කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සියපත ෆිනෑන්ස් සමාගමේ 16 වැනි ශාඛාව රත්නපුරයේ

සියපත ෆිනෑන්ස් සමාගමේ 16 වැනි ශාඛාව රත්නපුරයේ

සියපත ෆිනෑන්ස් සමාගමෙහි අභිනව 16 වන ශාඛාව පසුගිය නොවැම්බර් මාසයේදී රත්නපුරයේ මහා වීදියේදී විවෘත කරනු ලැබිණි. පාරිභෝගික පහසුව යළි යළිත් තහවුරු කරමින් විශ්වාසයෙන් සහ ඉහළ ප්‍රමිතියේ උසස් මූල්‍ය පහසුකම් හා සේවා විසඳුම් මෙම නව ශාඛාව වෙතින් රත්නපුර ප්‍රදේශයේ ජනතාව වෙත පිරිනැමෙනු ඇත.

මූල්‍ය ක්ෂේත්‍රයේ නව්‍ය සේවා විසඳුම් හඳුන්වා දී ඒ තුළින් තම වර්ධනය ඉලක්ක කරනු ලබන සියපත ෆිනෑන්ස් සමාගම මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවර විශිෂ්ටතාවක් අත්පත් කරගැනීම, සිය අභිලාෂය කොට ගෙන ඇත. ඒ විශ්වාසය පිළිබඳව ද ඉහළ කීර්තියක් සතු කර ගනිමිනි. විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දැක්වූ සභාපති චන්න පලන්සූරිය මහතා “අප සතු වටිනාම සම්පත අප පාරිභෝගික පිරිවරයි. ඒ පාරිභෝගික පිරිවර වෙත ඉහළ ප්‍රමිතියෙන් යුතු පහසු සේවාවක් පිරිනැමීමට අප නිරතුරුවම කැප වෙනවා” යනුවෙන් පවසා සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]