![]() ![]() |
||
පරාජිත නළුවාගේ කතාවට සම්මාන
2014 වසරේ ප්‍රදර්ශනය වූ සිනමා පට සඳහා සම්මාන පිරිනැමුණු ඇකඩමි සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. බොහෝ අය බලාපොරොත්තු වූයේ ප්‍රධාන සම්මාන කිහිපයක් ම හා හොඳම චිත්‍රපටය සඳහා වූ සම්මානය ‘බෝයිහුඩ්’ චිත්‍රපටය දිනා ගනු ඇත කියා ය. එහෙත් එම චිත්‍රපටයට හොඳම සහාය නිළිය සඳහා වූ සම්මානය පමණක් ප්‍රධාන සම්මාන ගොන්න අතරින් හිමි වෙද්දී වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ අලෙජැන්ඩ්‍රෝ ගොන්සාලේස් ගේ ‘බර්ඩ්මෑන්’ චිත්‍රපටයයි. ඒ හැර ඊට හොඳම අධ්‍යක්ෂ, හොඳම තිර රචනය හා හොඳම කැමරාකරණය සඳහා වූ ඇකඩමි සම්මාන ද පිරිනැමිණි. ‘බර්ඩ්මෑන්’ 72 වන ගෝල්ඩ් ග්ලෝබ් සම්මාන උලෙළේදී ද හොඳම නළුවාට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන දිනා ගත්තේ ය.
2014 නොවැම්බර් 14 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය වූ එය උපයා ගත් ආදායම ඩොලර් ලක්ෂ 860 ඉක්මවීය. මුල පටන් ම විචාරක ප්‍රසාදය දිනාගෙන සිටි ‘බර්ඩ්මෑන්’ හි අධ්‍යක්ෂණය, සංස්කරණය හා කැමරාකරණය විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක්වූ අතර පසුගිය වසරේ ලොව බිහිවූ ප්‍රශස්තම චිත්‍රපට අතරින් එකක් ලෙස ‘බර්ඩ් මෑන් නම් වී තිබේ.
රියන් තොම්සන් ඊට දශක කිහිපයකට ඉහත ‘බර්ඩ්මෑන්’ නමැති සුපිරි වීර චරිතය
රඟපාමින් ජනප්‍රියත්වයට පත්වූ වත් සමකාලීනව සැමට අමතකව ගිය නළුවෙකි.
ඔහු උත්සාහ දරන්නේ බ්‍රෝඩ්වේ වෙත පැමිණ නාට්‍යයක් ලියා අධ්‍යක්ෂණය කොට එහි රඟපා තමාට අහිමි වී ගිය කීර්තිය හා ජනප්‍රියත්වය නැවත ලබා ගන්නට ය. ඔහු සිය වේදිකා නාට්‍යය ලියන්නේ රේමන්ඩ් කාවර්ගේ ‘වට් වී ටෝක් අබවුට් වෙන් වී ටෝක් අබවුට් ලව්’ නමැති කෙටි කතාව ඇසුරෙනි.
ඇය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට පුනරුත්ථාපනය වූ යුවතියකි. රියන්ගේ නාට්‍යයේ නිෂ්පාදන කටයුතු හා පෙර පුහුණුවීම් ඔස්සේ චිත්‍රපටයේ කතාව ගලා යයි. මයිකල් කීට්ස්, එඩ්වඩ් හෝර්ටන්, එමා ස්ටෝන්, නයෝමි වොට්ස්, ඇන්ඩ්‍රියා රයිස්බොරෝ, අයි රයන් හා ලින්ඩ්සේ ඔස්සේ වැනි නළු නිළියෝ ‘බර්ඩ් මෑන්’ හී චරිත නිරූපණයේ යෙදෙති. ‘බර්ඩ්මෑන්’ තිර රචනය ලිවීම සඳහා දෙවසරක් ගතවී ඇති අතර චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹීමට පෙර සති කිහිපයක් ම එහි දර්ශනයන් හී පෙර පුහුණුවීම් සිදු කිරීම විශේෂයකි. ‘බර්ඩ්මෑන්’ චිත්‍රපටයේ විශේෂ වූ ප්‍රයෝග සිදු කර ඇත්තේ රෝඩියෝ එෆ්.එක්ස්. සමාගමයි. නිව්යොර්ක් නගරයට ඉහළින් ‘බර්ඩ්මෑන්’ පිය නැඟීම , නගරයට පහර දෙන්නට එන අමුතුම හැඩයක පියාපත් සහිත සත්ත්වයකු අතර ඇතිවන සටන වැනි දර්ශන සඳහා රෝඩියෝ එෆ්.එක්ස් හී විශේෂ ප්‍රයෝග උපයෝගී කරගෙන තිබේ.
‘ඇට් ද මූවීස්’ සඟරාවට විචාර සපයන මාග්‍රට් පොමෙරැන්ස් හා ඩේවිඩ් ස්ට්‍රැටන්
චිත්‍රපටයේ තිර රචනය අධ්‍යක්ෂණය, රඟපෑම් හා කැමරාකරණය ප්‍රශංසාවට ලක්
කරමින් චිත්‍රපටයට තරු පහක් ම ලබා දී තිබේ.
2014 වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට අතරින් විචාරකයන් වෙතින් තරු පහක් ලබන්නට සමත් වූ එකම චිත්‍ර පටය ලෙස ද ‘බර්ඩ්මෑන්’ සැලකෙයි. ‘ද නිව් යෝකර්’ පුවත්පතට විචාරයක් සැපයූ රිචඩ් බ්‍රෝඩි පවසන්නේ ‘බර්ඩ්මෑන්’ ප්‍රංශ අධ්‍යක්ෂවරයකු වූ ෂෝන් - ලූ ගොඩාර්ඩ් ගේ සම්මානනීය චිත්‍රපට හා එක පෙළට තැබිය හැකි බව ය. එහෙත් ගොඩාර්ඩ් තරමටම සිනමාත්මක බව ‘බර්ඩ්මෑන්’ තුළට කා වද්දන්නට අලෙජැන්ඩ්‍රෝ ගොන්සාලේස් සමත් වී නැති බව ද ඔහු සිය විචාරයේ සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මෙවර ඇකඩම් සම්මාන උලෙළින් අනතුරුව ‘ද ගාඩියන්’ පුවත්පත නම් ‘බර්ඩ්මෑන් වෙත එල්ල කර තිබුණේ දෝෂාරෝපණයකි. සිනමාව කර්මාන්තයක් බව අමතක කරමින් සම්මාන සඳහා ම චිත්‍රපට නිමැවීමේ ප්‍රවණතාවක් දැන් හොලිවුඩයෙන් ඉස්මතු වෙමින් තිබෙන බවත් ‘බර්ඩ්මෑන්’ ඊට හොඳම උදාහරණයක් බවත් එම පුවත්පත පසුගියදාක සඳහන් කර තිබිණි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |