කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
Astrology - සතියේ කල දසාව

 

ශ. ව. 1936 ක්වූ මීන රවි 01 භාග මැදින් මස අව නවවක තිථිය ලත් මාර්තු මස 15 ඉරිදා සිට 21 ශනිදා දක්වා...

- හරිප්‍රිය ගුණසේකර

උසස් අධ්‍යාපනයේ නිරත අයට යහපත්ය. අතිරේක ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙයි. ආර්ථිකයේ යම් සංවර්ධනයක් ඇති කර ගත හැකිය. වාහනයක් හෝ ඉඩමක් ‍මිලදී ගැනීම පිළිබඳව තිබු සිහිනය සැබෑ වේ. ඥාතියකුගෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා ගැනීමට හැකි වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන අය අතර සුළු මතභේද හටගත හැක.

ජය අංකය -  07
සුබ දවස - සිකුරාදා

විවාහ අ‍පේක්ෂාවෙන් සිටින අයගේ ප්‍රාර්ථනා ඉටු විය හැක. ජීවිතයට සම්බන්ධව මෙතෙක් විසඳා ගැනීමට නොහැකි වූ ප්‍රශ්නයක් සතුටුදායක අන්දමින් විසඳා ගත හැකි වේ. විරුද්ධ බලවේග සමථයකට පත්කර ගැනීමට අවකාශ ලැබේ. ආගමික කටයුතුවල නිරත වන්නන්ගේ බලාපොරොත්තු සඵල කරමින් දුර බැහැර ආගමික ස්ථාන වන්දනාමාන කිරිමට හැකි වෙයි.

ජය අංකය - 01
සුබ දවස - බදාද

රැකියාවේ කලක සිට තිබු අඩුපාඩුවක් සම්පූර්ණ කරගත හැකිය. නිවාස ප්‍රශ්න විසඳා ගත හැකිය. නිවෙසක් මිලදී ගැනීමට හෝ නව නිවෙසක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන අයට යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි සතියකි. කාර්යාල පරිසරය සාමකාමී අයුරින් පවත්වාගත හැකි වෙයි. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට ඊට අදාළ කටයුතු සම්පූර්ණ කර ගැනීමට හැකි වෙයි.

ජය අංකය - 09
 සුබ දවස - ඉරිදා

ආදායම් ලැබීම අතින් යහපත්ය. සුළු ව්‍යාපාරවල නිරත අයට ඒවා වඩාත් පුළුල් අයුරින් නව මුහුණුවරකින් ඇරැඹීමට හැකි වෙයි. රැකියා ස්ථානයේ පැවරුණු වගකීම් හොඳින් නිම කිරීම නිසා උසස් නිලධාරීන්ගේ අවධානය යොමු වන අතර එය වැටුප් වර්ධකයකට ද මහෝපකාරී වෙයි. විවාහ යෝජනා කිහිපයක් අතුරින් එකක් පිළිබඳ එකඟතාවකට පැමිණීමට අවස්ථාව උදා වෙයි.

ජය අංකය - 02
සුබ දවස - අඟහරුවාදා

ආරක්ෂක අංශවලට සම්බන්ධ රාජකාරිවල නිරත අයට විවේකය අඩුවීමට ඉඩ ඇත. විය හියදම් අධික වීම නිසා අතේ මුදල් රැඳීම අඩු වෙයි. එහෙයින් ඒ පිළිබඳ වැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතුය. හදිසි අනතුරුවලට මුහුණ පෑමට හැකි නිසා ප්‍රවේශම් සහිතව කටයුතුවල නිරත විය යුතුය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ජයග්‍රහණ හිමි වෙයි.

ජය අංකය - 03
සුබ දවස - සෙනසුරාදා

විදේශ රැකියා හෝ විදේශ ගමන් ගැන බලාපොරොත්තු වන අයගේ අරමුණු ඉටු වෙයි. මේ සතියේ තම සේවා කටයුතු අවහිරතා මතුවිය හැක. විශේෂයෙන් තර්ක විතර්කවල පැටලීමෙන් වැළකිය යුතුය. ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ ගැනීම යහපත්ය. කාර්මික අංශවල නිරත අයගේ රැකියා ප්‍රශ්න විසඳා ගත හැකිය. ලේඛකයන්ට ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාබ අත්වෙයි.

ජය අංකය - 05
සුබ දවස - සඳුදා

කාර්මික ක්ෂේත්‍රයේ කටයුතුවලට මෙන්ම කෘෂිකර්මාන්තයට අදාළව කටයුතු කරන අයට යහපත්ය. ස්ථානගත උරුමයක් පිළිබඳව විසඳුමක් ලබා ගැනීමට හැකි වෙයි. දුරස්ථ ඥාතියකු ගැන සතුටුදායක ආරංචියක් ලබා ගැනීමට හැකි වේ. සමාජයේ ප්‍රධාන තැන් හිමිකර ගැනීමට හැකි වෙයි. දුර ප්‍රදේශයක සිටින මිතුරකුගේ ඇරැයුමක් පරිදි සති අන්තයේ විනෝද සංචාරයක යෙදීමට හැකි වෙයි.

ජය අංකය -08
සුබ දවස -
බ්‍රහස්පතින්දා

නව රැකියා පිළිබඳ තැබු, බලාපොරොත්තු සාර්ථක වෙයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙහි ජයග්‍රහණ අත්කර ගත හැකි වෙයි. විදේශ රැකියා සඳහා අයදුම් කළ අයට ඒ පිළිබඳ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලැබේ. හිතවත් බව පෙන්වමින් ළඟින් ඇසුරු කරන අය පිළිබඳ විවේචන සිදු කිරීමේ වැඩපිළිවෙළක් ගැන අසන්නට ලැබේ. කෙටි ගමන් බිමන් අධික වෙයි. කෘෂි කාර්මික කටයුතුවල නිරත අයට පාඩු සිදුවිය හැක.

ජය අංකය - 04
සුබ දවස - ඉරිදා

කාලයක් කරගෙන ආ රැකියාවෙන් ඉවත් වී වෙනත් රැකියාවකට ඇතුළත් වීමට හෝ තමාගේ ව්‍යාපාර කටයුත්තක් ගොඩනැඟීමේ කාර්යයකට පිවිසීමට හැක. වෛද්‍ය හෝ ගුරු වෘත්තියේ යෙදෙන අයට රැකියාවෙන් පරිබාහිරව කටයුතුවලට යොමු වීමට අවකාශ ලැබේ. රාජකාරි කටයුතු අංශයේ වගකීම් පැවැරේ. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් හෝ ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් බැහැර යාමට සිදු වේ.

ජය අංකය - 06
සුබ දවස - බදාදා

මේ සතිය මිශ්‍රඵල ගෙන දෙයි. උත්සාහයෙන් හා උනන්දුවෙන් කරන වැඩ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. සේවා ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වේ. සතුරු බලවේග මර්දනය කරගැන්මේ ශක්තිය ඇති වේ. තම මතයට එරෙහිව ගිය අය මේ සතියේ යළි සහයෝගය දැක්වීමට ඉදිරිපත් වේ. මංගල යෝජනා උදාවෙයි. විදේශ රැකියා අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉටු වෙයි.

ජය අංකය - 09
සුබ දවස - බ්‍රහස්පතින්දා

අන්‍යයන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන්නට සිදුවන අතර හිත් දිනා ගැනීමට ද හැකිය. ආර්ථිකය යහපත් තත්ත්වයකට පත්වෙයි. ව්‍යාපාරවලින් ලාබ ගැනීමට හැකි වෙයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවල නිරත අයට සුබ ඵල උදා කරයි. ගරු සැලකිලි ලබා ගැනීමට හැකි වෙයි. නිවාස අලංකාර කිරීමේ කටයුතු සඳහා වෙහෙස වෙයි. විසිතුරු භාණ්ඩ මිලදී ගැනීමට සඳහා මුදල් වැය කරයි.

අංකය -09
සුබ දවස - සිකුරාදා

ගෙදර දොර කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැකි වෙයි. හදිසි ධන ලාභ, ලොතරැයි දිනුම් හිමි වීමට ඉඩ ඇත. නිවෙසට කොටසක් එකතු කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට අවකාශ සැලැසේ. නිර්මාණකරණයේ යෙදෙන අයට යහපත්ය. ආදායම් වියදම් සමව පවත්වාගෙන යාමට හැකි වේ. සමාජ සේවා කටයුතුවල නිරත අයට යහපත්ය. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි.

ජය අංකය - 09
සුබ දවස - සිකුරාදා


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]