කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඉන්දියාවට අසීමිතව හච් ඩේටා රෝමිං පහසුකම

ඉන්දියාවට අසීමිතව හච් ඩේටා රෝමිං පහසුකම

හච් සමාගම, සිය ජාලයේ ස්මාර්ට් ෆෝන් භාවිත කරන පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක් ලබා දීමේ අරමුණෙන් තවත් විප්ලවීය පියවරක් තබමින් පසුගිය දා ඉන්දියාවට අසීමිතව ඩේටා රෝමිං පහසුකම හඳුන්වා දෙන ලදී. අසීමිත ඩේටා රෝමිං සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ ලොව ඕනෑම තැනකට කෙටි පණිවුඩ යෑවීමට සහ අසීමිතව දේශීය ඇමතුම් ලබා ගැනීමට හැකියාව ලැබේ.

විදෙස් සංචාරවල නිරත වන බොහෝ පාරිභෝගිකයෝ තම සම්බන්ධතා අත්නොහැර පවත්වා ගැනීම සඳහා රෝමිං පහසුකම ලබාගන්නා නමුත් ජංගම දුරකථනයෙන් අන්තර්ජාල සම්බන්ධතාව පවත්වා ගැනීම සඳහා ඩේටා රෝමිං පහසුකම ලබා ගැනීමට තරමක මැළි බවක් දක්වති. ඊට හේතු වන්නේ ඩේටා රෝමිං සඳහා ගෙවිය යුතු ඉහළ ගාස්තුවයි. එහෙයින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිය පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ ඉන්දියාවට අසීමිත ඩේටා රෝමිං පහසුකම හඳුන්වා දීමේ මූලික අරමුණ වනුයේ විදෙස් සංචාරවල නිරත වන පාරිභෝගිකයින් තුළ ඇති මේ අනියත බිය අවසන් කිරීමත් ඔවුන්ගේ ගමනාන්ත කටයුතු වඩාත් පහසු කරවීමයි.

ඉන්දියාවට ඩේටා රෝමිං කියූ සැණින් අවබෝධ වන අයුරින්ම මෙම සේවාව ඉන්දියාව බලා යන සංචාරකයින් වෙනුවෙන් හඳුන්වා දී තිබේ.

ව්‍යාපාරික අරමුණු වන්දනා කිරීම සහ සංචාරය කිරීමේ අරමුණු ඇතුළු විවිධ වූ හේතුන් ගණනාවක් සඳහා වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඉන්දියාව බලා යති.

ලෝකය විශ්ව ගම්මානයක් වී ඇති මෙවැනි කාලයක ලොව කොතැනක සිටියත් සිය පාරිභෝගිකයින්ට අඛණ්ඩ වූ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාවය හොඳින් හඳුනාගත් හච් සමාගම මෙම සේවාව හඳුන්වා දීමට පියවර ගන්නා ලදී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]