කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පාසල් හෙට ඇරේ

පාසල් හෙට ඇරේ

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් ආරම්භ කර තිබෙන පාසල් 68 සහ ජනාධිපතිවරණ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදා ගැ‍නීමට නියමිත පාසල් හැර අනිකුත් සියලු ම පාසල්වල 2015 පළමු පාසල් වාරය හෙට (5 වැනි සඳුදා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා ගුරුවරුන්, විදුහල්පතිවරුන් යොදවා ගැනීමටත් ගොඩනැඟිලි රැසක් ඡන්දය පැවැත්වීමට යොදවා ගැනීමටත් නියමිත හෙයින් 07, 08, 09 යන තෙදින නිවාඩු ලබා දෙනු ඇත‍. පාසල් නැවතත් ආරම්භ වන්නේ 12 වැනි දින ය. අතිඋතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන්ට නේවාසික පහසුකම් ලබාදෙන පාසල් ජනවාරි 11 වැනි දින සිට 15 වැනි දින දක්වා වසා තැබෙන අතර එම ‍පාසල් නැවතත් ආරම්භ වන්නේ 16 වැනි දින ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]