කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නිවාස ඉදිකිරීම සඳහා යෞවන දායකත්වය

නිවාස ඉදිකිරීම සඳහා යෞවන දායකත්වය

‘හැබිටෑට් ෆො හියුමැනිටි ශ්‍රී ලංකා’ සංවිධානය තරුණ පරපුරේ දායකත්වයෙන් ක්‍රියාවට නංවනු ලබන ‘නිවාස ඉදිකිරීම සඳහා යෞවන දායකත්වය’ වැඩසටහන මේ වසරේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ලෝකයේ අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුවට විසඳුම් සෙවීමයි. මේ ක්‍රියාත්මක වන්නේ ‘නිවාස ඉදිකිරීම සඳහා යෞවන දායකත්වය’ වැඩසටහනේ 4 වැනි අදියර වන අතර වසරක් පාසා එම වැඩසටහන වඩ වඩාත් පුළුල් වෙමින් පවතී. මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාව, ෆීජී, නවසීලන්තය, සිංගප්පූරුව සහ වියට්නාමය යන රටවල් ද එය සමඟ අත්වැල් බැඳගනී.

‘දායක වන්න, අදම ක්‍රියාත්මක වන්න, මිතුරන් සමඟ බෙදා හදාගන්න’ යන තේමාව අනුව සැලසුම් කර ඇති ‘නිවාස ඉදිකිරීම සඳහා යෞවන දායකත්වය’ වැඩසටහන මූලික වශයෙන් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීම, හිසට නිසි සෙවණක් තිබීමේ වැදගත්කම අවධාරණය කිරීම සහ ආසියා පැසිෆික් කලාපයේ නිවාස ගැටලුව විසඳීම සඳහා දැනුම්වත් කිරීම් සිදුකිරීමට මැදිහත් වීම ආදිය සඳහා තරුණ පරපුර පොලඹවයි. තරුණ තරුණියන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සම්බන්ධ කරගැනීම වැඩසටහනේ ඉලක්කය වේ.

2015 මාර්තු 21 දක්වා ආසියානු කලාපයේ රටවල් 15 කදී සහ විශේෂ පරිපාලක කලාපයකදී මේ සම්බන්ධ දැනුම්වත් කිරීම්, උපදේශන හා අරමුදල් රැස් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනු ඇත.

වැඩසටහනේ සමාප්ති දිනය වන 2015 මාර්තු 21 වැනිදා, ‘නිවාස ඉදිකිරීම සඳහා යෞවන දායකත්වය’ වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිස් එක්වී විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. නිසි නිවාස පහසුකම් නොමැති බිලියන 1.6 ක ජනතාවකගේ ගැටලුව පිළිබඳව ලෝකයේ අවධානය යොමු කරවීම මෙහි අරමුණයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]