කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සල්මන් සහ ජැකලින් ලංකාවේ

සල්මන් සහ ජැකලින් ලංකාවේ

බොලිවුඩයේ සුපිරි නළු නිළි දෙපළක් වන සල්මන් ඛාන් සහ ජැකලීන් ෆර්නැන්ඩස් පසුගිය 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම සුපිරි නළු නිළි දෙපළ ශ්‍රී ලංකාවට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව ය. සල්මන් ඛාන් බොලිවුඩයේ පමණක් නොව ලොව පුරාම අතිශය ජනප්‍රිය රංගන ශිල්පියකු වන අතර ඔහු ඉන්දියාවේදී මෙන් ම ජාත්‍යන්තරව ද සම්මාන ගණනාවකට පාත්‍ර වී ඇත.

ජැකලින් ෆර්නැන්ඩස් ශ්‍රී ලංකාවට නෑකම් කියන්නියක වන අතර ඇය උපත ලබා ඇත්තේ කොළඹදී ය. ඇයගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර ඇයගේ මව මැලේසියානු ජාතික කාන්තාවකි. ජැකලින් මේ වනවිට බොලිවුඩයේ ජනප්‍රිය සිනමා තාරකාවක් බවට පත්වී හමාර ය. 2013 වසරේ තිරගතවූ ‘කික්’ චිත්‍රපටයේ ජැකලින් රංගනයේ යෙදුණේ සල්මන් ඛාන් සමඟ ය.

මෙම සුපිරි නළු නිළි දෙපළ ශ්‍රී ලංකාවට පැමිණියේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ‘තිලංග සුමතිපාල පදනම’ සංවිධානය කළ බොරැල්ලේ පැවති වෛද්‍ය සායනයකට සහභාගි වීමට ය.

ඡායාරූප - ගයාන් පුෂ්පික


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]