![]() ![]() |
||
අලි එළවන්න වනජීවී ලොක්කාගෙන් නැකතක්
මේ සිදුවීම වන විටත් වෛද්‍ය අතපත්තුට අලි මෙහෙයුම සඳහා ආරාධනා ලැබී නැත. උද්ඝෝෂණය සඳහා මූලිකත්වය දැරුවේ දේශපාලනමය නොවන සංවිධානයක් ලෙස ගොඩ නැඟුණු “පහළ ඌව අලි ඇතුන්ගෙන් විපතට පත්වූවන්ගේ සංවිධානයයි”. එහි සභාපතීත්වය හා ලේකම්ධුරය පොඩි අප්පුහාමි හා සුනිල් රත්නායක යන මහත්වරුන් විසින් දරන ලදී. අවට ගම් සියල්ලේ ජනතාව සහභාගී වූ නිසා මෙය විශාල බලවේගයක් බවට පත්විය. සංවිධානය වූ පිරිස පැල්වත්තේ මෙන්ම වැල්ලවාය, මොනරාගල ආදී නගරවල ද උද්ඝෝෂණ හා සත්යග්රහ පැවැත්වූහ. පාර්ලිමේන්තු මැරතිවරණය අතළඟ තිබූ මොහොතක පැවැත්වුණු මේ උද්ඝෝෂණ නිසා විවිධ පක්ෂ එකිනෙකට නොදෙවෙනි පොරොන්දු මේ පිරිසට දෙන්නට විය. කෙසේ වෙතත් අවසානයේ රජය පෙරළිණි. රත්නසිරි වික්‍රමනායක මහතා හෙබ වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමුවැනි වතාවට බාර විය.
“මෙහෙයුම් කීපයක්ම අසාර්ථක වී තිබුණු බව දැනගෙන සිටි රත්නසිරි ඇමැතිතුමා මට කතා කරලා කීවා මේ වැඩ් බාරගන්න. කැමති විදිහට කරන්න. අලිත් බේරලා මිනිස්සුත් බේරා දෙන්න කියලා. ඒ වචනෙට මම පැහැදුණා. මොකද සමහරු කියන්නේ අලින්ට මොනවා වුණත් කමක් නෑ, මිනිසුන්ව බේරන්න කියලා. ඒක සාධාරණ නෑ.” මේ අතර ප්‍රසිද්ධ අන්තර්ජාතික සඟරාවක හඳපානාගල අලි ප්රශ්නය ගැන ලිපියක් පල වුණා. අලි ඇතුන් විඳින වෙදනාව ගැන කියලා පාඨකයන්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ තමයි අලින්ගේ සුබසිද්ධිය සලසන්න එහි සඳහන් එංගලන්තයේ බැංකුවක ගිණුම් අංකයට සොච්චම් මුදලක් ලෙස ඔවුන් සැලකූ ස්ටර්ලිං පවුම් 10ක් බැගින් බැර කරන්න කියලා. හැබැයි ඒ වෙනුවෙන් දාලා තිබුණු අලින්ගේ පින්තූරයේ පෙන්නලා තිබුණේ පින්නවල අලි රංචුවක්. ඒ අවට පරිසරය පින්තූරයෙන් ඉවත් කරන්න ඒ අයට අමතක වන්න ඇති. ඒත් කමක් නෑ, මට තිබෙන ප්රශ්නය ඒ එකතු වූ මුදලින් ශත කීයක් හඳපානාගල වේවා වෙනත් කොහේ හරි වේවා වෙඩි කාලා පණ රැකගන්න දඟලන අලියකුට බෙහෙත් උගුරක් අරන්දෙන්න, පොල් අත්තක්, කෙහෙල් බඩයක් අරන් දෙන්න අර පිංවතා වියදම් කළාද කියන එකයි.” කලකිරිම මුසු ආවේගයකිනි වෛද්‍ය අතපත්තු කතා කළේ. “අලින් පිළීබඳ මහා ප්‍රාඥයන් ලෙස පෙනී සිටින අය කියන යෝජනා පිළිගන්නවාද? අලුතින්ම යමක් කරනවාද කියා හිතාගන්න බැරිව ම අතරමං වෙලා ප්‍රදේශයේ හැමතැනම ඇවිද්දා. ග්‍රාමසේවක ගම්වැසියන් කර්මාන්ත ශාලාවේ අය ආදී හැමදෙනා එක්කම කතා කරමින් අධ්‍යයනයක් කරලා සුදුසුම පියවර ගන්නයි මට ඕනෑ වුණේ. පැලැස්තර විසඳුමක් දෙන්න මට ඕන වුණේ නෑ.” වෛද්‍ය අතපත්තු දැඩි අධිෂ්ඨානයකින් යුතුව කීවේය. මේ අධ්‍යයනය කිරීම්වලට මාස පහකට වඩා ගත විය. එහෙත් වෛද්‍ය අතපත්තු තවමත් කටයුතු අරඹන්නේ නැත. මේ පිළිබඳ ගමේ පිරිස මෙන්ම මාධ්‍යවේදීන් හා පරිසරවේදීන් ද සිටියේ අවදියෙනි. ඇතැම් පුවත්පත් නන්දන අතපත්තු මහතාගෙන් විමසුවේ තවමත් නැකත ආවේ නැද්ද කියාය.
“මම යෝජනා කළේ යාල තමයි හොඳ කියලා. ඒ කොච්චර කළත් උක් සුවඳට ඇදෙන අලි නවත්වන්න මානසික බාධකයක් හැටියට නොදියුනු ප්‍රාථමික ක්‍රමයක් හැටියට සලකන ගැඹුරු කාණු පද්ධතියක් හදන්න. ඒ වගේම ජෛව බාධක ලෙස අලින් අකමැති ගස් වර්ග, පඳුරු මායිමේ වවන්න. මේ හැම දේම සිදු වන්නේ අලින් පන්නා දැමුවාට පස්සේයි. මේ වැඩපිළිවෙළ විපතට පත් වූවන්ගේ සංවිධානය ඉහළින් ම පිළිගත්තා. රජයේ අනුමැතියත් ලැබුණා. නමුත් අර උදර පෝෂක සුළු පිරිස තදින් ම විරුද්ධ වුණා. මුලින්ම රජයට විරුද්ධව ඔවුන් විරෝධතා ව්‍යාපාර පටන් ගත්තා. දෙවැනුව ඇත් පැටවුන් අල්ලා ඇත් අතුරු සෙවණට දාලා පස්සේ ඇමැතිගේ ගෙදරට පන්නගන්න යනවා කීවා. ඒ කිසිදේකින් තීරණය වෙනස් නොවෙන බව දැනුණාම මට පහර ගහන්න ගත්තා. වෛද්‍ය අතපත්තු කීවේ සිනා මුසු මුහුනිණි.
“රටේ හතර කොනෙන්ම වන ජීවී නිලධාරීන් 70 ක් පමණ කැඳෙව්වා. වැඩේ ක්‍රියාත්මක
වෙනවාමයි කියා දැනුණු ගමන් කුලප්පු වුණු විරුද්ධවාදීන් කියන්න ගත්තා මෙයින්
තවත් අලි හැට හැත්තෑවක් මැරෙනවා. ඒ විතරක් නෙවෙයි වන ජීවී නිලධාරීන් පහළොවක්
විස්සක්වත් මිය යනවා කියලා. ඔවුන් ගේ උවමනාව වුණේ එහෙම කියලා අපේ නිලධාරීන්ගේ
හිත දුර්වල කරන්න. ඒත් සිදු වුණේ වෙන දෙයක්. ඒ කතාව අහපු අපේ නිලධාරීන් තවතවත්
මේ මෙහෙයුමට එන්න ඉල්ලුම් කරන්න ගත්තා. එහෙම වෙද්දි විරුද්ධවාදීන් රට පුරා
සම්මන්ත්රණ තියන්න ගත්තා අලින් මෙතැන සිටිය යුතු වන්නේ ඇයි කියලා. උඩවලව
සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ තිබූ සම්මන්ත්‍රණයට මමත් ස “ගමේ මිනිස්සුන්ටත් සතුටුයි. ඒත් අපි තාම නිහඬයි. ඒ නිසා පත්තරවලින් විමසුවා තවම නැකත උදා වුණේ නැද්ද කියලා. ඇත්තම කතාව අපට අවශ්‍ය ප්‍රතිපාදනවල අනුමැතිය ලැබෙන්නත් ඕන. වියළි කාලය වන අගෝසතු මාසය එළැඹිලා අපට අවශ්‍ය පසුබිම සකසෙන්නත් ඕන. රත්නසිරි වික්‍රමනායක ඇමැති තුමා වගේම අතිරේක ලේකම් ඒ.ඩබ්ලිව්.ඒ වීරවර්ධන සහ නියෝජ්‍ය අධ්යක්ෂ සැම්සන් සිල්වා මේ වැඩේට සම්පූර්ණයෙන්ම සහය දුන්නා. තෝරා ගත් නිලධාරීන් හැත්තෑ දෙනා ඇතුළු මෙහෙයුම් කණ්ඩායම සති දෙකක් කල් තියා හඳපානාගල වැව් ඉස්මත්තේ කඳවුරු ලාගෙන පෙර හුරුවට ගියා. අතිරේක ලේකම්තුමා ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා ඔහු කීවා අලි එළවන්න නැකතක් බලන්න වෙනවා කියලා. අපට එහෙම අදහසක් තිබුණේ නැහැ. ඒත් මේ වගේ ඉතාම භයානක, ත්‍රාසජනක, ජීවිතයත් මරණයත් අතර හැත්තෑදෙනකු පමණ නිරතවන දෙයකදී යමෙකුගේ විශ්වාසයට ඉඩ නොදී සිටිය යුතු නෑ කියා මමත් හිතුවා. ඒ පාර මගේ උපන්දිනයයි වෙලාවයි අරගෙන වීරවර්ධන මහත්මයාම ගණන් වගයක් කුරුටු ගාලා වෙලාවක් දුන්නා. අගෝස්තු 02 දා පස්වරු 2.42ට අලි එළවීමට සුබයි. ඔහු සටහන් කර දුන්නා.” (ලබන සතියේ -'හඳපානාගලට නැකත උදා වුණාද?') |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |