![]() ![]() |
||
බලශක්ති කාර්යක්ෂමතාවෙන් ප්‍රමුඛයා වෙමින් බ්‍රැන්ඩික්ස් රනින් පිදුම් ලබයි
බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් පිදෙන ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන 2014 ‘විදුල්කා’ රන් සම්මානයෙන් මෑතකදී පිදුම් ලැබුවේ බලශක්ති සංරක්ෂණය අතින් ශ්‍රී ලංකාවේ හොඳම කර්මාන්ත ශාලාව බවට පත් වෙමිනි. මෙම සම්මානය ප්‍රදානය කිරීම සඳහා ඇගයීමට ලක් කෙරුණු කාල පරිච්ඡේදයේදී විදුලිය පරිභෝජනය 34% කින් අති විශිෂ්ට ලෙස අඩුකර ගත් නිට්ටඹුව, වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුයුෂන්ස් ලිමිටඩ්, ලොන්ජරි කර්මාන්ත ශාලාව මෙම සම්මාන ප්‍රදානයේදී ‘මහා පරිමාණ නිෂ්පාදන’ අංශයේ ප්‍රධානතම සම්මානය දිනා ගන්නා ලදී. මීට අමතරව, මෙම සම්මාන ප්‍රදානයේදී බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් තවත් ව්‍යාපාරික ඒකකයක් වන රත්මලානේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුයුෂන්ස් ලිමිටඩ් හි, එසෙන්ෂල්ස් විසින් ‘වාණිජ ගොඩනැගිලි’ අංශයේ කුසලතා සම්මානයක් දිනා ගත්තේ පසුගිය වසර පහක කාලය මුළුල්ලේ සිය බලශක්ති කාර්ය සාධන මට්ටම වැඩිදියුණු කිරීම සඳහා ගත් සාර්ථක උත්සාහය වෙනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ ග්‍රීන් බිල්ඩින් කවුන්සලය විසින් හරිත කර්මාන්තශාලා සඳහා ලබාදෙන ලීඩ් රන් සහතිකය බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුයුෂන්ස් ලිමිටඩ් - එසෙන්ෂල්ස් කර්මාන්ත ශාලාව හිමිකරගෙන සිටී. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |