![]() ![]() |
||
සාමය සතුට මගෙ රට තුළ රජ වෙන්නයි
දෙදහස් දහහතර වසර ද ගෙවී යන
තිබු කම්කටොළු සැම දේ දුරු වේවා
බුදු හිමි පහස ලැබු මේ සිරිලක් පොළොවේ
රට තුළ තිබෙන කරදර නැතිවී යන්නයි
ඒ. එච්. බුද්ධිකා සංජීවනී 8 ශ්‍රේණිය ‘බී’, හැදුණුවැව මධ්‍ය විද්‍යාලය,
හැදුණුවැව වන මැද අසිරිය
ස්වභාව ධර්මයේ අපූරුව නිර්මාණයක් ලෙස වනය හැඳින්විය හැක. තුරු ලතාවන් ගෙන් ගහනය වී තිබෙන වනය තුළින් චමත්කාරජනක දියඇළි සහ මිණි කැට සඟවමින් මහ සයුර වෙත ඇදෙන ගංගාවෝ ද වෙති. වනාන්තර අසිරිය වැඩි කරනුයේ වෘක්ෂ ලතා සහ අපා, දෙපා, සිවුපා ආදි සතුන් ය. කොටියා කෙතරම් බියජනක වුවද කොටියාගේ දසුන වනයේ අසිරිය වැඩි කරයි. මොනරාගේ අලංකාර පිල් කළඹ ද වනයේ අසිරිය දෙගුණ කරයි. ස්වභාව සෞන්දර්යයට මෙන්ම විදේශ විනිමයට ද වනාන්තර මනා පිටුවහලක් වේ. තුරු ලතා විවිධාකාර ය. සමහර ගස් උසට වැඩේ. සමහර ගස් මිටිව වැඩේ. මෙය ස්වභාව ධර්මයේ ස්වභාවයයි. අපේ රටේ වනාන්තර අතරින් විශාලතම සහ එකම වැසි වනාන්තරය සිංහරාජ වනයයි. වෘක්ෂ ලතා කපා කොටා විනාශ නොකර රැක ගතහොත් පරිසර දූෂණය සහ ස්වභාවික විපත් අවම කර ගත හැකිය.
දෙනුක නවරත්න 4 ශ්‍රේණිය ‘සී’, නාරංගොඩපාළුව ප්‍රාථමික විදුහල, බටුවත්ත, රාගම
නව වසරට ආසිරි මල්
ටිකිරි සිතේ පිපෙන කවි මල් සුබ අලුත් අවුරුද්දක් වේවා සිළුමිණට
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර 2 ශ්‍රේණිය ‘බී’, කේරි විදුහල,
කොළඹ 08 සොඳුරු රාත්‍රිය
පුංචි තරු කැට දහස් ගණනක් අහස් තලයේ දිලිසෙයි. ඒ අතර කිරි මුට්ටියක් වැනි තරිඳු
අහසේ බැබළෙයි. කඩුපුල්, සේපාලිකා වැනි මල්වල
විහඟ සුලක්ෂණ 8 ශ්‍රේණිය,
ගුරුගෙදර, සපුගස්කන්ද රාත්‍රී අහස
රෑට අහස කරුවලයි
කල්පනා දෙව්මිණි 5 ශ්‍රේණිය, යට්ටපාත ක.වි.,
මතුගම. පුතුනි!
කුස තුළ ළැඟුම් ගත් දා හදවත නිවුණා
පාසල ඔබේ රජ දහනයි මගෙ පුතුනේ
යන්නට ඔබට මාවත් ගණනක් ඇත්තේ
ඒ.එල්. හසිත කුමාර, 12 ශ්‍රේණිය, ගලහිටියාව මධ්‍ය විද්‍යාලය,
ගණේමුල්ල. සුන්දර උඩවලව
නිල්වන් ජල දහරින් පිරුණු උඩවලව ජලාශය දේශීය පමණක් නොව විදේශීය ජනයාගේ සිත් ආකර්ෂණී කරගත්තා වූ ජලාශයෙකි. උඩවලව ජලාශයේ ඉස්මත්තේ සිට පැතිරෙන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයි. අක්කර 77,000 ක හෙවත් හෙක්ටයාර් 30820 පමණ භූමියක් මෙයට අයත් වේ. අක්කර 10,000 ක් පමණ ජලයෙන් යට වී ඇත. වනෝද්‍යානයේ දළ වශයෙන් වල් අලි 250 ක් පමණ ජීවත් වෙති. මුවන්, ගෝනුන්, කුළු හරක්, නයි, රිලා වැනි සත්ත්වයෝ ඔබ මොබ හැසිරෙති. වැහිළිහිණි, උකුසු, බකුසු, පක්ෂීන් ද නිතර මෙහි ගැවසෙති. ගෝනවිද්දගල නිවාඩු නිකේතනය උඩවලවේ පිහිටි නිවාඩු නිකේතනයයි. ඊට අමතරව තිඹිරිමස්මන්කඩ, වෙහෙරගොල්ල, සිංනුගොල්ල වැනි නිකේතන 3 ක් පිහිටා ඇත. මෙම නිවාඩු නිකේතනවල නවාතැන් ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආයතනය මුදල් ගෙවා අවසර ලබා ගත යුතුය.
ඩී. ජී. අයි. නිර්මාල් කුමාර 7 ශ්‍රේණිය දිද්දෙණිය ම. වි.,
දිද්දෙණිය අම්මා
දසමස් කුස හොවා මා බිහි කළ අම්මේ
දඟකම් කරන විට ඔවදන් දී අම්මේ
රවිඳු මලීෂ නවරත්න 7 ශ්‍රේණිය, ධීරානන්ද විද්‍යායතනය,
තැඹිලිගස්මුල්ල. ගස්වැල් අපේ මිතුරෝයගස්වැල් පරිසරයේ ඇති වටිනා සම්පතකි. වැස්ස ලබා දීම, ආහාර ලබා දීම, පරිසරය අලංකාර කිරීම ආදි කාර්යයන් රැසක් සඳහා ගස්වැල් උපකාරී වේ. මිනිස්සු පමණක් නොව සත්තු ද ශාක මඟින් ආහාර ලබා ගනිති. ගස්වැල් නිසා වාතය පිරිසුදු වේ. මිනිසාගේ ජීවිතය පවත්වාගෙන යෑමට ගස්වැල් උපකාරී වේ. අපේ මිතුරන් වන ගස්වැල් සුරැකීම අපේ යුතුකමකි.
ඩී. කේ. කවිත්‍රි දිමාෂා අමරසිංහ 4 ශ්‍රේණිය නෙළුම්, ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය, තෝලංගමුව
දක්ෂ දරුවෝමලිඳුගේ වන වදුලෙන් ඇසෙන ආදර්ශවත් කතා
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මලිඳු
චාමන් සමරසේකර සිසුවා විසින් රචනා කරන ලද වන වදුලත් සමඟ ඇසෙන රසව
ළා බාල අවදියේ සිට සිළුමි දරුවන් අතර අත්‍යවශ්‍යයෙන් ම වර්ධනය විය යුතු ගුණාංග වන මෛත්‍රිය, අන් අයට පිහිටවීම, ආදර්ශය, උත්සාහය සහ ස්ථානෝචිත ප්‍රඥාව දියුණු කර ගැනීම මේ කෘතියෙන් දරුවනට ලබාගත හැකි උපදෙස් අතර වෙයි. සිය අත්දැකීම් උපයෝගී කර ගනිමින් කුඩා සිත් වසඟ කරගන්නා අයුරින් මෙන් ම ළමා සිත් ග්‍රහණය කර ගන්නා ආකාරයට මලිඳු මෙහි එන කතාන්දර රචනා කර ඇත්තේය. සෑම කතාවක් ම වනාන්තර, සතා සිවුපාවුන් ගහකොළ සහ ගම ඇසුරු කරමින් ඉදිරිපත් කිරීමට මලිඳු මේ කෘතියෙන් උත්සහා කර තිබේ. සිළුමිණ ටිකිරි හමුවෙන් බිහිවූ මේ ළමා ලේඛකයාට අපිදු සුබ පතමු.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |