කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ගුණසිංහපුර නිවාස නවීකරණය වෙයි

ගුණසිංහපුර නිවාස නවීකරණය වෙයි

රුපියල් මිලියන 133.5 වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ කොළඹ 12, ගුණසිංහපුර මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හා ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම නිවාස ව්‍යාපෘතියේදී සිදුවිය.

“මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “ජනසෙවණ - නගමු පුරවර” මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ 36 වැනි නිවාස ව්‍යාපෘතිය වන්නේ ගුණසිංහපුර මහල් නිවාස ව්‍යාපෘතියයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.1985 වර්ෂයේදී ඉදිකළ ගුණසිංහපුර මහල් නිවාස සංකීර්ණය නිවාස 312 කින්, වෙළඳ සැල් 216 කින් සහ නීතිඥ කාර්යාල 8 කින් සමන්විත ව්‍යාපෘතියකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]