කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වටවල වැවිලි සමාගම දෙස් විදෙස් ඇගයුම් ලබයි

වටවල වැවිලි සමාගම දෙස් විදෙස් ඇගයුම් ලබයි

ආර්ථික සමාජීය සහ පාරිසරික ක්ෂේත්‍රයන් හි සිදුකළ පරිවර්තීය වෙනස නිසා ජාතික හා ජාත්‍යන්තර සම්මානයන් ගෙන් ඇගයුම් ලැබීමට 2014 දෙසැම්බර් 17 වන දින සන්ෂයින් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත වටවල වැවිලි සමාගම සමත් විය.

මිනිසා, මිහිකත සහ ලාභය යන තෙවැදෑරුම් තිරසාර සංකල්පයට අනුව ව්‍යාපාරය මෙහෙයවීම හේතුවෙන් ලද ප්‍රතිලාභය, ඉහළ කළමනාකාරිත්වයේ සිට බිම් මට්ටමේ සාමාජිකයින් දක්වා ප්‍රශස්ථ ආකාරයෙන් බෙදී යෑම තුළ ජාතික සම්මාන 13 ක් සහ ජාත්‍යන්තර සම්මාන 2 කින් බුහුමන් ලැබීමට වටවල වැවිලි සමාගමට හැකි විය.

2014 වසරේ දී හිමිකර ගත් මෙම සම්මාන 15 අතුරින් 5 ක් රන් සම්මානයෙන් වශයෙන් දිනා ගැනීම ද විශේෂයෙන් සඳහන් කළ හැකි ය.

2014 වසරේ අවසන් මාස 4 තුළ ලද සම්මාන 13 සඳහා සමාගමේ නිෂ්පාදන සැකසුමේ සිට ආයතනික සමාජ වගකීම් වෙනුවෙන් නායකත්වය හැසිරවීම, බලශක්තිය පිරිමැසුම්දායි ලෙස යොදා ගැනීම මෙන්ම මානව සම්පත් සංවර්ධනය යන ක්ෂේත්‍රයන් හි සිදුවූ පරිවර්තනයන් ඇගැයීමට ලක්විය.

සම්මාන දිනා ගැනීමට වඩා අප විසින් සිදුකළ වෙනස්කම් තුළින් සැලකිය යුතු ආයතනික ප්‍රගතියක් සහ සේවකයින්ගේ ජීවන තත්ත්වයේ දියුණුවක් ඇති වීම හරහා සමස්තයක් ලෙස මෙම ක්‍රියාවලියට දායක වී සිටින සියලු දෙනාට ප්‍රතිලාභ හිමිවීම පිළිබඳව ඉමහත් සතුටක්. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් මෙම ක්ෂේත්‍රයේ සියලු අංශයන් ගෙන් විශිෂ්ටතම ආයතනය බවට පත් වීම අපගේ අරමුණයි.”

යනුවෙන් වටවල වැවිලි සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩෑන් සිවරත්නම් පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]