![]() ![]() |
||
‘ප්‍රා’ දොස්තර කවුද?
අද යහපාලනය ගැන කතා කරන මෙම වෛද්‍යවරයාට ඝාතනය කළ එක් ජවිපෙ සාමාජිකයකු සඳහා රුපියල් 25000 බැගින් ගෙවා ඇති අතර ඔහුගේ ඝාතන ලැයිස්තුවට කිසිඳු හිංසා ක්‍රියාවකට සම්බන්ධ නොවූ අහිංසකයන් ද ඇතුළත් වූහ. මේ දොස්තරගේ ප්‍රා කල්ලිය මඟින් මරා දැමු ජවිපෙ සාමාජිකයන් අතර එවක කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු වූ කේ. ඒ. සමන් (මරා දැමුණේ බොරැල්ල කින්සි පාරේ දී 17. 08. 1989), කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක පී. ජි. යූ. සද්ධාසේන (මරා දැමුණේ කෑගල්ලේදී 5. 10. 1989) කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක බී. කේ. එස්. ඩි. රිද්‍රිගු (මරා දැමුණේ 1989 අගභාගයේ දී) හා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක එම්. ඒ. දයාරත්න (මරා දැමුණේ 1990 මුලදී) ද වෙති. එවක ප්‍රා කල්ලිය උතුරේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ අතර මේ දොස්තර කුලියට මිනී මැරීමේ කොන්ත්‍රාත්වලට ප්‍රා කල්ලියේ සගයන් පුහුණු කිරීම සඳහා ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ නියෝජිතයන්ගේ ද සහාය ලබාගත් බව කියති. එම යුගයේ මේ වෛද්‍යවරයා මෙහෙයවූ ප්‍රා ඝාතන ලැයිස්තුවට ජවිපෙ සාමාජිකයන්ට අමතරව එජාපය, ශ්‍රීලනිපය හා වෙනත් වාමාංශික පක්ෂවලට අයත් වූ අහිංසකයන් ද බොහෝ ප්‍රමාණයක් වූහ. මේ පිළිබඳ එවක පළවූ පුවත්පත් වාර්තාවක් අනුව පක්ෂයෙන් පක්ෂයට පනින මේ දොස්තර එජාපයට මුලින්ම බැඳී ඇති අතර පසුව විජය කුමාරතුංග මහතා පිහිටුවූ මහජන පක්ෂයට ද එක්විය. මෙම භීෂණ දේශපාලන දොස්තර ඉන්පසු ගෙවී ගිය දසක දෙකකට අයත් කාලය තුළ උපාසකයකු ලෙස පක්ෂයෙන් පක්ෂයට මාරු වී ආණ්ඩු කීපයක ඇමැති තනතුරු දැරීමට ද සමත් විය. දැන් ඔහුගේ අලුත්ම ජොබ් එක වී ඇත්තේ රට අස්ථාවර කිරීම සඳහා යහපාලනය ගැන කතා කරමින් විරෝධතා ව්‍යාපාරයන් ගෙන යාමය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු webmanager@lakehouse.lk |