කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
'චන්ද්‍රිකා - රනිල් පාලන කාලවල රාජ්‍ය ආයතන 93 ක් විකුණා දැම්මා'

'චන්ද්‍රිකා - රනිල් පාලන කාලවල රාජ්‍ය ආයතන 93 ක් විකුණා දැම්මා'

රනිල් මහත්මයා හා චන්ද්‍රිකා මහත්මිය පාලනය කළ අවදියේ රාජ්‍ය ආයතන 93 ක් විකුණා දැමු බව ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වන සිංගප්පූරු තමසේත් ආකෘතිය යනු ඉතිරි වී ඇති රාජ්‍ය සංස්ථා ආයතන සමාගම් බවට පරිවර්තනය කර ඒවායේ කොටස්, කොටස් වෙළෙඳ පොළේ විකිණීමට සැලැස්වීම බව සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසයි.

මේ මහා රාජ්‍ය දේපොළ කොල්ලයට විරුද්ධව කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයා විසින් ඉතිරි වී ඇති රාජ්‍ය දේපොළ හෙට උපදින දරුවා වෙනුවෙන් ඉතිරි කර ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ රාජ්‍ය දේපොළ පුද්ගලීකරණය පිළිබඳ මැතිවරණ පොරොන්දු ක්‍රියාකලාපය ලංකා කම්කරු සමිති සම්මේලනය හෙළා දකින බවත් ඒ මහතා පැවැසීය.

වසර තිහක් පුරා අවුල් වී අස්ථාවර වී ගිය රට ස්ථාවර කර රටේ සාමය හා කාර්මික සාමය ගොඩනැඟු නායකයකු තවදුරටත් රටට අවශ්‍ය බවත් පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රකාශනයේ “සිංගප්පූරු තමසෙත්” අනුව රාජ්‍ය ආයතන පුද්ගලීකරණ කිරීමේ ප්‍රතිපත්තිය දැඩි සේ හෙළා දකිමින් සමස්ත ලංකා කම්කරුවන්ගේ වෘත්තිය සමිති මේ වැඩපිළිවෙළට විරුද්ධව දැඩි සේ විරෝධය දැක්වීමට කටයුතු කරන බව සභාපතිවරයා අවධාරණය කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]