කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සන්ෂයින් හෙල්ත්කෙයාර් ලෝක දියවැඩියා දිනය සමරයි

සන්ෂයින් හෙල්ත්කෙයාර් ලෝක දියවැඩියා දිනය සමරයි

දියවැඩියා දිනය නිමිත්තෙන් සන්ෂයින් හෙල්ත්කෙයාර්, සිය සමාගම තුළ “සීනි වලින් තොර දිනයක්” ප්‍රකාශයට පත් කළේය. මීට අමතරව, දියවැඩියාව පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් ද සමාගමේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

“දියවැඩියාව යනු ඕනෑම අයෙකුට හටගත හැකි රෝගයක්. එය ශ්‍රී ලංකාව තුළ දැඩි අවධානයට යොමු විය යුතු ගැටලුවක් බවට පත්ව තිබෙනවා.” සන්ෂයින් හෙල්ත්කෙයාර් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බර්නාර්ඩ් ජෝෂප් මහතා ප්‍රකාශ කරයි. “සිය ජීවිතයම වෙනසකට ලක් කළ හැකි මෙම රෝගය පිළිබඳ ජනතාව අවධානය යොමු නොකිරීම ද බලවත් ගැටලුවක්. දියවැඩියාව පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතියට සම අනුග්‍රාහකත්වය ලබා දීමට අප ඉදිරිපත් වුණේ ඒ නිසායි.”

ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවන රටාව තුළ සිදු වී ඇති ක්ෂණික විපර්යාසය නිසා වර්තමානයේ මෙරට දියවැඩියාව වසංගතයක් බවට පත්ව ඇත. 2050 වසර වන විට සමස්ත ශ්‍රී ලාංකික ජනගහනයෙන් 25% ක් දියවැඩියා රෝගයට ගොදුරු විය හැකි බව සංඛ්‍යා ලේඛන විශ්ලේෂකයන්ගේ මතයයි.

සැබෑ දේශීය සමාගමක් ලෙස සන්ෂයින් හෙල්ත්කෙයාර් සමාගම, මිනිසාගේ යහපැවැත්මට සෘජුවම බාධා පමුණුවන මෙම රෝගයෙන් මෙරට ජනතාව මුදවා ගැනීම සඳහා නවීන දියවැඩියා ප්‍රතිකාර සහ එම රෝගය වළක්වා ගත හැකි ක්‍රමවේද දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි හඳුන්වා දීම වෙනුවෙන් කැප වී සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]