![]() ![]() |
||
ආසියාවේ හොඳම වෘත්තීය ස්ථාන අතර 99X Technology පළමු පෙළට
නැවත නැවතත් 99X Technology මුම්බායේ පැවැති වර්ක් ඒෂියා සම්මාන ප්‍රදාන උලෙළේදී ශ්‍රේණිගත කිරීම් අතර හොඳම වෘත්තීය ස්ථානය ලෙස පළමු සහ එකම ශ්‍රී ලාංකික ආයතනය ලෙස නම් කරමින් එහි ස්ථිර කැපවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් සහ එහි වැඩ කරන්නන් සඳහා වැඩ කිරීමට සුදුසුම ස්ථානය ලෙස හඳුනා ගනිමින් සම්මානයට පාත්‍ර විය. ආසියාවේ හොඳම සුළු හා මධ්‍ය පරිමාණ වෘත්තීය ස්ථාන අංශය යටතේ ආසියාතික කලාපයේ ආයතන 60 ක් අතරින් වෘත්තිකයන් සඳහා කැපවීමෙන් යුතුව විශ්වාසදායී උසස් සංස්කෘතියක් හිමිකර දීම උදෙසා එය දිනාගන්නා ලදී. මෙහිදී ඔවුන්ගේ වෘත්තිකයන් මෙම ආයතනය සඳහා ප්‍රධානතම ප්‍රමුඛස්ථානය ලබාදීම මෙන්ම මෙහිදී මේ සම්මානය ඔවුන්ගේ විශ්වාසය, අභිමානය සහ අන්‍යොන්‍ය බැඳීම හඳුනා ගැනීම මත ලබාගත් ජයග්‍රහණයක් ද වේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |