කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සිළුමිණ: ව්‍යාපාරික - සෙලින්කෝ ලයිෆ් නව කාර්යාලයට මුල්ගල

සෙලින්කෝ ලයිෆ් නව කාර්යාලයට මුල්ගල

සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ආර්. රෙන්ගනාදන් මහතා වෙන්නප්පුවේ නව ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීමට සූදානම් වෙමින්.

සෙලින්කෝ ලයිෆ් විසින් වෙන්නප්පුව ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට සපයන සේවාව තව තවත් වර්ධනය කිරීමට කරන ආයෝජනයක් ලෙස සමාගමට අයත් වෙන්නප්පුවේ පිහිටි ඉඩමක තට්ටු දෙකක නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම අරඹා ඇත.

මෙම නව කාර්යාල ගොඩනැඟිල්ල අංක 15, රෙක්ස් ඩයස් පියනම මාවත, වෙන්නප්පුව ලිපිනයේ පිහිටි පර්චස් 37.4 ක ඉඩමක ඉදිකෙරෙන අතර විශාල වාහන ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිතව ගොඩනඟන මෙහි ශාඛා පහක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk