![]() ![]() |
||
අම්මා
මහා වාලුකා කතරේ
(පන්තිය සඳහන්ව නැත) බමුණුගම මහා විද්‍යාලය, මිරිහානේගම. වහිනවා වහිනවා
සුදු ඉරිද කහ ඉරිද අහසෙ තැන තැන දුවයි
විදුලි ඉරි ගිඟුම් දී ළමුන් බය කළ සැටී
පීල්ලෙන් වැටෙන ජල ශබ්දයේ ටක ටකේ
බලු පැටියා අඬ අඬා ගෙට දුවයි මෙහෙ හැරී
දෙවියනේ මේ මොකද විදුලිය ද ඇණ හිටී
කේ. එම්. ඒ. එච්. කුමාරසිංහ 7 ශ්‍රේණිය ‘ඩී’, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය, ඉබ්බාගමුව
ඉස්සර රස කතා
ඉස්සර කාලේ ආච්චිලා
හිරුදිනී කුමාරි විජේතිලක, 9 ශ්‍රේණිය ‘කිව්’, ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය, තෝලංගමුව.
ගුරු උපහාර!
ඇස් හිස් මස් ලේ
ඩී.එම්.කේ.ජී.ටී. දිසානායක, 2 ශ්‍රේණිය, දෙණිකේ ද්විතීයක පාසල, දෙණිකේ.
වැස්සකට පසු
අහස් දෙව්ලියගේ
ශ්‍රීමාලි අධිකාරි, 13 ශ්‍රේණිය ‘බී’ ‘කලා’, පුෂ්පදාන බා.ම.වි., මහනුවර. හැමදා නියං එක දා වැහි වලාවේ
පරිසරය වියළී ගොස් ගස් වැල් මළානික වී ඇත. රන් කරල් පැසී තිබූ ගොයම් පැළ මහා නියඟය නිසා විනාශ වී ඇත. වේල් තුනක් ආහාර ගත් ගම් වැසියන්ට ආහාරයට ගැනීමට කිසිවක් සොයා ගැනීමත් අසීරු විය. එදා මහා දිය කඳක් රඳවා තබා ගත් ඇළ වේලිවල ජලය සිඳී පතුලටම බැස ඇත. රන්වන් පැහැයෙන් කෙත්වතු වියළී ඉරිතලා ගොසිනි. මාස ගණනක් මෙලෙස ගතවිය. ගම් වැසියන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා බීමට දිය පොදක් නොමැති විය. එක් දිනක මුළු පරිසරයම අඳුරු විය. අහස වැහි වලාකුලෙන් බරවී ඇත. මහ පොළොව ගිගුරුම් දෙමින් හෙණ හඬ පැතිරී සැඬ සුළං හමා ආවේ ය. ගස්වැල් ඒ මේ අත ඇඹරෙමින් සුළං හැමී ය. අනතුරුව මහා වර්ෂාව ඇද හැළෙන්නට විය. කලකින් දුටු මහ වැස්ස නිසා ගම් වැසියෝ ප්‍රීතියට පත්වූහ. නියඟයෙන් වියළී ගිය ගස් වැල් නව පණක් ලැබුවා මෙන් කොළ පැහැයෙන් බැබළෙන්නට විය. එය දුටු මට සිහි වුණේ “හැමදා නියං එකදා වැහි වලාවේ” යන්න සත්‍යයක් ම බවයි.
දෙනුක චන්සිළු නවරත්න, 4 ශ්‍රේණිය ‘සී’, නාරංගොඩ පාලුව ප්‍රාථමික විදුහල, බටුවත්ත. කැඩපත
මාගේ දෙනුවනින්
ආර්.ඒ. හිරුණි සමීරා රණසිංහ 9 ශ්‍රේණිය ‘සී’, රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ.
තිරකඩ
සිත් පිත් නොමැති මිනිසෙකුව ඉපිද
හිරුණි සමීරා රණසිංහ 9 ශ්‍රේණිය ‘සී’, රත්නාවලී බා. වි., ගම්පහ
ටිකිරි හමුව දින දින නිති වැජඹෙන්න
හද රැඳි මතක කවි සිතුවිලි පුබුදන්න
ටිකිරි හමුව අප හමු වූ තෝතැන්න
කාලය කෙමෙන් රහසේ වියැකී යනවා
ගැදි පැදි කතා මල් සිත් සේ පුබුදින්න
ඉනෝකා හංසනී කුමාරි 13 ශ්‍රේණිය (කලා), බෞද්ධ මහා විද්‍යාලය, ගම්පොල.
සත්තු අපට බොහෝ දේ උගන්වති
ඇතැම් සතුන්ගෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝය. අපා, දෙපා, සිවුපා සහ බහුපා නම් සතුන් වර්ග රැසකි. ඒ අතරින් කූඹියා කුඩා සතෙකු වන අතර උගෙන් ගත හැකි ආදර්ශ ද බොහෝ වේ. කුහුඹින්ගේ එකමුතුකම ඉතාමත් අගනේය. ඔවුන් ආහාර සොයා යෑමේදී මෙන්ම බුක්ති විඳීමේ දීද එකමුතුව කටයුතු කරති. පායන කාලයේ දී කඩිසර කමකින් හා උනන්දුවෙන් ආහාර රැස්කර වැසි සමයේ දී ප්‍රයෝජනයට ගැනීමට තරම් ඔවුන් බුද්ධිමත්ය. කුහුඹුන්ගේ කඩිසරකම, උනන්දුව සහ එකමුතුකම අපට ආදර්ශයට ගත හැකිය. බල්ලා සහ බළලා වැනි සතුන්ගෙන් ද අපහට ගත හැකි ආදර්ශ බොහෝය. බල්ලා අප සතු සියල්ල ආරක්ෂා කරයි. අනතුරක් ඇති සැමවිටම බල්ලා බුරයි. එමෙන්ම දන්නා හඳුනන පුද්ගලයෙක් දුටු විට වලිගය වනයි. බල්ලා නිදාගන්නා අවස්ථාවේ දී තුන් වතාවක් කැරකී නිදයි. ඌ ආරක්ෂාව ගැන සිතන බව ඉන් පෙනේ. සතුන්ගේ සමඟිය, එකමුතුභාවය, පිරිසිදුකම සහ කඩිසරකම මිනිසාටත් මහඟු ආදර්ශයක් ගෙන දෙයි.
අනගි පංචාලි වික්‍රමනායක 7 ශ්‍රේණිය, විශාඛා බාලිකා විද්‍යාලය, සපුගස්කන්ද සාමාන්‍ය පෙළ සමත් වෙලා
මුල් ම පාසල් ගිය දවසේ ඩී.එම්.ටී.කේ. දිසානායක 12 ශ්‍රේණිය ‘ඒ’ (කලා), දෙණිකේ ද්. පාසල, දෙණිකේ.
සඳ යානයසඳට ගමන් කිරීම සඳහා මිනිසා විසින් සාදන ලද යානා සඳ යානා වේ. සඳ යානා රැගෙන යන්නේ රොකට්ටුවක් මඟිනි. සඳ වෙත ගුවන් ගත කළ පළමු සඳ යානය ‘ඇපලෝ 11’ නම් වේ. එය ගුවන් ගත කළේ 1969 ජූලි 21 වැනිදා ය. එහි ගමන් කළේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස් යන ඇමෙරිකානු ජාතික ගගනගාමීන් තිදෙනා ය. සඳ යානා මඟින් සඳ ගැන අප නොදත් බොහෝ තොරතුරු දැන ගන්නට ලැබිණි. අදටත් මිනිසා සඳ යානා ගුවන් ගත කරමින් තොරතුරු ලබා ගනියි.
නෙතුලි පූර්ණවී හඳුගල, 3 ශ්‍රේණිය ‘ඒ’, ඇස්සැද්දුම සුභාරතී විදුහල, කුලියාපිටිය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |