දැයි සොයා ගැනීමට තවමත්
හැකියාවක් ලැබී නැත. එදා දහවල් අහසට නැගි ගුවන් යානයේ ගමනාන්තය විය යුතුව
තිබුණේ චීනයේ බීජිං නගරයයි. එහෙත් එහි සැබෑ නැවතුම්පොළ කුමක් වී දැයි ලෝකය
තවමත් සොයමින් සිටින්නේ ය. යානය සමග සම්බන්ධතා පැවති ගුවන් තොටුපොළ
නිලධාරියාට යානයෙන් අවසාන පණිවිඩය ලැබුණේ දහවල් 1.19ටය. ඒ වන විට යානය
දකුණු චීන මුහුද මතින් පියාසර කරමින් පැවති අතර තත්ත්වය සාමාන්‍ය බව ද ප්‍රකාශ
විය. තැති ගැන්මට කිසිවක් තිබුණේ නැත. එහෙත් ඉන් මිනිත්තු තුනක් ගත වූ තැන එනම්
1.21ට යානය රේඩාර් තිරයෙන් මැකී ගියේ ය. මැලේසියානු ආරක්ෂක අංශ මගින් ක්‍රියාත්මක කරවන රේඩාර් තිර නිරීක්ෂණය කිරීමේ දී වඩා වැඩි තොරතුරු සොයා ගැනීමට හැකි විය. යානය මැලේ අර්ධද්වීපය මතින් පියාසර කර තිබූ අතර එය යානයේ සාමාන්‍ය ගමන් මාර්ගය වෙනස් කිරීමක් විය. දහවල් 2.22 වන විට යානය ආරක්ෂක අංශ රේඩාර් තිරවලින් ද මැකී ගොස් තිබිණි. අවසන් වරට යානය ගැන ලැබුණු තොරතුර ට අනුව එය අන්දමන් මුහුද මතින් පියාසර කරමින් තිබුණී. ඒ මැලේසියාවේ සිට නාවික සැතපුම් 200ක් දුරිනි. අතුරුදන් වූ යානය බෝයිං 777 වර්ගයේ විශාල ගුවන් යානයකි. එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු වූ අතර ජාතීන් 15කට අයත් මගීහු 227 දෙනෙක් යානයේ ගමන් ගනිමින් සිටියේ ය. යානය අතුරුදන්ව පැය කිහිපයක් ඉක්මයත්ම මැලේසියානු බලධාරීහු යානය සෙවීමේ කටයුතු ආරම්භ කළහ. ප්‍රථමයෙන්ම සෙවිම් සිදු කර තිබුණේ තායිලන්ත මුහුදු සීමාවේ සහ ඉන්දියන් සාගරයේ දකුණු කලාපය ආශ්‍රිත ප්‍රදේශයේ ය. යානය මේ ප්‍රදේශය මතින් පියාසර කරමින් පැවති බව චන්ද්‍රිකා මගින් ලැබුණු තොරතුරු තහවුරු කර තිබිණි. මාර්තු 24 වන විට ඕස්ට්‍රේලියාව ද සෙවීම්වලට දායක වූයේ ය. සෙවීම් කණ්ඩායම් බලාපොරොත්තු වූයේ මුහුද මත යානයේ කොටස් දක්නට ලැබේ යන්නය. එහෙත් කිසිදා එසේ වූයේ නැත. අවසානයේ මුහුදු පතුලේ යානයේ කොටස් සෙවීම ආරම්භ වූ අතර ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදේ කිලෝමීටර් 1800ක් ගැඹුරේ යානයේ සුන්බුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක විය. ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් අවස්ථා කිහිපයකදීම යානයේ සුන්බුන් හමුවූ බවට නිල ප්‍රකාශ නිකුත් කර සිටියේ ය. එහෙත් ඒ ප්‍රකාශ අවසානයේ සත්‍යතාවෙන් තොර විය. අවසානයේ මෙය ලෝක ගුවන් සේවා ඉතිහාසයේ වැඩිම මිලක් දරා සිදු කළ සෝදිසි මෙහෙයුම බවට පත් විය. මැලේසියාවට සිදු වූයේ හඬා වැටෙන ඥාතීන් ඉදිරියේ තම අසාර්ථකත්වය ප්‍රකාශ කිරීම පමණී. අවසානයේ මැලේසියාව රටවල් කිහිපයක එකතුවෙන් සෙවීම් කමිටුවක් ද නම් කළ නමුත් ඒ කිසිවක් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේ නැත. යානය තුළ කිසියම් කඩාකප්පල්කාරී සිදුවීමක් සිදු වූ බවත් ඒ හේතුවෙන් යානය මුහුදට කඩා වැටෙන්නට ඇති බවටත් මත පල විය. යානයේ නියමුවා ද, අනුන්ගේ විදේශ ගමන් බලපත්‍ර යොදා ගනිමින් ගමන් ගනිමින් සිටි මගීන් දෙදෙනෙකු ද සැකයට බඳුන් විය. එහෙත් ඒයද සැකයක්ම පමණක් විය. අවසානයේ අයහපත් වූ කාලගුණය සෙවීම් මෙහෙයුම් සම්පුර්ණයෙන් නවතා දැමීය. තාක්ෂණයෙන් උපරිම තලයේ සිටින්නේ යැයි උදම් ඇනූ මිනිසාට මැලේසියානු ගුවන් යානයට සිදු වූයේ කුමක්දැයි නිශ්චිතව කිව නොහැකි විය. යානය මිනිසාගේ තාක්ෂණික ඇසට වැලි ගසා සැඟවී යන්නට සමත් වී තිබුණේ ය.
ඇතැම්විට මේ නිගමනය වුවද වැරදි වන්නට ඉඩකඩ පවතින්නේ ය. සැබවින්ම සිදු වූයේ කුමක්දැයි දන්නේ දෙවියන් පමණක් මය. කෙසේ වුවද මේ සිදුවීමෙන් පසු මැලේසියන් ගුවන් සමාගමට නම් නරක දසාවක් ලබන්නේ ය. හරියටම මෙම සිදුවීමෙන් දින 131කට පසු යුක්රේනයේ සටන්කාමීහු වෙඩි තබා බිම හෙළන්නේ ද මැලේසියන් ගුවන් යානයකි. එය අහඹු සිදුවීමක් වූ නමුදු මැලේසියන් ගුවන් සමාගමට අයත් යානාවල පියාසර කරන්නට මගීහු අකමැත්තක් දක්වන්නට වූහ. ඒ අනුව මැලේසියන් ගුවන් ගමන්වලට අදාල ටිකට්පත් විකුණා ගැනීම සමාගමට අභියෝගයක් ම විය. යානාවල නඩත්තුව ද මගීන් වෙතින් ප්‍රශ්න කිරීම්වලට ලක් විය. මේ අනුව අතුරුදන් වූ මැලේසියන් ගුවන් යානය නව යුගයක් කරා ලෝකය ගෙන යාමට ප්‍රථම පියවර තැබීය. මෙලෙස යානයක් කිසිඳු තොරතුරක් නෙතබා අතුරුදන් වීම තමන්ට මදිකමක් සේ සැලකූ මිනිසා යළිත් එවැන්නක් නොවීමට පියවර ගැනීමට පටන් ගත්තේ ය. යානය අතුරුදන් වීමෙන් වසරක් සම්පූර්ණ වීම සිහි ගන්නවමින් මැලේසියාවේ දී ප්‍රකාශයට පත් වූයේ ලොව වටා ගමන් ගන්නා සෑම මගී ගුවන් යානයක්ම සෑම මොහොතකම ආවරණය කෙරෙන පරිදි ලෝක ව්‍යාප්ත රේඩාර් සේවාවක් පවත්වා ගැනීමට ලෝකය මේ වන විට මුල් පියවර තබා ඇති බවයි. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මස සිට අහසේ ගමන් ගන්නා සෑම මගී ගුවන් යානයක්ම සෑම මිනිත්තු 15කට වරක් රේඩාර් මගින් නිරීක්ෂය කරනු ඇත. ඇතැම් විට එය අතුරුදන් වූ මැලේසියන් ගුවන් යානය ලොවට ලබා දුන් ත්‍යාගයක් වන්නට ද පුළුවන. සංචාරකයන්ට පාඩමක් ඉගැන්වූ සිංහ ධේනුව
මේ සිදුවීමත් සමග රථයේ දොර අසල සිටි කාන්තාව මර හඬ තළමින් තම උපරිම වීරියෙන් දොර වසා දැමීමට උත්සාහ දරා තිබේ. කෙසේ වුවද රථයේ සිටි අනෙක් අයගේ ද උපකාරයෙන් දොර වසා දැමීමට සංචාරකයන් සමත් වී ඇති අතර සිංහ ධේනුව ඔවුන්ගේ කෑගැසීම් හමුවේ ඉවතට ගොස් තිබේ. මේ පුවත අන්තර්ජාලයට එක් කළ රොයිටර් සංචාරක වාර්තාකාරිණී බ්‍රිට්නි ජෝන්ස් කූපර් පවසන්නේ මේ සිංහ ධේනුව සංචාරකයන්ට පාඩම් දෙකක් ඉගැන්වූ බවයි. ඉන් පළමුවැන්න සෆාරි සංචාරයන්හිදී සෑම විටම රථයේ දොර අගුලු දමා තිබිය යුතු බවත් දෙවැන්න සිංහයන් කිසිදා අවතක්සේරු නොකළ යුතු බවත් ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |