කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සංවිධානය කළ උත්සවයේදී බස් රථ සඳහා හඳුන්වා දුන් සියැට් ‘බස් ස්පෙෂල්’ විශේෂ වට්ටම් පතක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පිළිගැන්වූ අවස්ථාව.

ටයර් අවශ්‍යතාවයෙන් අඩකට වඩා නිෂ්පාදනය කරන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෙරට පොදු ප්‍රවාහන වියදම් අඩු කිරීමට සහයෝගය ලබාදීම සඳහා බස් රථ වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද නව ටයරයක් හඳුන්වා දී ඇත.

‘සියැට් බස් ස්පෙෂල්’ යනුවෙන් සන්නාමකරණය කර තිබෙන මෙම ටයරය 9.00-20 නව ප්‍රමාණයෙන් යුක්ත වන අතර මෙහි කට්ට ගැඹුර මිලි මීටර් 16 ක් දක්වා ඉහළ නංවා තිබේ. සමාගම පවසන්නේ වැඩිදුර ප්‍රමාණයක් ධාවනය කළ හැකි මෙය රුපියල් 30,000 කට අඩුවෙන් මෙරට වෙළෙඳ පොළේ බස්රථ සඳහා මිලදී ගත හැකි එකම ටයරය බවයි.

ජාතික ගමනා ගමන කොමිසමේ නියාමනයට යටත්ව ශ්‍රී ලංකාවේ ධාවනය කරන පුද්ගලික බස් රථ 18,600 ඉලක්ක කරමින් නිපදවා තිබෙන මෙම සුවිශේෂී නව ටයරයේ බර කිලෝ 41.2 කි.

රජයට අයත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ප්‍රධාන ටයර් සැපයුම්කරුවා ලෙස දැනටමත් කටයුතු කරන්නේ සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]