![]() ![]() |
||
යකඩ යකා තලෙයිමන්නාරමටවසර 25කට පසු තලෙයිමන්නාරම දක්වා දුම්රිය මඟ ජනතා අයිතියට පැවරීමත් සමඟ ඉන්දු ලංකා සබඳතා වැඩිදියුණු කරමින් ඉදිරියේදී ඉන්දු ලංකා නැව් සේවාව යළි ඇරැඹෙනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා සිළුමිණට කීය. ඉන්දීය ණය සහනාධාර යටතේ පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් ගමන් කළ හැකි වන පරිදි මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මඟ යළි පුනරුත්ථාපනය කරන ලදී. ඒ සඳහා වැය කළ සමස්ත වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 224ක් වන අතර, සමස්ත දුර කිලෝමීටර් 106කි. දැනට මඩු පාර දක්වා දුම්රිය ධාවනය කෙරෙන අතර මඩු පාර සිට තලෙයිමන්නාරම දක්වා වූ කිලෝමීටර් 63ක දුර දුම්රිය මඟ ඉඳිකිරීමට වැය කළ මුදල ඩොලර් මිලියන 143කි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ මෙරට සංචාරයේදී තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානය විවෘත කිරීමත් සමඟ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ තලෙයිමන්නාරම් තොට ජැටිය තෙක් දුම්රිය මඟ තනා නැව් සේවාව ඇරැඹීම වන අතර එවිට කොළඹ සිට ඍජුවම රාමේෂ්වරම් දක්වා ප්‍රවේශපත්‍ර මිල දී ගෙන ගමන් කළ හැකි වනු ඇත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |