![]() ![]() |
||
මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි
බුද්ධි අංශ වාර්තා අනුව විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට 39 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි පෙන්වාදී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල මෙන් ම නගරයේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රියභාවය එකසේ රැඳී තිබෙන බවත් රටේ ස්ථාවර භාවය ආරක්ෂා කර මේ රටේ සංවර්ධනය වේගවත් කිරීමට නම් මේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව බහුතර ජනතාවගේ මතය වී තිබේ. ලක්ෂ 10 ක් පමණ වන තරුණ ඡන්ද ප්‍රමාණයෙන් ද අතිවිශාල බහුතරයක ඡන්දය තමන් පිළිගත් නායකයා ලෙස ජනාධිපතිතුමාට ලැබෙනු ඇතැයි බුද්ධි අංශ වාර්තාව කියයි. මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් සියයට 55.5 ක ප්‍රතිශතයක් ලබා ගන්නා බව දුරකථන මගින් පැවැත්වූ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කීය. 12000 ක් යොදාගෙන කරනු ලැබූ මේ සමීක්ෂණය අනුව ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙනු ඇත්තේ සියයට 38.96 ක ඡන්ද ප්‍රතිශතයකි. මේ සමීක්ෂණයෙන් ලැබී ඇති තවත් දත්තයන් වන්නේ සියයට 5.99 ඡන්දය ප්‍රතික්ෂේප කරනු ඇති බව ය. පන්දහසක නියැදියක් යොදාගෙන කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියයට 53 ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය අත්කර ගන්නා බව තහවුරු කර ඇත. මේ සමීක්ෂණයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා ගනු ඇතැයි සැලැකෙන ඡන්ද ප්‍රතිශතය සියයට 44 කි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |