කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 නිරංජලා ප්‍රනාන්දු

නිරංගා ඇකඩමි ඔෆ් ආර්ට්ස් ආයතනය, කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන ආයතනයකි. රත්මලානේ අංක 13 දරන ස්ථානයෙහි පිහිටි ආයතනයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂිකාව එම්. බී. එස්. නිරංජලා ප්‍රනාන්දු ය.

නිරංගා ඇකඩමි ඔ‍ෆ් ආර්ට්ස් ආයතනය තුළ කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වූ ශාරීරික මානසික යෝග්‍යතා වැඩසටහන් ද, සෞන්දර්ය විෂයන්ට අදාළ ව පෙර පාසල් ගුරු පුහුණු වැඩසටහන් ද, කාන්තාවන්ගේ කායික මානසික සුවය වෙනුවෙන් භාවනා ක්‍රම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අදාළ වූ දැනුම්වත් කිරීමේ වැඩමුළු ද, සතිපතා එරොබික් සහ යෝග ව්‍යායාම ඇතුළු යෝග්‍යතා පන්ති ද පවත්වනු ලබයි.

ශරීරයෙහි බර පාලනය සහ රෝග වැළැක්වීමේ වැඩමුළු මඟින් රූමත්, ශක්තිමත්, නිරෝගී සහ ප්‍රීතිමත් මානසිකත්වයෙන් යුතු දක්ෂ කාන්තාවන් රටට බිහිකිරීම නිරංගා ඇකඩමි ඔෆ් ආර්ට්ස් ආයතනයෙහි අරමුණ යි.

“රෝග වැළැක්වීම සහ නිරෝගීකම පිළිබඳ කාන්තාව දැනුම්වත් කිරීමෙන් එම පවුලේ නිරෝගීකම රැකෙනවා පමණක් නොව එමඟින් පවුලේ ආර්ථිකය ද සුරක්ෂිත වනවා. රටෙහි ආර්ථිකය ද දියුණු වීමට ද ඉතා සුබවාදී බලපෑමක් එමඟින් එක්කළ හැකියි. අප හැම විටම උත්සාහ කළ යුත්තේ රෝගයක් හැදෙන තුරු නොසිට රෝග වැළැක්වෙන ආකාරයට මනස සහ ශරීරය පවත්වාගෙන යාමයි” නිරංජලා පවසයි.

නිරංජලා මේ වන විට මෙම විෂයන්ට අදාළව පොත් කිහිපයක් ද එළිදක්වා ඇති අතර එම පොත් ජාතික පුස්තකාල පොත් වශයෙන් ද තෝරාගෙන තිබේ.

නිරංගා ඇකඩමි ඔ‍ෆ් ආර්ට්ස් මෙහෙයවන “නිරෝගී ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළුව ඉතා සාර්ථක විනෝදාත්මක අධ්‍යාපන වැඩමුළුවකි. මේ සඳහා රටෙහි සෑම ප්‍රදේශයකම කාන්තාවන් සහභාගි කරගැනීම ආයතනයෙහි අරමුණයි. මෙහිදී වටිනා දැනුම් සම්භාරයක් පමණක් නොව වටිනා සහතිකයක් ද ආහාරපාන ඇතුළු සියලු පහසුකම් ද නිරංගා ඇකඩමි ඔ‍ෆ් ආර්ට්ස් ආයතනය සැම විටම නොමසුරුව සපයනු ලබයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]