කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඩීමෝ හි වාර්තාකරණ ක්‍රමවේදය සම්මානයට
ACCA Sustainability Reporting Awards හිදී

ඩීමෝ හි වාර්තාකරණ ක්‍රමවේදය සම්මානයට

ACCA Sri Lanka Sustainability Reporting Awards 2014 හිදී ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විනිවිද භාවයෙන් සහ වගකීමෙන් යුතු ව්‍යාපාරය ලෙසින් එහි සමස්ත ශූරතා සම්මාන දිනා ගැනීමට සමත් විය. ඩීමෝ එලෙසින් ගෞරව සම්මානයට පාත්‍ර වූයේ පුද්ගලික අංශයේ සහ රජයේ ආයතන 70 ක් හා තරග කරමිනි. මෙම සම්මානය පරිසර අමාත්‍යාංශයෙන් සහ Global Compact Network Ceylon වෙතින් ලැබූ සම්මානයකි. ඩීමෝ හි මෙම වාර්තාකරණ ක්‍රමවේදය හරහා එම ආයතනයේ ක්‍රියාකාරකම් මඟින් ආර්ථික, සාමාජීය සහ පාරිසරික යන අංශයන්ට සිදුවන බලපෑම සහ එම අංශ තුන ආයතනික වගකීම කෙරෙහි වගකීම පිළිබඳව ද මනාව වාර්තාගත කර තිබේ.

ඩීමෝ හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සමස්ත ශූරතා සම්මානය ලබා ගනිමින් පවසා සිටියේ, “සාධාරණව සහ විනිවිද භාවයෙන් යුතුව පක්ෂග්‍රාහී නොවී යහපත් සහ අයහපත් යන දෙ අංශයම වාර්තා කිරීමට ගනු ලැබු උත්සාහය මෙමඟින් ඇගැයීමට ලක්වෙනව බවය.” අපි විශ්වාස කරනවා මේ හරහා අපගේ කොටස් හිමිකරුවන්ට සවිස්තරාත්මක තොරතුරු ලබාදීමට අවස්ථාව සැලැස්විය හැකි බවට. එමඟින් ඔවුන්ට අදාළ තොරතුරු පාදක කර ගනිමින් වඩාත් හොඳ ව්‍යාපාරික තීරණවලට එළඹිය හැකිය. අපගේ වාර්තාකරණ ක්‍රියාවලිය මඟින් අපගේ ක්‍රියා සහ එමඟින් අපේ කොටස් හිමිකරුවන්ට ඇතිවන බලපෑම පිළිබඳව ඇගැයීම, අධීක්ෂණය සහ නිවැරැදිව වාර්තා කිරිමට අප අනුගමනය කරනු ලැබු වාර්තාකරණ ක්‍රියාවලිය ACCA විසින් සම්මානයට පාත්‍ර කිරීම අපට අභිමානයක්” යනුවෙනි.

මෙම ඒකාබද්ධ වාර්තාකරණ ක්‍රමවේදය, සුවිශේෂී වටිනාකම් නිර්මාණ මාදිලියක් වටා කේන්ද්‍රගතව පවතී. එහිදී ප්‍රාග්ධන සහ වටිනාකම් නිර්මාණ ක්‍රියාකාරකම් සහ උපාය මාර්ගයන් වාර්තාව පුරාවට විවිධ අංශයන්හි ඉදිරිපත් කරනු ලබයි. සමාගමේ ආයතනික පාලන කටයුතු සහ අවදානම් කළමනාකරණයට අදාළ සත්‍ය කරුණු එළිදරව් කරමින් ඩීමෝ විසින් මෙය සකස් කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]