කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
 තයිකි අකිමොටෝ සම්මානය එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් සමාගමට

 තයිකි අකිමොටෝ සම්මානය එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් සමාගමට

සමාගම නියෝජනය කරමින් කිෂානි තක්ෂිලා, සී. ඒ. ඩී. එස්. කොල්ලුරේ, නන්දන දේවගේ, අරවින්ද සුජීව, සහ විකුම්ප්‍රිය යන නිලධාරී කණ්ඩායම ජපාන ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සම්මේලනයේ හිටපු සභාපති මහින්ද සමරපාල මහතා අතින් සම්මානය ලබාගත් අවස්ථාව.

 

ජපාන ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සම්මේලනය මෙහෙයවූ තයිකි අකිමෝටෝ එස් පහ ජාතික කුසලතා සම්මානය හිමිකර ගැනීමට එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් සමාගම සමත් වෙයි. එය වාර්ෂිකව සංවිධානය කරන තරගයක් වන අතර ව්‍යාපාර සහ සේවා අංශවල ප්‍රමුඛ සමාගම් මෙම තරගයට ඉදිරිපත්ව සිය ව්‍යාපාරවල ප්‍රගතිය මැන බැලීමට අවස්ථාව උදාකර ගනී. පෞද්ගලික අංශයේ ප්‍රාග්ධන ආයෝජනය, කීර්තිමත් අන්තර් ජාතික සමාගම් සමඟ ව්‍යාපාර මෙහෙයවීම, ආයෝජන බැංකු, ගිණුම් සහ මූල්‍ය, නීති, කළමනාකරණ හා කළමනාකරණ උපදේශක සේවා, සංචාරක හා අභ්‍යන්තර ගුවන් ගමන් සහ ව්‍යාපාර ප්‍රවර්ධන යන ක්ෂේත්‍රයන්හි නිරත ප්‍රමුඛ ආයතනයක් වන මෙම ආයතනය මෑතකදී පෑලියගොඩ, මීගමුව පාරේ අංක 339/6 යන ස්ථානයෙහි ස්ථානගත කරන ලදී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]