කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මැලිබන් වෙළෙඳ සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් ශූරතාවලිය බී ආර් සී පිටියේ දී

මැලිබන් වෙළෙඳ සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් ශූරතාවලිය බී ආර් සී පිටියේ දී

මැලිබන් බිස්කට් සමාගම මෙම වසරේදී සිය ව්‍යාපාර විශිෂ්ටතාවයේ 60 වන වසර සමරයි. දශක හයක් පුරාවට හොඳම නිෂ්පාදනයන් රටට දායාද කරමින් පැමිණි ගමන සැමරීම සඳහා මැලිබන් ආයතනය විසින් උත්සව අවස්ථාවන් ගණනාවක් සංවිධානය කර තිබේ. බොහෝ ආගමික වැඩසටහන් සහ සමාජ සත්කාරක වැඩසටහන්වලින් සමන්විත මෙම සැමරුම් උත්සවයන්හි වැදගත් අංගයක් වන 2015 මැලිබන් වෙළෙඳ සේවා සය සාමාජික ක්‍රිකට් ශූරතාවලිය මාර්තු මස 15 වැනිදා බී ආර් සී පිටියේදී පැවැත්වේ.

මෙම ශූරතාවලියේදී දිවයිනේ හොඳම ව්‍යාපාර සමාගම්හි කණ්ඩායම් ඇතුළුව ව්‍යාපාර ආයතන 32 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඒ. ජි. හින්නිඅප්පුහාමි අනුස්මරණ කුසලානය සඳහා තරග වදිනු ඇත. මෙහිදී මැලිබන් සමාගම මේ සඳහා අවශ්‍ය වන මූලික මඟපෙන්වීම් ලබාගැනීම සඳහා වෙළෙඳ සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය සමඟින් සම්බන්ධ වී එහි රෙගුලාසි සහ තත්ත්වයන්ට අනුගතව මෙම ශූරතාවය පැවැත්වීමට කටයුතු කරයි. එහිදී දක්ෂතම කණ්ඩායම් තුනට මෙන්ම හොඳම පන්දු යැවීම, පන්දුවට පහරදීම සහ පන්දු රැකීම සඳහා වටිනා මුදල් ත්‍යාගයන්, සහතිකපත් සහ කුසලාන පිරිනමනු ලබයි.

මෙම වැඩසටහන පිළිබඳව සිය අදහස් දක්වමින් මැලිබන්හි සමූහ සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සහ පරිපාලන) බන්දුල පෙරේරා මහතා පවසා සිටියේ, “මැලිබන් යනු දිවයිනේ සෑම දෙනා අතරම ජනප්‍රිය වූ නාමයක්. අප ළඟාකර ගත් ව්‍යාපාර විශිෂ්ටතාවය සහ හිතවත් පාරිභෝගිකයන් වෙනුවෙන් අපි මේ වසරේදී අපේ 60 වන සංවත්සරය උත්සවාකාරයෙන් සමරනවා. සමාගමක් ලෙසින් අපි අපගේ 60 වන සංවත්සරය සැමරීම සඳහා සමාජ සත්කාරක වැඩසටහන් සහ සර්ව ආගමික වැඩසටහන් පෙළක් ද සංවිධානය කළා. ක්‍රිකට් කියන්නේ අපේ රටේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක්. එම නිසාම අපගේ සංවත්සර සැමරුම් උත්සවයන් සමඟින් සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් ශූරතාවලියක් සංවිධානය කිරීමට අපි තීරණය කළා. වෙළෙඳ කණ්ඩායම්වලින් ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබු බව මම කියන්න සතුටුයි.

ක්ෂේත්‍රයේ ප්‍රවණතාවන් හඳුන්වා දෙන්නෙක් සහ වගකිව යුතු ව්‍යාපාරික ආයතනයක් වන මැලිබන් ක්ෂේත්‍රය තුළ සෑම ආයතනයක්ම එක්ව වැඩ කරමින් සාර්ථකත්වය උදා කර ගන්නා සුවිශේෂී සංස්කෘතියක් ගොඩනැඟීමට උත්සාහ දරයි. ඒ අනුව, මෙවන් වැඩසටහනක් සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණු වන්නේ සබඳතාවයන් ගොඩනැංවීම සහ සිය සේවකයින්ට වෙනත් ක්ෂේත්‍ර හා සම්බන්ධ පුද්ගලයින් සමඟ අන්තර් සබඳතා පැවැත්වීමේ අවස්ථාව උදා කර දීමය.

මැලිබන් වැඩිදුරටත් විශ්වාස කරන්නේ වෙළෙඳ සේවා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීමට සහ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට මෙවන් වැඩසටහන් අතිශය වැදගත් බවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]