![]() ![]() |
||
CN Steel ශක්තිය වැඩිදියුණු කිරීමට ජර්මානු තර්මෙක්ස් තාක්ෂණයශ්රී ලංකාවේ විශාලතම වානේ නිෂ්පාදකයෙකු වන CN Steel සමාගම මේ වනවිට සිය වානේවල උසස් තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා තර්මෙක්ස් සමාගම හඳුන්වා දී ඇති නවීනතම QST තාක්ෂණය භාවිතා කරයි. ලොව පුරා විශ්වාසය දිනූ ජර්මානු තාක්ෂණයක් වන එය නිවාස, විශාල ගොඩනැගිලි, පාලම් ඇතුළු ලොකු කුඩා ඕනෑම ඉදිකිරීමක් සඳහා ගැළපෙන ශක්තියෙන් අනූන වානේ නිපදවීමේ හැකියාව ලබා දේ. මෙම නවතම තාක්ෂණය නිසා CN Steel වානේ බාර් ඇතුළු අනෙකුත් සියලුම නිෂ්පාදනවල ශක්තිය, ප්‍රමිතිය හා කල්පැවැත්ම පෙරටත් වඩා ඉහළ ගොස් ඇත. ලෝ ප්‍රකට තර්මෙක්ස් තාක්ෂණයේ විශේෂ ගුණාංග ලෙස මලබැඳීම අවම කිරීම, ඉහළ උෂ්ණත්වයන්වලදී පවා රත්වීම අවම වීම සහ දැඩි බව ආදිය දැක්විය හැකිය. ඊට අමතරව දික් ගැසීමේ හැකියාව වැඩිවීම තන්‍යතාව, පෑස්සීමේ හැකියාව සහ නැවීමේ හැකියාව ආදිය දැක්විය හැකිය. ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුව CN Steel සමාගම තම නිෂ්පාදන සඳහා QST තාක්ෂණය භාවිතා කිරීමේ ප්‍රධානතම අරමුණක් වන්නේ තම පාරිභෝගිකයන්ට ඉහළම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සැපයීමයි. සමාගමේ වානේ බාර් නිෂ්පාදනය සිදුවන්නේ සුවිශේෂී ස්වයං-පදම්කාරක ක්‍රියාවලියක් යටතේ වන අතර ඒ මඟින් අඩු වියදමකින් වැඩි ශක්තියකින් යුතු වානේ බාර් නිපදවීමට හැකියාව ලැබේ. මේ ගුණාංග හේතුවෙන් ඒවා අද දවසේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ ප්‍රමුඛතම තේරීම බවට පත්වී ඇත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |